IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සමගි ජන බලවේගයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි

 (තිළිණි  සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙසට මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම‍ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  අද (09) නිෂ්ප්‍රභ කළේය.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දෙන ලදී.
 
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයන් තිදෙනා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රිය ද සිල්වා, එහි ලේකම් ඩයනා ගමගේ යන අය නම් කරනු ලැබ තිබිණි. .
 
පෙත්සම අද(9) බැලීමට කැදවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා  මූලික විරෝධතාවය ඉදරිපත් කරමින් කියා සිටියේ එම පෙත්සම පෙන්වා දෙන කරුණ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමක් බවත් , පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 (3) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට ද මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් විය නොහැකි බවය.
 
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත්  කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 (3) වගන්තිය ප්‍රකාරව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කල බව දැනුම් දුන් විට එය පිළිගැනීමට මැතිවරණ කොමිසම සිදුවන බවය

එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව සහ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පිළිබඳව  විමර්ශනයක් සිදු කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
එම පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නෙරංජන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන අයෙකුට "අපේ ජාතික පෙරමුණ" පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බව සඳහන් කළේය.
 
එසේ තිබිය දී අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම, සමගි ජන බලවේගය වශයෙන් වෙනස් කොට එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගනිමින් ඉකුත් මාර්තු 12 වනදා මැතිවරණය කොමිසම විසින් නිකුත් කර ඇති ලිපිය එම පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බවද නීතිඥ නෙරංජන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
 
අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලතල පෑවරී තිබෙන්නේ එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවට වුවද ,  ප්‍රශ්නගත සංශෝධනය එම කාරක සභාව හරහා සිදු වී නොමැති බව ද පෙත්සම්කාර නීතීඥවරයා සඳහන් කළේය.
 
මැතිවරණ නීතියට අනුව යම් පිළිගත් දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන අවස්ථාවක ඒ පිළිබඳව දින 30 ක් ඉක්ම යාමට මත්තෙන්  මැතිවරණ කොමිසම දැනුවත් කළ යුතු යැයද පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය.

එහෙත් මෙම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව විධිමත් දැනුම් දීමක් සිදු කර නොමැති අවස්ථාවක එම පක්ෂයේ නම සමගි ජන බලවේගය ලෙස වෙනස් කර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු පිළිගැනීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නීතිවිරෝධී බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
 
ජන බලවේගයේ නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කිසිදු නීතිමය පදනමක් නැති බවය.
 
එබැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
 
පෙත්සම්කාර ඕෂල හේරත් මහතා සිය පෙත්සමින්  සඳහන් කර සිටියේ සමගි බලවේගය වශයෙන් නාම යෝජනා භාරදී තිබෙන පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමති පක්ෂය පදනම් කරගෙන බවත්, සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේදී අදාල පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිසි අනුමැතිය හිමිවී නොමැති බවත්ය.
ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන්කොට මැතිවරණ කොමිසමට භාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර තිබිණි.

එබැවින් අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන

ලෙස පෙත්සම්කාර ඔෂල හේරත් මහතා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නෙරංජන් ද සිල්වා   මහතා පෙනී සිටියේය

වගඋත්තරකාර සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහා යන මහත්වරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේය.
 
මැතිවරණ කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

 



අදහස් (6)

සමගි ජන බලවේගයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි

karu Tuesday, 09 June 2020 11:18 AM

ජයවේවා සජිත් ...!!! මේ පාර රනිල් මහින්ද මගඩිය ඉවරයි. ඔබට ජය. ඒ වගේම මහජනතාව අමතලා ප්‍රසිද්ධියේ පක්ෂයක් කරන්න මේක අත්සන් කරන්නේ නැහැ කියලා. ජනතාවගේ සියළුම ඡන්ද ඔබේ අපේක්ෂකයින්ට ලැබෙනවා. ඔබ අගමැති වුණාට පසුවත් ඒ පොරොන්දු එ් විදිහටම ක්‍රියාත්මක කරන්න. නැතිනම් රට ගිනි ගොඩක් වේවි...!!! 

:       450       506

ChampaTuesday, 09 June 2020 12:41 PM

අගමැති සජිත්? ඔච්චර ලොකු විශ්වාසයක් ආවේ මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන එක ඇමරිකන් කොන්ත්‍රාත්තුව හින්දාද? ඡන්ද ප්‍රතිඵල විකෘති කරලා සිරිසේන කළා වගේ තමන්ට අවනත රූකඩ මන්ත්‍රීවරු ටිකක් පාර්ලිමේන්තුවට දාගෙන මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න ඇමරිකන් ගැත්තෝ දෙන්න කුමන්ත්‍රණයක් කරනවා තමයි. ඒ වුණාට එහෙම වෙන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ...

:       115       74

Champa Tuesday, 09 June 2020 12:34 PM

කොහොමත් එකයි. රනිල් කරපු සහ කරන්න හදපු රට, ජාතිය, ආගම පාවාදීම් හමුවේ කරපු එකම හොඳදේ තමයි එජාප පාක්ෂිකයින්ද ඇතුළුව රටේ ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කරපු යූඑන්පී එකේ හිටපු 99 දෙනෙක්වම වෙනම කූඩෙක දාලා ඡන්දෙට ඉදිරිපත් වෙන තැනට පාර හදපු එක. ඒ 99 ලැයිස්තුව දැක්කහම ඡන්ද දායකයාගේ කට කොනට හිනාවක් එන්න ඇති සහ රනිල්ගේ මොලේ අලයක් නෙමෙයි කියලත් හිතෙන්න ඇති...

:       97       193

sam Tuesday, 09 June 2020 01:56 PM

අපි කාටවත් වැඩක් නැති දෙයක් වගේ පෙනුණාට මේ ලිපියෙන් ඉතා වැදගත් කරුණු ටිකක් මතුවෙනවා. එකක් තමයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර කරුණුවලට මැදිහත්වීමට අධිකරණයට පවා බලයක් නැතිබව සහ ඒ වගේම මැතිවරණ කොමිසමටත් පක්ෂයකින් දෙන ලියවිලි ඒ අයුරින් පිළිගන්න සිදුවන බවත්.... ඒ අනුව යම් දේශපාලන පක්ෂයක වැරදි සිදුවීම් කෙරෙනවා හෝ කරනවා නම් මැතිවරණ කොමිසමට වැරදි තිබෙන බව දැනදැනත් ඔලුව පහත් කරන්න වෙලා තියෙන්නේ... එය එක්තරා අන්දමක අවනීතියක්. අනික් කරුණ තමයි මෙයින් අධිකරණය සහ මැතිවරණ කොමිසම නොකිය කියන්නේ සමගි ජන බලවේගය නමින් නාම යෝජනා දීපු ක්‍රමය වැරදි බව පෙනුණත් ඔවුන්ට වැරැද්ද නිවැරදි කරන්න බැරි බව... ඒ අනුව බැලුවම ඕශල හේරත් කරන්න ඕනේ අපේ ජාතික පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ක්‍රියා පටිපාටියට විරුද්ධව නඩු දැමීමයි. නමුත් එය කරොත් එය සලකන්නත් උසාවියට බලයක් තිබෙනවද? මේ සිදුවුණු දෙය අපේ නීතිය අච්චාරු වුණු අවස්ථාවක් හැටියට පෙනෙන්නේ මට විතරද? මෙය දේශපාලන පක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි.. අපගේ මැතිවරණ සහ දේශපාලන නීති ක්‍රමය ගැන ප්‍රශ්නයක් විතරයි...

:       34       96

ChampaTuesday, 09 June 2020 04:43 PM

කතාව ඇත්ත. ඉස්සෙල්ලා තීන්දුව දීපු වෙලාවේත් පෙන්නුම් කලේ මැතිවරණ කොමිසමට ඇඟිලි ගහන්න ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලයක් නැති බව... නමුත් විසඳන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ලියලා පැහැදිලි කිරීමක් ඉල්ලීම. ඒ කියන්නේ සමගි ජන බලවේගය ගැන මේ කියන විරුද්ධත්වය මැතිවරණ කොමිසමට ලිඛිතව ඉදිරිපත් කළා නම් මැතිවරණ කොමිසමට නිකම් පාස් කරන්න බැහැ. ඔවුන් ඒ ගැන නීතිමය පැහැදිලි කිරීමක් අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුයි. නාම යෝජනා බාර දීම ගැනත් කියන්න තියෙන්නේ ඒකමයි. ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටපු පුද්ගලයෙක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය නැවත අරගෙන, ද්විත්ව පුරවැසිභාවය තියාගෙන නාම යෝජනා බාර දුන්න නම් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව නීතිමය පැහැදිලි කිරීමක් කරගත යුතුයි. එහෙම කරන්න නම් මැතිවරණ කොමිසම ස්වාධීන විය යුතුයි. නමුත් කවුරුත් දන්නා පරිදි පටන් ගත්ත දවසේ ඉඳලම මේක ස්වාධීන මැතිවරණ කොමිසමක් නෙමෙයි, පෞද්ගලිකරණය කර ගත්ත මැතිවරණ කොම්පැනියක්. දැන් කොම්පැනිය මෙහෙයවන බළල් අතට මී කොම්පැනියේ ලොක්ක හරි බයයි.

:       0       0

karu Tuesday, 09 June 2020 03:42 PM

ලංකාවෙත් රැල්ලක් පටන්ගත්තොත් දිගටම ගෙනියන්න ඕනෑ. මේ හොරු ඔක්කොම එළවලා හරි, මරලා හරි අලුත්ම ප්‍රගතිශීලි නායකයින් රට පාලනයට පත්කර ගත යුතුයි.

:       4       15

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4837 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4796 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8279 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3064 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 789 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12494 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site