IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ශ්‍රීලනිපය කොතැනද? දිනුම එතැන

ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා, මහින්ද මෛත්‍රී හමුව, පක්ෂයෙන් ගිය අයගේ මන්ත්‍රීධූරවලට වෙන දේ, මහින්ද රාජපක්ෂට විනය ක්‍රියාමාර්ග නොගත් හේතු, යෝෂිත රාජපක්ෂට තනතුර ලැබුණු හැටි, සාම සාධක හමුදා වාරණය හා එ.ජා.පයෙන් ආ ආරාධනාව ගැන මෙවර සඳුදා හමුවට අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතායි.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවේ වර්තමාන තත්ත්වය කොහොමද?

පිළිතුර:- තාමත් අපි සාකච්ඡා කරමින් යනවා. අපි වැඩ කරනවා නම් වැඩ කරන කෙනා දිනවන්න තමයි අපි වැඩ කරන්නේ. නිකන් බොරුවට ඇවිල්ලා රඟපාන්න නෙවෙයි. ඉතින් ඒ ජයග්‍රහණය සඳහා අපි වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබෙනවා. ඒ ගැන තමයි සාකච්ඡාව යන්නෙ. හැබැයි අපේ පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වෙන්න ඕනෑ.
 
ප්‍රශ්නය:- පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නට තාමත් අවසන් තීරණයක් ගෙන නැද්ද?

පිළිතුර:- නැහැ. අවසන් තීරණයක් නැහැ. පක්ෂයක් විදියටනෙ තීන්දුව ගන්න වෙන්නෙ. හොඳම තීන්දුව තමයි ගන්නෙ. පක්ෂෙට හෝ පෞද්ගලිකව අපට ලැබෙන්නෙ මොනවද කියල නෙවෙයි රටට හොඳම තීන්දුවයි අපි ගන්නෙ.

ප්‍රශ්නය:- විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතරත් සාකච්ඡා සිදුවුණා. එතැනදි මොනවද සාකච්ඡා කෙරුණේ?

පිළිතුර:- ඇත්තටම ඒ සාකච්ඡාව වුණේ ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික මට්ටමින්. මට ඒ ගැන කියන්න තියෙන්නේ අසුබවාදී නෑ කියන වචනයයි. මොකද සම්පූර්ණයෙන් සුබවාදී කියල කියන්නත් මට බෑ.

ප්‍රශ්නය:- සන්ධානගතවීම සඳහා අවසන් වශයෙන් ප්‍රමුඛම කාරණා විදියට සැලකෙන්නේ මොනවද?
 
පිළිතුර:- අපේ කණ්ඩායමේ ප්‍රබලම ඉල්ලීම ලකුණ වෙනස් කරන්න කියන එකයි. පක්ෂයක් විදියට අපි කියන්නෙ ඒක. ඒගොල්ලත් ඒකට යම් යම් කරුණු ඉදිරිපත් කරනවා. කොහොම වුණත් අපි පක්ෂයක් හැටියට අද(30) පක්ෂ මධ්‍යම කාරක සභාවෙදි සාකච්ඡා කරල තීන්දුවක් ගන්නවා.
 
ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට ශ්‍රී.ල.නි.පය තීන්දුවක් ගෙන අවසන් යැයි මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මාධ්‍යට පැවසුවේ ඇයි එතකොට?

පිළිතුර:- පෞද්ගලිකව මටත් එහෙම කියන්න පු`ඵවන්. නමුත් පක්ෂය විදියට එහෙම තීන්දුවක් අරගෙන නෑ.
 
ප්‍රශ්නය:- කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක කිරීමට පක්ෂය ඇතුළෙන් යෝජනාවක් ආවද?

පිළිතුර:- වෙල්ගම මන්ත්‍රීතුමා එතුමාගෙ පැත්තෙන් යම් යම් යෝජනා අපට ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම තීන්දුවක් අරගෙන නෑ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු හැටියට කොහොමත් ඉදිරිපත් වෙන්නේ නෑ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිය මන්ත්‍රීවරුන්ට ගත් විනය ක්‍රියාමාර්ගවල තත්ත්වය මේ වනවිට කොහොමද?

පිළිතුර:- නෑ. ඒ තීන්දු එහෙමම ගන්නවා. කිසි වෙනසක් නෑ. පොදුජන පෙරමුණට ගිය අයත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට ගිය අයත් ඉන්නවා. ඒ දෙගොල්ලටම එකම විදියට තීන්දු ගන්නවා.
 
ප්‍රශ්නය:- විනය ක්‍රියාමාර්ගවල අවසානය මොකද්ද?

පිළිතුර:- මන්ත්‍රීධුරයත් නැති කරලා පක්ෂයෙන් අයින්කිරීම.

ප්‍රශ්නය:- එතකොට ඒ කාරණා මැතිවරණ කොමිසමට දැන්වීමට ඔබට සිදුවෙනවා නේද?
 
පිළිතුර:- පක්ෂෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන මට ඒ බව ලිඛිතව දැන්වූවාම මන්ත්‍රීධුරය අහෝසි වෙනවා.
 
ප්‍රශ්නය:- තමා වරදක් කළා නම් මහින්ද රාජපක්ෂ මහත්තයත් කළේ ඒ වරදමයි කියලා ඩිලාන් පෙරේරලා කියද්දී ඇහුණේ නෑ වගේ ඉන්නේ ඇයි?
 
පිළිතුර:- ඒවට වචනවලින් උත්තර දෙන්න අවශ්‍ය නෑ. පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙදි ගත්ත තීන්දුවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මධ්‍යම කාරක සභාව තීන්දු කළොත් කාට හරි විනයානුකූලව කටයුතු කරන්න ඒක සිද්ධවෙනවා.
 
ප්‍රශ්නය:- හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. දුර්වලයන්ට විතරද විනය ක්‍රියාමාර්ග ගන්නේ?

පිළිතුර:- නෑ. මෙතන එහෙම එකක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් කරනවා නම් අපිට මුලින්ම අයින්කරන්න තිබුණා. පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත වෙලාවේ ඒ කණ්ඩායමම පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න තිබුණා. අයින් කරන්න ඕන නෑ. මම නිකන් හිටියා නම් ඉවරයි. මම රට ගියා නම් ඉවරයි. මම ලියුම නොලියා හිටියා නම් ඉවරයි. නමුත් අපි එහෙම නොකළේ ඇයි? මේ දෙපාර්ශ්වය එකතු කරගන්න ඕන නිසයි.

ප්‍රශ්නය:- දුර්වලයන්ට වෙනම හැන්දක් ඇයි කියන එකයි ප්‍රශ්නය වුණේ?

පිළිතුර:- ඉන්න කියනකන්. අනෙක් කණ්ඩායම එහෙම නෙවෙයිනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයටත් දොස් කියලා අර්බුද ඇතිකරලා අපේ පක්ෂය වෙනුවෙන් කියලා කතා කරලා එක සැරේට ගියා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තදබල විදියට විවේචනය කළා. ඒ අය ඇමැතිකම් අරගෙන ඔක්කොම කරලනෙ ගියේ.
 
ප්‍රශ්නය:- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මාධ්‍යට කියලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දියවෙලා ඉවරයි කියලයි. ඇත්තත් ඒක නේද?

පිළිතුර:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තිබෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය කියලා මම කියන්නේ නෑනෙ. එහෙම කියන්නත් බෑනෙ. ඔය ගොඩක් කට්ටිය ගියාට පස්සේ යම් ප්‍රශ්නයකට මුහුණ පාලා තිබෙනවා. හැබැයි එක්කෙනෙක් ගියාම ඒ වෙනුවට තව කෙනෙක් පත්කරලා තිබෙනවා. කොහේවත් පුරප්පාඩුවක් නෑ. එක්කෙනෙක් යද්දි තව දහයක් එන්න ඉන්නවා. රට පුරා මේ වෙද්දි ශක්තිමත් සංවිධාන ජාලයක් හදලා තියෙනවා. අදත් උදේ පාන්දරම සංවිධායකකම් ඉල්ලාගෙන අපේ ගෙවල්වලට කට්ටිය එන්නේ ඇයි? මේ පක්ෂය එච්චරටම දුර්වල නම් එහෙම තත්ත්වයක් තිබෙන්න විදියක් නෑනෙ.

ප්‍රශ්නය:- මේ පොහොට්ටු සාකච්ඡාව හැරුණු විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණයට කියලා නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවාද?

පිළිතුර:- ජනාධිපතිවරණයට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. බොරුවට අපට ඉල්ලලා දිනන්න පුඵවන් කියලා කියන්න ඕන නෑ. ඒ නිසා තමයි අපට ආසන්නතම කණ්ඩායම හැටියට පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා කරලා රට දිනවන වැඩපිළිවෙලකට යන්නේ. ඒක අසාර්ථක වුණොත් තමයි විකල්ප ක්‍රියාමාර්ගවලට යන්නේ. සමහරවිට දේශපාලනය නොකර ඉඳීම වගේ දෙයක් වේවි.
 
ප්‍රශ්නය:- ඒ කියන්නෙ එ.ජා.ප අපේක්ෂකයා විකල්පවල නෑ?

පිළිතුර:- කිසිසේත්ම නෑ. එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන තැනක අපි නෑ.

ප්‍රශ්නය:- පොහොට්ටුවට සහාය නොදී වෙනම වේදිකාවක සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන විකල්ප වැඩකට ශ්‍රී.ල.නි.පය අවතීර්ණ වන බවටත් මාධ්‍ය වාර්තා පළ වුණා. ඒක නිවැරැදිද?

පිළිතුර:- නෑ. කොහේවත් එහෙම සාකච්ඡාවක් වෙලත් නෑ. අදහසක් ඉදිරිපත් වෙලත් නෑ.

ප්‍රශ්නය:- මධ්‍යම කාරක සභාවෙදි හරියටම අද අවසන් තීන්දුවක් ගන්නවද?
 
පිළිතුර:- මෙහෙමයි. අපි අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැතිනම් තව කාලයක් ගන්න පු`ඵවන්. නමුත් අපි අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා නම් 6 වැනිදාට පෙර තීන්දුවක් ගන්න ඕනෑ. මේක අද සාකච්ඡා වේවි. අවසන් තීන්දුවක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- 1994, 1999 දි පොදුජන එක්සත් පෙරමුණෙනුත් 2005, 2010, 2015 දි එක්සත් ජනතා නිදහස් සන්ධානෙනුත් ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයායි. එතකොට අවුරුදු විසි පහකට පස්සේ අපේක්ෂයකු ඉදිරිපත් කරන්න බැරි තැනට පක්ෂය වැටීම ගැන කනගාටුවක් නැද්ද?

පිළිතුර:- ඒක හරි ඉතින්. ඒ වුණාට අපි අපේ යථාර්ථය තේරුම්ගන්න ඕනනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා වෙන්වෙලා ගිහින් පක්ෂයක් හදලා තියෙනවා. ඒ වගේම වෙනම කණ්ඩායමක් ශක්තිමත් වෙලා තියෙනවා.

ප්‍රශ්නය:- යෝෂිත රාජපක්ෂව 2016 සිට ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යළි පිහිටුවන්නට ආරක්ෂක ඇමැතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය නිසා ඔහුට එරෙහිව පැවැති නාවික හමුදා පරීක්ෂණ යට යන තත්ත්වයක් මතුව තිබෙනවා. මේ තීරණය හරිද?

පිළිතුර:- මේක එතුමා තනි මතයට ගත් තීන්දුවක් නෙවෙයි. ඒ තීන්දුව ගත්තේ නාවික හමුදාපතිවරයාගෙනුත් විමසලා නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මතයි. ඒක සම්පූර්ණයෙන් නීත්‍යනුකූල තීන්දුවක්. යෝෂිත රාජපක්ෂ ඉන්ටඩික් කරලා නඩු ගියාට ඒවායින් වැරැදිකාරයෙක් වුණේ නෑනෙ. ජනාධිපතිතුමාටත් ළමයි ඉන්නවානෙ.

ප්‍රශ්නය:- ඒක මැතිවරණ දේශපාලනයට අනුව ගත්ත තීන්දුවක් නෙවෙයි ද?

පිළිතුර:- කිසිම ආකාරයක එවැනි බලපෑමක් නෑ. ජනාධිපතිතුමා තාමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලත් නෑ. එහෙම වාසියක් ගන්නත් නෙවෙයි. ජනාධිපතිතුමා කාටවත් සහාය දක්වනවා කියලත් නෑ. ඉතින් දේශපාලන වාසියක් වෙනුවෙන් එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නෑ.
 
ප්‍රශ්නය:- යුද හමුදාපති ධූරයට කළ පත්වීමට විරෝධය පාමින් සාම සාධක හමුදා සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් බඳවා නොගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. මෙය ආරක්ෂක අංශවලට අවාසියක් නෙවෙයිද?

පිළිතුර:- එහෙම තීන්දුවක් ගත්තා නම් මේක යම් අවාසියක් තියෙනවා. ඒත් මේක සාකච්ඡා කරලා විසඳාගන්න හැකි වේ යැයි මම හිතනවා. අපිට තීන්දු ගන්න වෙනකොට එක පැත්තක් හොඳ වෙද්දි එක පැත්තක් හොඳ නෑ. මේ රටේ සිංහල ජනතාව බහුතරයකගේ ඉල්ලීමක් තිබුණා ශවේන්ද්‍රව හමුදාපති කරන්න කියලා. ජනාධිපතිතුමා ඉතින් ඒ තීන්දුව ගත්තා. ඒකට ජාත්‍යන්තරයෙන් යම් බලපෑමක් ඇවිත් තියෙනවා. ඒවා කළමනාකරණය කරගැනීමට ඉදිරියේදී පත්වන ආණ්ඩුව සමත්වෙන්න ඕනෑ. ඊළඟට පත්වෙන ජනාධිපතිවරයාට ආණ්ඩුවට ඒ හැකියාව තියෙන්න ඕනෑ.
 

ප්‍රශ්නය:- එහෙම කිව්වට ඊළඟට පත්වෙන ජනාධිපතිවරයාට මේ ජනාධිපතිට තරම්වත් බලයක් නෑ කියලනෙ කියන්නේ?
 
පිළිතුර:- ඇත්ත. ඇත්ත. මේ ජනාධිපතිවරයාට අමාත්‍යංශ දරන්න පු`ඵවන්. අලුතින් පත්වෙන ජනාධිපතිවරයාට වඩා මේ ජනාධිපතිවරයාට යම් බලතල ප්‍රමාණයක් වැඩියි. කවුරු ආවත් දැන් තරම් ප්‍රබල ජනාධිපති කෙනෙක් පත්වෙන්නේ නෑ.
 
ප්‍රශ්නය:- අලුත් ජනාධිපති කෙනෙක් ආවත් ආණ්ඩුව මේකමයි. කඩිනම් මහමැතිවරණයකට යා යුතු යැයි ඔබ හිතනවද?

පිළිතුර:- කඩිනමින් කැඳවන්න බෑනේ. අවම වශයෙන් අලුතින් පත්වන ජනාධිපති මාස තුනක් මේ ආණ්ඩුව කරන්න වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙලා තියෙන්නේ එහෙම. ඒකට පිටින් යන්න කාටවත් බෑ.
ප්‍රශ්නය:- ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි කියලාත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප සමු`ඵවේදි කිව්වා. කොහොමද මේ කතා තේරුම්ගන්නේ?
 
පිළිතුර:- දැනටම ඒක ඔප්පු වෙලා ඉවරනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනෙක් දිනවන්න බෑ. ඒකෙ ආයේ දෙකක් නෑ. ඒකනේ අපිට හැම පැත්තෙන්ම කතා කරන්නේ.

ප්‍රශ්නය:- හැම පැත්තෙන්ම කියන්නේ එක්සත් ජාතික පක්ෂයක් කතා කළාද?
 
පිළිතුර:- ආරාධනා කරලා තිබෙනවා. නිල වශයෙනුත් ආරාධනාවක් එවලා තිබෙන බව මට දැනගන්න තිබෙනවා. නමුත් අපි ඒගොල්ල එක්ක සාකච්ඡා කරනවා කියලා තාම තීන්දුවක් අරගෙන නෑ.
 
ප්‍රශ්නය:- මේ ජනාධිපතිවරණයේදි දෙවැනි මනාපය මොන වගේ බලපෑමක් කරාවිද?
 
පිළිතුර:- දෙවැනි මනාපය ගැන අහන්න වෙන්නේ අපෙන් නෙවෙයි. ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනා සීයට පනහට ආවේ නැත්නම්, උදාහරණයක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සීයට පනහට එන්න බැරි වුණොත් දෙවැනි මනාපය ගණින්න වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සෙසු අපේක්ෂකයන් ඉදිරිපත් වූ පක්ෂවලින්.

ප්‍රශ්නය:- ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවැනි මනාපය වැදගත් නැද්ද?

පිළිතුර:- අපි වෙනම තරග කළොත් අපේ දෙවැනි මනාපය ඉතාමත්ම වැදගත්.

ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණත් පොදුජන පෙරමුණත් තමන්ගේ දෙවැනි මනාපය කාටවත් දෙන්න එපා කියනවා. එතකොට ශ්‍රී.ල.නි.පය කියන්නේ මොකද්ද?

පිළිතුර:- මේක අහන්නකෝ. පක්ෂ නෙවෙයිනේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරනවා කියලත් තීන්දුවක් අරගෙන නෑනෙ. වෙනම තරග කළොත් තමයි ඒක තීරණය කරන්න වෙන්නේ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ ගණන් හිලව් ගැනත් මැතිවරණ වේදිකාවල කතා වෙනවා. ශ්‍රී.ල.නි.පයට තක්සේරුවක් තියෙනවාද?

පිළිතුර:- මෙහෙමයි. මට එක දෙයක් කිවහැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතැනද හිටගන්නේ ඒ අපේක්ෂකයා තමයි ජයගන්නේ. ඒක ඉර හඳ පායනවා වගේ විශ්වාසයි.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ



අදහස් (7)

ශ්‍රීලනිපය කොතැනද? දිනුම එතැන

rana Monday, 30 September 2019 06:18 AM

මෙවර පන්දම් නැතිව ඉන්න. එවිට පොහොට්ටුව හාන්සි. අපේ ශ්‍රී ලංකා පක්ෂයෙන් මහා ඡන්දයට එන්න.දිනුම නියතයි. හැබැයි පළමුව නායකත්වය වෙනස් කර ගන්න.

:       83       34

vipula Monday, 30 September 2019 11:00 AM

මෙච්චර පක්ෂේ විනාශ කරලා තවත් බයිලා කියවනවා . 2015 න් පසු ප්‍රධාන පක්ෂ දෙකම එහි නායකයන් විසින් විනාශ කරන ලදි.

:       0       11

haramanis Monday, 30 September 2019 03:59 PM

යන්නකෝ යූඑන්පී එකට....

:       0       11

gamaathi Tuesday, 01 October 2019 05:05 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුනොත් දිනුම කොහේද ?

:       0       0

sam Tuesday, 01 October 2019 06:48 AM

ශ්‍රී ලංකා එක,යූ.එන්.පී එක නැත්නම් 2015 ඉඳලා 2018 වෙනකම් කොහෙද හිටියේ?

:       0       0

sisira Wednesday, 02 October 2019 10:04 PM

පරණ තැටිය තවමත් ගහමින් මෙයා ඔහේ පරණ වෙනවා

:       0       0

nimal Thursday, 03 October 2019 09:52 AM

බයිලා ඔස්තාර්ලා... බැරිද මේ අයව ගෙදරම යවන් සදහටම...? පිස්සුද මන්දා. දැන් කොණ්ඩේ බැඳපු අය ඕවා ගණන් ගන්නේ නැහැ මහත්තයෝ..

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site