( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (02) පස්වරු 3.00 ට ප්‍රකාශයට පත් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප වේලාවකට පෙර නියම කළේය.
දසවන දිනයටත් සලකා බැලීම අද ( 01) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරිණි.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ.
මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (02) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
එම පෙත්සම්වල පෙත්සම්කාර , වගඋත්තරකාර සහ අතරමැදි පෙත්සම්කාර පාර්ශව වල සියලු කරුණු දැක්වීම් දින දහයක් පුරා පැවත්වූ අතර එය අද අවසන් කරමින් පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
නීතීඥ චරිත ගුණරත්න , සමගි ජන බලවේගය , වික්ටර් අයිවන් , ජාතික හෙළ උරුමය නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , හිටපු ඇමති කුමාර වෙල්ගම , , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබූ අතර මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයන් , ජනාධිපති ලේකම් , නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව හෙට
අපෙගේ සිහින Monday, 01 June 2020 09:23 PM
තොණ්ඩමන්ගේ ආදාහනය සමග අවසන් ගමන් ගිය 69 ලක්ෂයක් වූ අපගේ සිහින. සැමට එළිකළ මාධ්‍ය වලින් පුම්බන ලද බොල්පිළිම වල සැබෑ නොහැකියාව.