IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සටන ඇරැඹෙයි

දේශපාලන අලකලංචි හා නඩුහබ මැද ජනාධිපති සටන ආරම්භ වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ අතර ඉදිරියේදී සටන තීව්‍ර වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දේශපාලන කරළියේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වෙනුවෙන් ඉදිරියේදී කරට කර සටනක් නිර්මාණය වනු ඇති බව හා ඒ වෙනුවෙන් අනෙකුත් අපේක්‍ෂකයන්ගේ වක්‍ර සහාය හිමිවනු ඇති බවය.

මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම සජිත් ප්‍රේමදාසද පරිසර හිතකාමී ප්‍රචාරක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී සිටිති.

ඒ සුබවාදී පොරොන්දුවකි. ඒ අනුව නාම යෝජනා බාරදීමෙන් පසුව පොලිතින් වලින් තොර සටනක් ඇතිවිය හැකි අතර මැතිවරණ කොමිසම අපේක්‍ෂා කර ඇත්තේද පොලිතින් හා පෝස්ටර් ආදියෙන් තොර ප්‍රචාරක වැඩපිළිවෙලක් පිළිබඳවය
.
මේ අතර දේශපාලන ඉලකලංචි මැද තවත් අපේක්‍ෂකයන් කිහිප දෙනෙකුගේ නම් කරළියට පැමිණ තිබේ. ඉකුත් දිනවල ආරංචි පැතිර ගියේ චමල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, ශිරන්ති රාජපක්‍ෂ යන අයද ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස හෝ දේශපාලන ව්‍යාපාරයක නමින් හෝ ඇප මුදල් තැන්පත් කරනු ඇති බවටය. එහෙත් ඒ කිසිවක් තහවුරු වී නොතිබුණු අතර ඉදිරියේදී දේශපාලන අලකලංචි කීපයක් සිදුවනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙවර ජානාධිපතිවරණයේදී තරඟ කිරීම සඳහා අපේක්‍ෂකයන් විස්සකට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ වනවිට ජානාධිපති අපේක්‍ෂකයෝ විසි දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කර සිටිති.

ඇප මුදල් බාරගන්නා අවසාන දිනය ඉරිදාවන අතර එදින දහවල් 12 ට පෙර ඇප මුදල් තැන්පත් කළ යුතුය.
ජනාධිපතිවරණයට දේශපාලන පක්‍ෂයකින් හෝ ස්වාධීනව හෝ තරඟකරත් නම් අනිවාර්යෙන්ම ඇප මුදල් තැන්පත් කළ යුතුය. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයකු වෙනුවෙන් රුපියල් පනස් දහසක්ද ස්වාධීන අපේක්‍ෂකයකු වෙනුවෙන් රුපියල් හැත්තෑපන්දහසක්ද ආදී වශයෙන් ඇප මුදල් තැන්පත් කිරීම අනිවාර්යය. එහෙත් එම ඇප මුදල පිළිබඳව මැතිවරණ කොමිසම සතුටු වන්නේ නැත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනුයේ ජනාධිපති අපේක්‍ෂකයකුගෙන් මීට වඩා ඇප මුදලක් අය කළ යුතු බවය.

දැන් අපේක්‍ෂකයෝ දහය පහළොව එහෙමත් නැත්නම් විසි ගණනක් වුණත් තරගයට ඉදිරිපත් වෙනවා. ඒ නිසා බැලට් පේපර් එක දික් වෙනවා. මැතිවරණ කොමිසමේ කාලය නිලධාරීන්ගේ කාලය නාස්ති වෙනවා. අනවශ්‍ය ලෙස අපේක්‍ෂකයන් දැම්මොත් කොමිසමට සෑම අපේක්‍ෂකයකුටම සමාන ලෙස සලකන්න වෙනවා. ගුවන් කාලය රජයේ මුදල් මේ සියල්ලම නාස්ති වෙනවා. මේක සීමා කරන්න ඕනෙ. ඒ නිසා ඇප මුදල සැලකිය යුතු ගණනකින් වැඩිකළ යුතු බවට අපි යෝජනා කරනවා යනුවෙනි.

මේ අතර ඉකුත් දිනවල ඇප මුදල් සම්බන්ධයෙන්ද ගැටලුකාරී සහ අලුත් ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු වෙන බවත් පෙන්නුම් කළේය. ඇතැම් දේශපාලන පක්‍ෂ කිසියම් අපේක්‍ෂකයකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පසුව අවශ්‍ය වුවහොත් එම අපේක්‍ෂකයා ඉවත් කළ හැකිද එම නම වෙනුවට වෙනත් නමක් ඉදිරිපත් කළහැකිද ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් මැතිවරණ කොමිසමෙන් විවිධ පාර්ශ්ව විමසා තිබිණ. මැතිවරණ කොමිසමටද එම ප්‍රශ්නවලට සෘජු ලෙස පිළිතුරු දෙන්නට හැකි වුණේ නැත.

එහෙත් කොමිසමේ එකඟතාවයෙන් සියලු දෙනා සමග සාකච්ඡාකොට එවැනි තත්ත්වයකට පැහැදිලිවම ඉඩ ප්‍රස්ථාව ඇති බව මැතිවරණ කොමිසම අවබෝධකරගෙන තිබිණ.

කිසියම් අපේක්‍ෂකයකු දේශපාලන පක්‍ෂයකින් ඇප මුදල් තැන්පත් කරලා පක්‍ෂයේ ලේකම්වරයා මගින් නාම යෝජනා පත්‍රයක් අත්සන් කරගෙන දේශපාලන පක්‍ෂය මාරු කළොත් එහෙම නැත්නම් විදේශ ගත වුණෙත් මොකද වෙන්නේ. ඒ නිසා පක්‍ෂයේ නායකයාට ලේකම්ට වෙනත් නමක් ඇතුළත් කර ගැනීමට ඉඩ තිබෙනවා. පක්‍ෂ ලේකම්වරයා ලිපියකින් කොමිසමෙන් ඉල්ලීමක් කළොත් අයට අපේක්‍ෂකයාගේ නම වෙනස් කරන්න පුළුවන් යැයිද මැතිවරණ කොමිසමේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැහැදිලි කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කරන්නේ 2018 ඡන්ද හිමි නාමලේඛණය හේතුවෙන් තරුණ ඡන්ද ලක්‍ෂ තුනකට ඡන්දය දීමේ අවස්ථාව අහිමි වී තිබේ. මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට ඡන්දය භාවිත කරන්නන්ගේ වයස අවුරුදු 19යි මාස 6 ක් වන බවට ගණන් බලා තිබේ. ඊට හේතුව 2018 ඡන්දහිමි නාමලේඛණය භාවිතයට ගැනීමයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වු වහාම පරිපූරක ලේඛනයකට නම ඇතුළත් කොට ඔවුන්ට ළගම ඡන්දයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසාදීමට නව නීතියක් සකස් කිරීමට විවිධ පාර්ශව උත්සාහ ගත්තේය. මැතිවරණ කොමිසමේ උනන්දුව හා යෝජනාව මත එවැනි නීතියක් කැබිනට් මණ්ඩලයේදී සම්මත වී ඇති නමුත් ඉන් ඉදිරියට සිදුවිය හැකි නීතිමය ක්‍රියාමාර්ග  කිසිවක් තවමත් ගෙන නොමැත. ඒ නිසා පළමුවරට ඡන්දය දීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට මෙවර එම අවස්ථාව අහිමිවේ.

ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා අනවසර ප්‍රචාරක කටයුතු වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සුදානම් වේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන්නන්ට නඩු පැවරීම පිළිබඳ කටයුතු සහ එකී වැරදි සිදු කරන ස්ථාන පරීක්‍ෂා කිරීමට යෑම සඳහා සාම නිලධාරීන් පත්කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද සාම නිලධාරීන් ලෙස පත්කොට තිබෙන අතර ඔවුන්ට බලය පවරා තිබේ.

සාමාන්‍යයෙන් මැතිවරණ නීති රීති උල්ලංඝනය කළ අවස්ථාවලදී පොලිසිය නඩු පවරන ආකාරය අනුව ඉතා සුළු දඩුවමක් හිමිවෙන නමුත් සෑම නිලධාරීන් මගින් නීතිමය කටයුතු සිදුකළ පසුව නිසි දඩුවම් ලබාදීමට හැකිවනු ඇතැයිද මැතිවරණ කොමිසමේ විශ්වාසය වී තිබේ.

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්වීමක් ඉකුත් සඳුදා පැවැත්විණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළකරන දේශපාලන පක්‍ෂවල නායකයන් සඳහා පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයට රැස්වූයේ ඒ සඳහා සහභාගි වීමටය. පක්‍ෂනායකයන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ ගෝඨාභයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙනි. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන රොමේෂ් සිල්වා, අලි සබ්රි සහ මනෝහරන් ද ඒ අවස්ථාවේ විපක්‍ෂ නායක නිල නිවසට රැස්ව සිටියහ.

නීතිඥයෝ පක්‍ෂනායකයන් හමුවේ කරුණු පැහැදිලි කළහ. නීති තර්ක විතර්ක ගෙනහැර පාමින් ගෝඨාභය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරන ආකාරය පැහැදිලි කළහ. එහිදී මහින්ද රාජපක්‍ෂ කීවේ “නඩු නම් ඉතින් අපි කීයකට පැටලුව ද? මේවා දේශපාලන පළිගැනීම්. මෙතන නීතියට පටහැනි දෙයක් වෙලා නැහැ. හැම දේම නීත්‍යනුකූල ලෙසයි කරලා තියෙන්නේ” යනුවෙනි. ගෝඨාභය රාජපක්‍ෂ ද එහිදී කරුණු පැහැදිලි කළේය.
එහිදී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂනායකයන්ට තවත් කරුණක් පැහැදිලි කළේය. “මම ජනාධිපති තුමාත් එක්ක සාකච්ඡා කළා. ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම පොහොට්ටුව වෙනස් කරන්න. පොදු ලකුණක් අවශ්‍ය බව කියනවා” යැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ අදහස මහින්ද පක්‍ෂනායකයන්ට පැහැදිලි කළේය. මහින්දගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ වාසුදේව ද අදහස් දැක්වීය. අපි දැන් සෑහෙන්න දුරක් කැම්පේන් එක ගෙනිහින්. ගඟ මැදදි බෝට්ටු මාරු කරන්න බැහැ. ඕක මුලින් කරන්න තිබ්බා. අපි ජනාධිපතිවරයාට කරුණු කාරණා තේරුම් කරලා දෙමු. මේ වෙලාවේ මෙහෙම යමු. අපිට මහ මැතිවරණයේ දී පොදු ලකුණකින් එන්න පුළුවන් යැයි වාසු කීවේය.

එහිදී පක්‍ෂ නායකයන් සියලු දෙනා එක්වී විපක්‍ෂ නායකවරයාට බලය පැවරුවේ පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡා ඉදිරියට ගෙන යාමටය.

මේ අතර ඉකුත් සෙනසුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්විණ. මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී එම හමුව පැවැත්විණ. පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ද ප්‍රධාන මාතෘකාව වූයේ ගෝඨාභයගේ නඩු කටයුත්ත ගැනය. මහින්ද සහ ගෝඨාභය සියලු දෙනාටම කරුණු පැහැදිලි කළහ.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සම්මේලනය 02 වැනි දා කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී පැවැත්විණි. එම සමුළුවට සහභාගි වීමට ගිය ගෝඨාභයට වැහැර ක්‍රීඩාංගණයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් හමුවෙන්නට අවස්ථාව ලැබුණි. පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට විවිධ තරාතිරමේ නිලධාරීහු පිරිසක් මෙහි වූහ.
 
තමන්ට විඳින්නට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් නිලධාරීහු මෙහිදී ගෝඨාභයට කරුණු ඉදිරිපත් කළහ. එම ගැටලුවලට සාවධානව කන්දුන් ගෝඨාභය ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න, උසස්වීම් ගැටලු, දීමනා යනාදිය සම්බන්ධයෙන් තමා ඉදිරියේ දී සොයා බලා විශේෂ වැඩපිළිවෙළක් සකසන බවට ප්‍රතිඥා දුන්නේය.
 
ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය හමුවේ පළමුවරට විභාගයට ගැනුණේ 02 වැනිදාය. මෙම පෙත්සම සම්බන්ධයෙන් ඇතැම් නීතිඥයන්ගේ තිබුණේ දැඩි විරෝධයකි. ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් සිල්වා, ගාමිණී මාරපන, පාලිත කුමාරසිහං, කුෂාන් ද අල්විස්, අලි සබ්රි ඇතුළු නීතිඥයන් 300ක පමණ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්ව සිටීම සුවිශේෂී කරුණකි. අභියාචනාධිකරණයේ 301 කාමරයේ කැඳවීමට තිබූ නඩුව විශාල නීතිඥ සංඛ්‍යාවක් පෙනී සිටීම නිසා කැඳවූයේ වෙනත් ශාලාවකය.
 
ඊට අමතරව පෙත්සම විභාගයට ගැනෙන අවස්ථාවේ දී සුසිල්, කෙහෙළිය, අනුර, ප්‍රසන්න ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද එහි ගොස් සිටියහ. විශේෂ සිදුවීම වූයේ නිමල් සිරිපාල ද එම අවස්ථාවට එක්ව සිටීමය. පෙත්සම් විභාගය පසු දිනට කල්තැබුණු පසු මන්ත්‍රීවරුන් කතාබහ කරමින් සිටියේ ගෝඨාභය ඉලක්ක කරමින් ආණ්ඩුව ගෙනයනු ලබන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ගැනය.
 
“දැන් මේ අය උත්සහ කරන්නේ කකුල් මාට්ටු දාලා හරි රේස් එකෙන් දිනන්නයි. මේ නඩුව දැම්මත් එක්කම ඒ අය පරාජයත් පිළිඅරන් ඉවරයි. කොච්චර උඩ පැන්නත් සජිත් එනවා සජිත් එනවා කියලා ගෝඨාභය එනවට මේ අය බය බව දැන් ඔප්පු වෙලා තියෙන්නේ” ප්‍රසන්න කීවේය.

“අනික් පැත්තට ගත්තොත්. දැන් බලන්න අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් කියන එක දැන දැනම මහ බැංකුවේ අධිපති තනතුරට පත්කළා. ඔය එන්. ජී. ඕ. කාක්කෝ එක්කෙනෙක්වත් අද වෙනකම් ඒ ගැන කතා කරලා තියෙනවද? මහ බැංකුව මංකොල්ල කාලා පැනපු හොරා ගැන කතා නොකරන අය ජනාධිපතිවරණය කිට්ටු වෙද්දි උසාවි ගාණේ රස්තියාදු වෙන්නේ ගෝඨාභයගේ නියත ජයග්‍රහණය ගැන දැනගෙනයි” සුසිල් කීවේය.
 
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගැනීමටත් පෙර සිටම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදුකරන බවට මේවනවිට චෝදනා නැගී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයට දිනපතා මෙවැනි පැමිණිලි රැසක් ලැබෙමින් පවතියි. මේ ගැන දැඩි අවධානයට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පොදුජන නීතිඥ සංගමයේ ක්‍රියාකාරීන්වන නීතිඥ අතුල ද සිල්වා, නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇතුළු හිතවත් නීතිඥයන් කිහිප දෙනෙකු කැඳවා පසුගිය සතියේ උපදෙස් දුන්නේ මේ සම්බන්ධයෙන් දැඩි හා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය. තමාට දිනපතා විශාල වශයෙන් එවැනි පැමිණිලි ලැබෙන බවත්, මැතිවරණ කොමිසමටත් මෙම පැමිණිලි මෙහෙයවීම අපහසුවී ඇති බවත් පැවසූ බැසිල් නෙලුම් මාවතේ පක්ෂ කාර්යාලයේ තමන්ගේ කාර්යාලයට ඉතා සමීපයෙන් පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ කාර්යාලය පිහිටුවන ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර මඩ ගසන පුද්ගලයන්ට නඩු පැවරීම වේගවත් කරන ලෙසත් උපදෙස් දුන්නේය. ඒ අනුව පසුගිය අගහරුවාදා උදේ  සභාපති ජනාධිපති නීතිඥ දයාරත්න මහතා ඇතුළු නීතිඥයන් පිරිසකගේ ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පක්ෂ කාර්යාලයේදී මෙම නීතිඥ කාර්යාලය විවෘත කෙරුණි.

කස්තුරි

 



අදහස් (1)

සටන ඇරැඹෙයි

ලුම්බිණි Saturday, 05 October 2019 08:19 AM

මම හිතුවේ නීතිඥයින් 300ක පමණ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීම නොමිලේ කළදෙයක් නොවෙයි කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17734 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site