( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන තීන්දුව ලබන සඳුදා (27) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
එසේම අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ නව පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීමද ලබන සඳුදාට කල් තැබිණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මීට පෙර මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සමේ ශීර්ෂය සහ ඇතැම් කොටස් සංශෝධනය කරමින් නව පෙත්සම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
මේ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් වන වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ තාවකාලික පොරොන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියද එය ලබා දීම විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන අතුරු නියෝගය ලබා දෙනවාද නැද්ද යන නියෝගය ලබන සදුදාට කල් තැබිණි.
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බාරයට පත්කර තිබූ රැඳවියකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවත් , ඉන්පසුව වැඩතහනමට ලක් වූ බවය.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික් උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීගමු හිටපු බන්ධනාගාර අධිකාරීගේ වරෙන්තුවේ තීන්දුව සඳුදා