ඕනෑම සමාජයක යහපත් සංස්කෘතියක් බිහිවීමට පදනම් වන්නේ, ආගමයි. එලෙසම සංස්කෘතිය පෝෂණය කරන ප්‍රමුඛතම සාධකයක් වන්නේ, සාහිත්‍යයයි. ලෝකයේ බොහොමයක් නිර්මාණ බිහිවී තිබෙන්නේ ඒ ඒ ජාතීන්ගේ සංස්කෘතිය පදනම් කරගෙනය. නිර්මාණ හා සංස්කෘතිය අතර ගැළපීම අඹුසැමි සම්බන්ධතාව වැනි යැයි වියතුන් පෙන්වා දෙන්නේ ඒ නිසාය. වර්තමානයේ සංස්කෘතික වර්ධනයට මෙන්ම එහි පරිහානියට බලපාන ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇත්තේ, මාධ්‍යයයි. මින් ඉතා දැඩි බලපෑමක් සිදුවන්නේ පරිගණකය හා ජංගම දුරකතනය යන නව මාධ්‍යවලිනි. මෙමගින් බිහිවන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ක්‍රියාත්මක කෙරෙන ආටක නාටක පාලනය කිරීම දුෂ්කර කාර්යයකි.
නව මාධ්‍යවල බලපෑමෙන් අද ලෝකය අල්ලට ගතහැකිව තිබේ. එය දියුණු ලෝකයේ සාමාන්‍ය ලක්ෂණයකි. මෙමගින් යහපත් ප්‍රතිඵල බොහොමයක් උරුම වී ඇති බව සැබෑවකි. එලෙසම යම් ප්‍රමාණයකට කරුමයක් වී ඇති අයහපත් ප්‍රතිඵලද නැතුවා නොවේ. මිනිසුන් අසීමිත නිදහසක් තුළ අපරීක්ෂාකාරීව ඉදිරියට යන්නේ ඒ නිසාය. එය සමාජයේ යහපැවැත්මට හිතකර නොවේ. අපට නව මාධ්‍ය මඟින් හඳුන්වා දී ඇති අපූරු මෙවලමක් වන්නේ මුහුණු පොතයි. අප කොයි කවුරුත් හඳුන්වන පරිදි එය ෆේස්බුක්ය. මේ මුහුණුපොත නිසා තරුණ ජීවිත විනාශ වූ අයුරු මාධ්‍ය මගින් වාර්තා වූ අවස්ථා බොහොමයකි. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ඊට ගොදුරු වූ අවස්ථා නැතුවා නොවේ. අද අප සඳහන් කරන්නේ ඒවා ගැන නොව ෆේස්බුක් නිසා බිහි වූ අවර ගණයේ නිර්මාණයක් පිළිබඳවයි.
මෙයට සම්බන්ධ සිදුවීම අප පුවත්පත මගින් පසුගිය තුන්වැනිදා (3) හෙළි කර තිබිණි. එය ලේඛකයකුගේ නිර්මාණයක් පිළිබඳ ප්‍රවෘත්තියයි. ඔහු වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකි. ඔහු විසින් මුහුණු පොතට ලියුවා යැයි කියන අර්ධ නමැති කෙටිකතාවකින් බුදුන් වහන්සේට අපහාසයක් වී ඇති බවට පිරිසක් විසින් නඩු පවරනු ලැබ ඇත. මෙය වඩාත් බරපතළ වන්නේ, ඔහු උගතකු වීම හා නිර්මාණකරණයේ යෙදෙන්නකු වීම නිසාය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ විරෝධයද පළවිය. බුද්ධ චරිතයට, යසෝදරා දේවියට, රාහුල කුමරුට අපහාස වන අයුරින් එය නිර්මාණය කර තිබූ බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයන් අධිකරණයට කරුණු පැහැදිලි කර ඇතැයිද වාර්තා වී තිබිණි. මෙවැනි දේ පළවීමෙන් ආගමික සංහිඳියාවටද බාධා විය හැකිය. මේවා ආයුධ කර ගැනීමට අන්තවාදී පිරිස් සිටීම ඊට හේතුවයි. සියලු ආගම්වලට අනුව සැවොම එක සමානය. ඒ අනුව ආගම් බේද පමණක් නොව, ජාති, කුල භේද පවා සමාජයෙන් බැහැර කළ යුතුය.
එම නිර්මාණය සම්බන්ධයෙන් වියතුන් විසින්ද මාධ්‍ය මගින් විවිධ අදහස් පළ කර තිබිණි. ඒ අය බොහෝ දෙනකු පෙන්වා දී තිබුණේ මෙවැනි නිර්මාණ නොකළ යුතු බවයි. තවත් සමහර අය ප්‍රකාශ කර තිබුණේ එම ලේඛකයා බොදු මහ ජනතාවගෙන් සමාව ගතයුතු බවයි. මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ට අනුව, එය බහුබූත කතාවකි. ජනප්‍රිය වීමේ උමතුවකි. තවත් ලේඛකයන් කිහිප දෙනකුගේ අදහස වී තිබුණේ, දිළිඳු පරිකල්පනය නිසා බිහි වූ ප්‍රචාරකවාදී කතාවක් බවයි. වත්මන් නිර්මාණකරුවාට ස්වයං වාරණයක් අවශ්‍ය බව තවත් ලේඛකයකුගේ අදහස විය.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බව ලේඛකයන්ගේ අදහස විය. මතුවට ගනු ලබන මේ නඩු තීන්දුවෙන් මාධ්‍ය නිදහසට බාධා ඇතිවේදෝයි යන සැකය ඔවුන් තුළ පැවතීම ඊට හේතුවයි. එය අර්ධ නිර්මාණය නිසා ඇති වූ අර්ධ සත්‍යයක් බව අපගේද විශ්වාසයයි. එය එසේ වුවද, අප හුඹස් බියක් ඇති කර නොගත යුතුය. මක්නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ව්‍යවස්ථාවට අනුව අපේ මාධ්‍ය නිදහස තහවුරු වී ඇති නිසාය.
මෙයට දශක හතරකට පෙර එදා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියූ බවතරණයටද විශාල විරෝධතාවක් ඇති විය. එතුමා එය නිර්මාණය කරනු ලැබුවේ, සිදුහත් බෝසත් චරිතය නූතන සමාජ දෘෂ්ටි කෝණයෙන් දකින ආකාරයටයි. එහි සිදුහත් බෝසතාණන්ට අපහාස කරන අරමුණක් නොවීය. සිදුහත් කුමරු බුදුවීමට පෙර පෘතග්ජනයකු වීම ඊට හේතුවයි. මතවාද හා පුළුල් කතිකාවතක් ඇති වීමෙන් එතුමාට එදා එය තුලනාත්මක තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවිය. එහෙත් අද බිහිවන පල්හෑලි ගැන යම් තරමක අදහස් පළ වුවද, පුළුල් මතවාද, පුළුල් කතිකාවතක් ඇති කිරීමට අසමත් වී ඇත. තවද මෙම නිර්මාණය තුළ ලේඛකයාට තර්ජනය නොකර, අධිකරණයට යාම බෞද්ධයාගේ ශීලාචාරකම පෙන්නුම් කරන හොඳ පූර්වාදර්ශයක් බව නොකියාම බැරිය. එවැනි අධිකරණ ක්‍රියාමාර්ග නොගතහොත්, නව මාධ්‍යයේ ඇති ප්‍රබලත්වය නිසාම තවදුරටත් මෙවැනි අවර ගණයේ නිර්මාණ සමාජ ජාල ඔස්සේ සමාජගත වීමේ ඉඩකඩ වැඩි විය හැකිය.
නව මාධ්‍ය මගින් සිදුකෙරෙන මෙවැනි ක්‍රියා මාධ්‍ය නිදහසට හානි නොවන පරිදි කිසියම් පාලනයකට ලක්විය යුතුය. කෙසේ වෙතත් ගෝත්‍රික සමාජයක මිස ශීලාචාර සමාජයක කිසිදු ආගමකට, ජාතියකට, කුලයකට, ආගමික නායකයකුට අපහාස, උපහාස කිරීම කිසිවෙක් අනුමත නොකරති. එසේම නිර්මාණකරුවකු ලෝකය නිරීක්ෂණය කිරීම හා පරිකල්පනය කළ යුත්තේ මානව හිතවාදීව යන්න වියතුන් අතර සමස්ත විශ්වාසයයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම