අයවැයට එල්ලවන චෝදනා, අයවැයෙන් රටට. ජනතාවට දුන්දේ මොනවාද? රටේ ආර්ථික ප්‍රශ්නවලට ලබාදී ඇති විසඳුම් යනාදිය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය - සිහින සහන හැටියට දුන් අයවැය සම්බන්ධනේ මුදල් ඇමැතිගේ පසු කියැවීම මොකද්ද?
පිළිතුර - අයවැය දැන් පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. 2019 අයවැය විවේචනය කිරීමට තරම් කාරණා විපක්ෂයටවත් නොතිබීම මම දැකපු විශේෂ කරුණක්. විපක්ෂයේ නායකයන් මේ යෝජනා හොඳ බව කියා තිබුණා. මේ යෝජනා විවේචනය කරන්න කාටවත් බැහැ. හැබැයි මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට කාලයක් නැති බව විපක්ෂයේ අය කියා තිබුණා. මේවා ක්‍රියාත්මක කරන්න අපට පැහැදිලිවම කාලය තිබෙනවා. 2015 පස්සේ ඉදිරිපත්වූ ප්‍රථම එජාප අයවැය මෙයයි. සමාජ වෙළෙඳපොල ආර්ථිකයක් තුළ රට දියුණු කිරීම සහ වරප්‍රසාද අඩු පංතිය වඩා ශක්තිමත් කර තිබෙනවා. සමාජ ආරක්ෂණ වළල්ල තව තවත් ශක්තිමත් කරන්න මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක සිහින අයවැයක් කියලා නම් කරන්න බැහැ. බොහොම ප්‍රායෝගික අයවැයක්.
ඒ වගේම මේක මැතිවරණ අයවැයකුත් නොවෙයි. සෑම දෙයක්ම ක්ෂණික නූඩ්ල්ස් වගේ නිකම් දීලා ජනතා ඡන්දය කොල්ල කන්න උත්සාහ කරන රාජපක්ෂ පන්නයේ අයවැයක් ඒවි කියලා විපක්ෂ සිතුවා. එදා ඒ අය පොරොන්දු දුන්නේ ඡන්දයක් ආවාම පමණයි. 2015 පටන් රාජ්‍ය සේවක වැටුප් වර්ධක නිසි ලෙස ලබා දී ගිය වසර හතරෙ දි පමණක් සියයට 107 කින් රාජ්‍ය සේවක වැටුප් නැංවූ එකම ආණ්ඩුව අපියි. වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක් පත්කර ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් තවත් රුපියල් 2500ක දීමනාවක් ලබා දී තිබෙනවා. මේක දෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ. තව මාස තුනකින් දෙනවා.
රාජපක්ෂ ආණ්ඩුව විශ්‍රාමිකයන්ව දිගින් දිගටම රැවැට්ටුවා, 2006 දී විෂමතා ඇතිකර ඉන්පසු එය විසඳන බවට පොරොන්දු දුන්නට කිසිම විසඳුමක් දුන්නේ නැහැ. හැබැයි මෙවර අයවැයෙන් ඒ විසඳුමත් දුන්නා. ඉදිරි මාස තුනක දී මෙය ක්‍රියාත්මක කරනවා පමණක් නෙමෙයි. විශ්‍රාමිකයන්ට විශාල වාසියක් එයින් ලැබෙනවා.
අධ්‍යාපනික විශිෂ්ටත්වය සඳහා වූ අරමුදල (SEE) රු.මිලියන 500කින් අරඹනවා. උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා පහෙන් ලංකාවෙන්ම මුල් තැන ගන්න පස් දෙනාටත් පළාතකින් හොඳම ප්‍රතිඵල ගන්නා එක් අයකුටත් වශයෙන් 14 දෙනෙකුට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවලට සියලු වියදම් ආවරණය වන ලෙස ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. මේක ඓතිහාසික තීන්දුවක්. ඉදිරියේ දී මේ අරමුදල තවත් තර කරනවා. මේ අපේ දරුවන්ගේ අනාගතයට පමණමයි. ලංකාවේ දක්ෂයන් ලෝකයේ දක්ෂයන් සමග එකතු කරන්න බලාපාරොත්තු වෙනවා. කිසිම හේතුවක් නිසා දේශපාලනඥයන්ගේ බලවතුන්ගේ දූ දරුවන්ට මුදල් හෝ බලය නිසා මේකට රිංගන්න ඉඩ තියන්නේ නැහැ. මේවා විචේචනය කරන්නේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය විතරයි. අපේ වරද නිසා සරසවියට ඇතුළත්වීමට නොහැකි වන දරුවන් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා ‘මගේ අනාගතය’ ණය ක්‍රමයෙන් මේ අයට රුපියල් ලක්ෂ 11 ක ණයක් දෙනවා. නැවත ගෙවීමේ දී වසර දෙකක සහන කාලයකුත් දෙනවා. පොලිය සියයට 3 යි. තව බොහෝ දේ අයවැයේ අඩංගුයි. මේ ආකාරයට සෑම කෙනෙක් ගැනම සිතා ඉදිරි මාස තුනේ දී ප්‍රායෝගිකව ක්‍රියාත්මකවන අයවැයක් ඉදිරිපත් කළා. මේවා සිහින නොවෙයි. මේ සෑම වචනයකටම අර්ථයක් තිබෙනවා. ‘සිහින මාලිගා’ එයට උදාහරණයක්.
ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වට ආර්ථිකය නංවන කිසිදු යෝජනාවක් මේ අයවැයේ අඩංගු නැති බවට චෝදනා නැගෙනවා නේද?
පිළිතුර - ඔය වගේ චෝදනා කරන්නේ කිසිම දැනුමක් නැති අය පමණයි. ගම්පෙරළියෙන් ග්‍රාමීය ආර්ථිකයට රුපියල් මිලියන 48000ක් මේ අවුරුද්දට ලබා දී තිබෙනවා. ඒ වගේම වෙනත් යෝජනාවලින් ග්‍රමීය ආර්ථිකයට ඉතිහාසයේ කිසිම දිනෙක නොලැබූ මුදලක් යැවෙනවා. ග්‍රාමීය ආර්ථිකයට මෙතරම් ප්‍රමුඛත්වයක් දෙන්නේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ ග්‍රාමීය ආර්ථිකය දියුණුවන මට්ටම අනුව නිසයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා නව ව්‍යවසායකයන් ඇති කරනවා. ලංකාව බලාපොරොත්තුවන වර්ධන වේගය ලබාගන්න පුළුවන් මේ ක්‍රම දෙකට පමණමයි. ඒ වගේම පෞද්ගලික අංශය ශක්තිමත් වෙන්න ඕන. පෞද්ගලික අංශය වඩ වඩාත් දිරිමත් කරන්නත් අපනයනකරුවන් දිරිමත් කිරීමටත් මේ අයවැයෙන් ප්‍රමුඛතාව දී ඇත්තේ ඒ නිසයි. ලංකාවේ දියුණුව රඳාපවතින්නේ අපනයන මත. ඒ නිසා අපනයන කර්මාන්තයට විවිධ සහන අයවැයෙන් ලබා දී තිබෙනවා. සංචාරක කර්මාන්තයට විශාල වශයෙන් සහන ලබාදී තිබෙනවා. දින 52 මහා පසුබෑමෙන් පසුව දැන් ආර්ථිකය ඉස්සරහට යනවා. සියලු අභියෝගවලට මුාහුණ දීලත් මේ වසර අවසන් වනවිට සියයට හතර පමණ දක්වා ආර්ථික වර්ධන වේගය වැඩිවෙනවා. 2020 වන විට සියයට පහක වර්ධනයක් ලබාගන්න අත්තිවාරම් දමා තිබෙනවා.
ප්‍රශ්නය - ගෙවුණු වසර හතරේ ආර්ථිකයේ දියුණුවක් ගැනත් ඔබ කියනවා. හැබැයි අලුතින් ලක්ෂ හයකට සමෘද්ධිය දීමට අයවැයෙන් යෝජනා කරනවා. ආර්ථිකය දියුණු වුණා නම් මෙතරම් දිළිඳු පිරිසක් අලුතෙන් කොයින් ද?
පිළිතුර - ඇමෙරිකාවේ, යුරෝපයේ පවා ඉතා දිළිඳු පිරිස් සිටිනවා. ආහාර මුද්දර හෝ රජයේ රැකවරණ ලබන පිරිස් සිටිනවා. ඒ නිසා ඒකෙන් රටේ දියුණුව මනින්න බැහැ. ඇත්තටම අද සමෘද්ධිය ගන්නේ ලැබිය යුතු අය නෙමෙයි. ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු දුගී දුප්පත් අය විශාල පිරිසක් සිටිනවා. ඒ අය කරපු එකම වරද ශ්‍රී.ල.නි.ප නැත්නම් ඒ තිබුණු ආණ්ඩුවට සහයෝගය නොදීමයි. දේශපාලනය නිසා කැපුනු දුප්පතුන් සිටිනවා. එජා.ප. පාක්ෂිකයන් වසර 20 ක් විපක්ෂයේ සිටියා. එදා සමෘද්ධිය අරඹන සෑම සාකච්ඡාවකටම මම සහභාගී වුණා. අපි එදා සමෘද්ධිය ඇරැඹුවේ ජනසවියට විකල්පයක් හැටියටයි. ශ්‍රී.ල.නි.ප හෝ පොදුජන එක්සත් පෙරමුනේ ඡන්ද පොළ නියෝජිතයන්ගේ දරුවකු සමෘද්ධි නියාමකයක් හැටියට පත් කළා. එක පෑන් පහරෙන් එහෙම 30,000 ක් පත් කළා. හැබැයි මේක ක්‍රමයෙන් සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වුණා. අද වනවිට පවතින සමෘද්ධි ව්‍යාපාරය පොහොට්ටු පක්ෂයේ අතකොළුවක් වෙලා. දේශපාලන ව්‍යාපාරයක් විසින් සමෘද්ධිය පැහැරගෙන. දුප්පත් නොවුණත් පොහොට්ටුව සමග ඉන්නවා නම් ඒ අය සමෘද්ධියේ සිටිනවා. සමෘද්ධිය ලබන අයගෙන් සියයට හැටක් එතන ඉන්නේ දේශපාලනය නිසා. නැතුව සුදුසුකමට නෙමෙයි. මේක මහා අපරාධයක්.
ඇත්තටම දුප්පත් මිනිස්සු වසර විස්සක් තම පක්ෂයේ ආණ්ඩුවක් නොතිබීමේ පාපකර්මය නිසා සමෘද්ධියෙන් කැපිලා. දේශපාලනය නිසා සමෘද්ධියෙන් කැපුණු අය වෙනුවෙන් අපි සමෘද්ධිය දෙනවා. සමහර විට ඒ පිරිස ලක්ෂ හයට වැඩි වෙන්න පුළුවන්. ආරම්භය පියවර ලෙස ලක්ෂ හයකට දෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කණපිට හරවන්න ඕන. මම නම් කියන්නේ සමෘද්ධිය කියන නමත් තිබුණා ඇති. සමෘද්ධි බැංකුවල මුදල් පාවිච්චි වෙන්නේ දේශපාලනඥයන්ගේ සුබසාධන වැඩට. මේවායේ මුදල් වෙන්වෙන ආකාරය මහ බැංකුවත් දන්නේ නැහැ. ආරංචි හැටියට බිලියන 2000 ක් පමණ තැන්පතු සමෘද්ධි බැංකුවල තියෙනවා. මේවායෙන් යම් ප්‍රතිලාභයක් තැන්පත් කරුවන්ට දෙන්න යෝජනා කළේ ඒ නිසයි. මේ වසරේ රුපියල් 30,000 බැගින් දෙනවා. මේකයි වෙනස. මේ තරම් දුර බලන අයවැයක් මීට පෙර මේ රටේ ඉදිරිපත්වී තිබෙනවා කියා මම නම් සිතන්නේ නැහැ.
ප්‍රශ්නය - ආයෝජන, රුපියල අවප්‍රමාණය ඇතුළු රටේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න අයවැයෙන් මඟ හැරියේ ඇයි?
පිළිතුර - ලංකාවට වැඩියෙන්ම ආයෝජකයන් එන්න පටන් ගත්තේ ගිය වසරේදීයි. මේ වසරේදී ඊටත් වඩා ආයෝජකයන් එනවා. ඩොලර් බිලියනයක ආයෝජනයකට තව ටික දිනකින් අත්සන් තැබෙනවා. ආයෝජකයන්ට නිවැරැදි පසුබිමක් ඇති කිරීමට මලික් සමරවික්‍රම ඇමැතිවරයා කටයුතු කර තිබෙනවා. දැන් නිවැරදි නීති රීති අනුව කාටවත් පගා නොදී ජනාධිපතිවරයන්ගේ දරුවන්ට පගා නොදී ලංකාවට පැමිණ ආයෝජනය කරන්න පුළුවන් බව දැන් හැමෝම දන්නවා. ඒ අයට විශාල උනන්දුක් තිබෙනවා. තවත් අනවශ්‍ය නීතිරීති තිබෙනවා. ඒවා වෙනස් කරන්න ඕන. අනුමැතිය ගන්න තැන් විස්සකට පමණ යන්න වෙනවලු. මේවා වෙනස් වෙන්න ඕන. දිනකින් දෙකකින් ආයෝජන අනුමැතිය දෙන තැනට අපි යන්න ඕන. ව්‍යාපාර කිරීමේ පහසුව අතින් අපි ඉදිරියට යමින් සිටිනවා. ආයෝජකයන් ගැන කල්පනා කරන ආණ්ඩුවක් අද ලංකාවේ තිබෙන බව මුළු ලෝකයම පිළි අරන් තිබෙනවා.
රුපියල අවප්‍රමාණය වීම අභියෝගයක් මිස අර්බුදයක් නොවෙයි. අභියෝගය අර්බුදයක් ලෙස මවාපාන්න කටයුතු කරන අයත් සිටිනවා. අභියෝගයක් තිබෙනවා. අපි එයට බොහෝම හොඳින් මුහුණ දුන්නා. රුපියල අවප්‍රමාණය වුණේ අපේ වරදක් නිසා නොවෙයි. ඇමෙරිකාවේ පොලී අනුපාත ඉහළ යාමත් සමග මෙරට තැන්පත්වී තිබූ ආයෝජනය කර තිබූ ඇමෙරිකන් ඩොලර් විශාල වශයෙන් රටෙන් පිටට ගියා. මෙය ලංකාවට පමණක් බලපෑ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම නමුත් අපේ මහ බැංකුව දක්ෂ ලෙස මේ අවප්‍රමාණයවීම සීමා කර ගත්තා. හොර ආණ්ඩුව කාලේ ප්‍රශ්නය උග්‍ර කළා. ඒත් දැන් අපි යළි රුපියල ස්ථාවර මට්ටමකට පත්කර තිබෙනවා. වරින්වර මෙය අඩුවැඩි වෙන්න පුළුවන්. හැබැයි එයින් ආර්ථිකයට විශාල බලපෑමක් වෙන්නේ නැති බව සහතිකව කියන්න පුළුවන්. ආර්ථිකයේ ප්‍රශ්න ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කර තිබෙනවා.
ප්‍රශ්නය - සැමට පුංචි කාර් සිහිනයක් 2015 දී ඔබලා ලබා දුන්නා. හැබැයි මෙවර අය වැයෙනුත් පුංචිකාර් සිහිනය බොඳ කළා නේද?
පිළිතුර - නෑ. පුංචි කාර් සිහිනය බොඳ වෙලා නැහැ. හැබැයි ලොකු කාර් සුඛෝපභෝගී කාර් ගන්න සිටි අයගෙනම් සිහිනය පොඩ්ඩක් බොඳ වෙන්න ඇති. වාහන ආනයන බදුවල විප්ලවීය වෙනසක් පසුගිය අය වැයෙන් කළා. එන්ජින් ධාරිතාව අනුව බදු අය කිරීමේ ක්‍රමයට ගියා. මේ නිසා වංචා නැවතුනා. මේ බදු ක්‍රමය නිසා සමහර වාහන මිල රුපියල් මිලියන හයකින් හතකින් අඩු වුණා. මේ නිසා මධ්‍යම පාංතිකයන්ට යම් අසාධාරණයක් වුණා. එය සැලකිල්ලට ගෙන මෙම වාහනවලට සුඛෝපභෝගී බද්දක් පනවා යම් සංශෝධනයක් කළා. මේ රට අලුත් ලෝකයත් එක්ක යන්න ඕන. ඉලෙක්ට්‍රික් කාර් භාවිතයට ජනතාව යොමු කරන්න ඕන. ඒවායේ මිල ටිකක් අඩුවෙලා. පුංචි ව්‍යාපාර කරන අය භාවිත කරන ඩිමෝ බට්ටා එවා ලක්ෂයකින් ලක්ෂ පහකින් පමණ අඩුවෙලා. මේවා කවුරුවත් කතා කරන්නේ නැහැ. බී.එම්.ඩබ්ලිව්. ගන්න සිටි අයගෙ නම් සිහිනය බොඳ වෙලා ඇති. අනිත් අයට නම් එහෙම නැහැ. කාටත් සිහින තිබුණත් ඕනෑම රටකට දරාගන්න පුළුවන් වාහන එක්තරා ප්‍රමාණයකට පමණයි. මධ්‍යම රාත්‍රියටත් අපේ පාරවල්වල ට්‍රැෆික් වාහන ගෙන්වීම සීමා කරන්න කලින් සාමාන්‍ය ජනයාට හොඳ ප්‍රවාහන සේවාවක් දෙන්න ඕන. අපි ඒ ගැනත් සිතුවා. සුඛෝපභෝගී බස් 1000 ක් ගෙන්වා පොදු ප්‍රවාහනයට එක් කිරීමට විශාල සහනයක් දී තිබෙනවා. දුම්රිය සේවයක් හැමදාම ආණ්ඩුවම බදාගෙන කරන්න පුළුවන් ඒවා නෙමෙයි. පෞද්ගලික අංශයට මේ අවස්ථා දෙන්න ඕන.
ප්‍රශ්නය - සාමාන්‍ය ජනතාව මුහුණ දී සිටින ජීවන වියදම් අර්බුදයට අයවැයෙන් දුන් විසඳුම මොකද්ද?
පිළිතුර - කාලෙන් කාලෙට බඩුමිල අඩු වැඩි වෙනවා. ඒකට විවිධ කාරණා බලපානවා.2014-2019 අතර ඔය කියන තරම් මිල වෙනසක් නැහැ. ජීවන වියදමට තිබෙන විසඳුම තමයි කාලෙන් කාෙලට පඩිනඩි ආදායම් සරිලන ලෙස වෙනස්වීම. ඒකට විකල්ප නැහැ. ජීවන වියදම ගැන පැමිණිලි කිරීම අද මෝස්තරයක් වෙලා. සෑම දෙයකම වගේ මිල ගණන් රාජපක්ෂ යුගයට වඩා අද මිල අඩුයි. හැබැයි ජීවන වියදම වැඩියි කියා මෝස්තරයට කියනවා.
ප්‍රශ්නය - අය වැයෙන් රට තවත් ණය කළා හැරෙන්නට කළ වෙනත් දෙයක් නැති බවට ජවිපෙ නගන චෝදනාව ගැන කියන්නේ මොකද් ද?
පිළිතුර - ජවිපෙ මගේ හොඳ මිත්‍රයෝ සිටියට ඒ අය ඉන්නේ ආර්ථික සිහින ලන්තයක. ඒ අය කතා කරන ආර්ථිකය තිබෙන්නේ වෙනිසියුලාවෙ විතරයි. අපි මහා ණය අර්බුදක ඉන්න බව ඇත්ත. ඉතිහාසයේ වැඩිම ණය ගෙවන්න වෙන්ෙන් මුදල් ඇමැති හැටියට මටයි. ඩොලර් බිලියන 1640 ක් ගෙවන්න වෙනවා. මෙයින් සියයට අසූ ගණනක් රාජපක්ෂ කාලේ ගත් ණය. ඩොලර් බිලියන 6 ක් මේ වසරේ ගෙවන්න තිබෙනවා. දැනට එයින් දෙකක් ගෙවා අවසන්. තව බිලියන හතරක් ගෙවන්න තිබෙනවා. ඉතිරි වසර දෙක බෙහෙවින්ම බරපතළ වසර දෙකක්. ඒවාට අපි දැන්ම ඉඳන් සැලසුම් කරනවා. මේවා නොගෙව්වොත් මුළු රටම ඉවරයි. විවේචනයක් එක්කම විකල්ප තිබේ නම් ඉදිරිපත් කරන්න කියා ජවිපෙ මිත්‍රයන්ට කියන්න කැමැතියි. කරන්න පුළුවන් දෙයක් නම් මම අනිවාර්යයෙන්ම කරනවා.
ප්‍රශ්නය - අය වැය පරාජය කරන බව විපක්ෂය කියනවා. ඇතැම් වැය ශීර්ෂ පරදන බව එජාපයේ අයත් කියනවා. මේ පසුබිමේ ‘ඛේමාගේ කොලුවාගේ අයවැය’ සම්මත වේද?
පිළිතුර - අනිවාර්යයෙන් සම්මත වෙනවා. විපක්ෂය ඔය වගේ කතා කීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ අය අයවැය පරාජය කරනවා කීම ඔවුන්ගේ යුතුකමක්. නැතිනම් ඒ අය විපක්ෂයක් නොමෙයි. එහෙත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය කියපු කතා මේ මම වැඩිදුර සිතන්නේ නැහැ. සමහරු ඕවා කියන්නේ සිතේ අමාරුවෙන්. ඒ අය එහෙම මොනවා කිව්වත් යම් යම් වැය ශීර්ෂ පරාජය කරන එකක් නැහැ. මොන ප්‍රශ්න තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආණ්ඩුව ගෙනියන්න ජනාධිපතිතුමා හරස් වෙන්ෙන් නැහැ. අවසානයේදී එතුමා අධිකරණයටත් ව්‍යවස්ථාධායකයටත් හිස නැමුවා. ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. බයවෙන්න එපා. ඛේමාගේ කොලුවාගේ අයවැය දිනනවා.
සාකච්ඡා කළේ
චමින්ද මුණසිංහ
ඡායාරූපය - ශාන්ත රත්නායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සිහින මාලිගා’ ප්‍රායෝගික අය වැයක්