(*** මුදිතා දයානන්ද)
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂිම් ඇතුළු කල්ලියේ තොරතුරු ලැබී තිබියදීත් අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක දෙකේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් තරංග කුමාර මහතා ඊයේ (31) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ ඔහු මෙසේ සාක්ෂි ලබාදුන්නේය.
ප්‍රශ්නය - ඉදිරියේදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 2019 අප්‍රේල් මාසයේදී ඔබට යම්කිසි තොරතුරක් ලැබුණාද?
පිළිතුර - ඔව්. අපේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතා මගින් මා හට එම තොරතුරු ඇතුළත් ගොනුවක් ලැබුණා. එය ජාතික බුද්ධි ප්‍රධානී මගින් පොලිස්පතිට යොමු කර පොලිස්පති මගින් අපේ කොට්ඨාසයට ලැබුණ වාර්තාවක්.
ප්‍රශ්නය - කවද්ද ඒක ඔබට ලැබුණේ?
පිළිතුර - 2019 අප්‍රේල් 12 වැනිදා.
ප්‍රශ්නය - එය ලබාදී ඔබට ඔබේ ප්‍රධානියා කිසියම් උපදෙසක් දුන්නාද?
පිළිතුර - ඔව්. ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ විය හැකි පුද්ගලයන් ලෙස එහි දක්වා ඇති අය ගැන සොයා බලා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන්නා.
ප්‍රශ්නය - ඔබ මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය?
පිළිතුර - මගේ අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ගෙන්වා මෙම වාර්තාවේ දැක්වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයාබලා අත්අඩංගුවට ගන්නා ලෙසත් එයට කල්මුණේ උප කාර්යාලයේ සහය ලබා ගන්නා ලෙසත් කාරණා දහයක් යටතේ උපදෙස් දුන්නා.
ප්‍රශ්නය - ඔහු ඒ අනුව මොනවද කර තිබුණේ?
පිළිතුර - මේ තොරතුරු අනුව වාර්තාවක් සකස් කර පර්යේෂණ හා විමර්ශන කමිටුවටත්, කල්මුණේ උප කාර්යාලයටත් අප්‍රේල් 17 වැනිදා වාර්තාවක් යොමු කළා.
ප්‍රශ්නය - එයට පිළිතුරු ලැබුණාද?
පිළිතුර - ඔව්. එම වාර්තාවේ දක්වා ඇති රිල්වාන් ගැන සඳහන් ලිපිනයන්වල ඔහු නැති බවත් 2017 අලියාර් හන්දියේ ගැටුමෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් එහි සඳහන් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේත්, රාජ්‍ය බුද්ධි අංශයේත් නැගෙනහිර පළාතේ වැඩ කරන අයගෙනුත් තොරතුරු ලබාගෙන තිබුණා. ඔවුන්ද රිල්වාන් සොයමින් සිටින බව වාර්තා කර තිබුණා.
ප්‍රශ්නය - කවද්ද ඒක ලැබුණේ?
පිළිතුර - 2019 අප්‍රේල් 23 වැනිදා.
ප්‍රශ්නය - ඒ කියන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ තමයි තොරතුර ලැබුණේ?
පිළිතුර - ඔව්.
ප්‍රශ්නය - එතකොට අනෙක් අය ගැන වාර්තා වුණේ නැද්ද?
පිළිතුර - ආමි මොහිදින් ඉන්න බවට සඳහන් වූ ලිපිනය වැරදි එකක් බවත් එවැනි ලිපිනයක් නැති බවත් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී පවසා තිබුණා. ඔහු මඩකලපුව කුඹුරුමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණ බිරිඳ හා දරුවන් බලා යන බවත් එහි සඳහන්ව තිබුණා.
ප්‍රශ්නය - ඒක ලැබුණේ කවද්ද?
පිළිතුර - 2019 අප්‍රේල් 21 වැනිදා.
ප්‍රශ්නය - ඒ කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය දවසේ.
පිළිතුර - ඔව්.
ප්‍රශ්නය- අනෙක් අය ගැන මොනවත් වාර්තා වුණේ නැහැ?
පිළිතුර - ජලාත් කිතාල් කියන නම විතරයි සඳහන් වුණේ. ඔහුගේ විස්තරයක් අපට ලැබුණ බුද්ධි තොරතුරේ තිබුණෙත් නැහැ. ඒ නමින් හඳුන්වන්නේ රිල්වාන් බව පසුව දැනගත්තා. සාහිඩ් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සහෝදරයෙක් බවත් වාර්තා වුණා. සහරාන් ප්‍රදේශයෙන් පළාගොස් තිබුණා.
කොමිසමේ සාමාජික - ඔහු ඒ නමින් හඳුන්වන්නේ ඇයිද කියලා ඔබ සොයා බැලුවාද?
පිළිතුර - ඔහු ඒ නමට කැමති බව දැනගත්තා.
කොමිසමේ සාමාජික - ඒක මුස්ලිම් රජ කෙනකුගේ නමක් බව ඔබ දැන සිටියේ නැහැ?
පිළිතුර - එහෙම කියලා කියනවා.
රජයේ නීතිඥ - ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ඔබලාට තොරතුරු ලැබී තිබියදීත් සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු දින ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගන්න බැරි වුණා කියලා.
පිළිතුර - ඔව්. අපිට ඔවුන්ව ගන්න බැරිවුණා.
කොමිසමේ සභාපති - ඔබට සහරාන්ලා ගැන විස්තර ලැබුණ පසු ඔවුන් ගැන විස්තර ලබාගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියාද?
පිළිතුර - නැහැ. එය කළ යුත්තේ අපේ කොට්ඨාසයේ ප්‍රධානියා.
කොමිසමේ සභාපති - ඔවුන් මේ අය ගැන විමර්ශනයක් කරන බව ඔබ දැන සිටියාද?
පිළිතුර - නැහැ.
කොමිසමේ සභාපති - ඔබේ කොට්ඨාසයේ නිලධාරියෙක් මීට පෙර කොමිසමේ සාක්ෂි ලබාදීමේදී ප්‍රකාශ කළා සහරාන්ගේ ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට ගන්න කැකුණගොල්ලේ පිහිටි සහරාන්ගේ බිරිඳගේ පියාගේ නිවසට ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නමැති නිලධාරියා දුරකථනයෙන් කතා කර තමන් මේ පුද්ගලයා පිළිබඳ විමර්ශනයක් කරන නිසා එම ස්ථානයේ වහාම පිටවෙන ලෙස දැනුම් දුන් බව. ඔබ ඒ ගැන දැන සිටියේ නැද්ද?
පිළිතුර - මට ඒ ගැන අවබෝධයක් නැහැ.
රජයේ නීතිඥ - ඔබට කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදියක් පුපුරුවා හැරීම ගැන වාර්තා වුණාද?
පිළිතුර - පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කැඳවූ වාර්තාවේ ඒ ගැන සඳහන් වුණා.
ප්‍රශ්නය - කවද්ද ඒ වාර්තාව ලැබුණේ?
පිළිතුර- 2019 මැයි 01 වැනිදා.
ප්‍රශ්නය - ඔබට සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැන 2017 වසරේදී තොරතුරක් ලැබුණේ නැද්ද?
පිළිතුර - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට 2017 මාර්තු 10 වැනිදා අලියාර් හන්දියේදී සහරාන්ලා හා වල් ජමාත් සංවිධානයත් අතර ඇති වුණ ගැටුමකින් පසු වල් ජමාත් සංවිධානය විසින් එවන ලද ලිපියක් අනුව මට ඒ විමර්ශන පැවරුණා.
ප්‍රශ්නය - කවද්ද ඔබට ඒක පැවරුණේ?
පිළිතුර - 2017 ජුනි 01 වැනිදා.
ප්‍රශ්නය - ඒ අනුව ඔබ කුමක්ද කළේ?
පිළිතුර - පොලිස් විශේෂ කාර්යාංශයෙන් අපි ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැන තොරතුරු ලබාගත්තා.
ප්‍රශ්නය - එහි එම සංවිධානයේ නිලධාරි මණ්ඩලය ගැන සඳහන් වුණාද?
පිළිතුර - ඔව්. එම සංවිධානයේ ලේකම් එම්.එස්.එම්. සහරානද, උප ලේකම් එම්.එස්.එම්. සෙයිනිද, භාණ්ඩාගාරික එම්.එස්.එම්. මුස්තකිද, සභාපති ලෙස එම්.අයි.එම්. තවුෆික්ද නම් කර තිබුණා. ඔවුන් සහරාන්ගේ ඥාතීන් බවද දැනගන්න ලැබුණා.
ප්‍රශ්නය - මෙහි සඳහන් මුස්තකි හා තවුෆික් දැන් ඉන්නේ කොහේද?
පිළිතුර - සංවිධානයේ භාණ්ඩාගාරික මුස්තකි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා. තවුෆික් මඩකලපුව බන්ධනාගාරයේ ඉන්නවා.
කොමිසම හමුවේ රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරියකු වූ පොලිස් පරීක්ෂක ශ්‍රීමාල් සංජීව සම්පත් මහතා මෙසේ සාක්ෂි ලබාදුන්නේය.
ප්‍රශ්නය - ඔබ සහරාන්ලා පුහුණු කඳවුරු කීපයක් ගැන විමර්ශන සිදුකළා.
පිළිතුර - ඔව්.
ප්‍රශ්නය - ඔබ මුතූර්වල කඳවුරක් ගැන විමර්ශන කළාද?
පිළිතුර - ඔව්. එය පිහිටා තිබෙන්නේ තයිබුනගර්, මුතූර්, නල්ලූර් ප්‍රදේශයේ.
ප්‍රශ්නය - මෙය කෙබඳු ස්ථානයක්ද? කාටද ඒක අයිති?
පිළිතුර - මේක හාජා මොහිදින් නමැති මොහොමඩ් ඊබ්‍රාහිම් සාදිත් අබ්දුල්ලා නමැති සහරාන්ගේ කල්ලියේ අයකුගේ මිතුරකුට අයත් ඉඩමක්. එය කුකුළු ගොවිපොළක් පවත්වාගෙන ගොස් අත්අරින ලද ස්ථානයක් ලෙසයි දැන් තිබෙන්නේ. කුඩා නිවසක්ද තිබෙනවා.
ප්‍රශ්නය - මෙහිදී මොනවද පුහුණු වී තිබෙන්නේ?
පිළිතුර - ටී-56 ගිනිඅවිය ගැන පුහුණු වී තිබෙනවා. එය ගලවා සවිකරන ආකාරය පුහුණු කර තිබෙනවා. ඒ හැර ප්‍රායෝගිකව ගිනිඅවියෙන් වෙඩි තැබීම ගැන පුහුණුවී බවක් දැනගන්න ලැබුණේ නැහැ.
ප්‍රශ්නය - පුහුණුවට කී දෙනෙක් ඇවිත් තිබුණාද?
පිළිතුර - හයක්.
ප්‍රශ්නය - ඒ අය අතර පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණ අය සිටියාද?
පිළිතුර - නැහැ. මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා සිටියා. ඔහු තමයි මේ ස්ථානය වෙන්කරගෙන තිබුණේ.
ප්‍රශ්නය - ඔබ සොයාගත් වෙනත් කඳවුරු මොනවද?
පිළිතුර - පොන්පරිප්පු, කාර්තිව්, වනාතවිල්ලුව ප්‍රදේශයේ මවුලවිවරුන් පුහුණු කරන මද්‍රසා පාසලක සහරාන්ලාගේ පුහුණු කඳවුරක් පවත්වා තිබෙනවා.
ප්‍රශ්නය - ඒ කොයි කාලයේද?
පිළිතුර - 2015 මුල් කාලයේ සිට 2019 දක්වා.
ප්‍රශ්නය - මේක මද්‍රසා පාසලක් ලෙස ආරම්භ කර තිබෙන්නේ කවදා සිටද?
පිළිතුර - 2011 වසරේ සිට. මේක මේ ස්ථානයට ගෙන ඇවිත් තිබෙන්නේ කාර්තිව්වල මහපල්ලි අසල සිට. ඒ කාලේ මේක දහම් පාසලක්. ඒ දහම් පාසල ආරම්භ කරලා තිබෙන්නේ 1989දීයි. මුස්ලිම් දරුවන්ට පාසල් කාලයෙන් පසුව දහම් අධ්‍යාපනය දීමටයි මේක ආරම්භ කර තිබෙන්නේ.
ප්‍රශ්නය - එහි කවුද පුහුණුව ලබලා තිබෙන්නේ?
පිළිතුර - අවුරුදු 12ත් 16ත් අතර ළමුන් 36 දෙනෙක් පුහුණුව ලබා තිබෙනවා.
ප්‍රශ්නය - ඒ අය අතර විශේෂයක් තිබුණාද?
පිළිතුර - මේ ළමයි මද්‍රසා පාසලේ ඉගෙන ගත් අයගෙන් තෝරාගත් අයයි. ඒ වගේම සේව්ද පර්ල් සංවිධානය මගින් වරින් වර ළමුන් 26 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. ඔවුන් මට්ටක්කුලිය, මාදම්පේ ප්‍රදේශවල ජීවත්වන දුප්පත් පවුල්වල දරුවන්.
ප්‍රශ්නය - මොනවද ඔවුන්ට පුහුණුව දී තිබෙන්නේ?
පිළිතුර - අන්තවාදය ගැන දේශන පවත්වා තිබෙනවා. ඒ සඳහා සහරාන් හා ඉල්හාම් සම්බන්ධ වී තිබෙනවා. ජෙනෆර් පාතිමා යන අය කරාතේ පුහුණුව ලබාදී තිබෙනවා. ඊට අමතරව පුලස්තිනි, මොහොමඩ් නවුෆර් යන අයත් දේශන පවත්වා තිබෙනවා. රිල්වාන් ටී-56 ගිනිඅවිය ගැන පුහුණුව ලබාදී තිබෙනවා.
ප්‍රශ්නය - මේ පුහුණුව ලැබූවන් ගැන සොයාගත්තාද?
පිළිතුර - තවම ඒ ගැන පරීක්ෂණ කරනවා.
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියලු තොරතුරු තිබුණත් ප්‍රහාරයට පෙර සහරාන්ලා අල්ලන්න බැරිවුණා