IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


එජාපය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පක්ෂය විසින්ම අද  (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
මෙම පෙත්සම  විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවුණි.
 
ඒ  අවස්ථාවේදී පෙත්සම්කාර පක්ෂයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා  මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
 
 විනිසුරු මඩුල්ල එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.
 
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපති වරයා නම් කරනු ලැබ සිටිති.
පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුනේ අට වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බවය .එම මැතිවරණ දිනය පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර මැතිවරණ කොමිසමේ එම තීරණය නීතිවිරෝධී බවද පෙත්සම්කරු කියා තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු කියා තිබිණි.

 පවතින තත්ත්වය තුළ 08 වන පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සමින් සදහන් කර තිබිණි.

එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

එසේම 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා තිබුණි. 



අදහස් (5)

එජාපය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 June 2020 01:34 PM

පක්ෂ දේශපාලනේ මේ රට විනාශ කළා. හැමදාම මේ දේශපාලන මගුල තමයි කනට ඇහෙන්නේ... ඒ පැත්ත, මේ පැත්ත කොයි පැත්තත්, බලයට පොරකනවා. මිනී මරාගන්නවා. දෙතුන් පැත්තෙම ගැලරියේ සිටින්නන් තමන්ගේ අයගේ වරද වහගෙන අනුන්ගේ වරද හොයනවා. රෙදි නැතිව ඉඳගෙන අනුන්ගේ නිරුවතට හූ කියනවා. උගත් සුළු පිරිසක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ සිටින මෝඩ නූගත් රැල දක්කන්නා සේ මේ හය, හතර තේරුම් ගන්න බැරි මිනිසුන්ව දක්කනවා. ඕක තමයි මේ රටේ තියෙන දේශපාලන යථාර්ථය...

:       88       235

සුරංග Tuesday, 09 June 2020 02:02 PM

ඕවා තමයි ඩීල් කියන්නේ...

:       24       15

de silva Tuesday, 09 June 2020 02:21 PM

රනිල්ට කැමති කවුද ?

:       330       143

සමන් Tuesday, 09 June 2020 04:41 PM

රනිල්ට කවුරු කැමති, අකමැති වුවත් එතුමාට එක්සත් ජාතික පක්ෂය සුද්ද කරලා දානවාම තමා පුතෝ. 77 ජේ.අාර්. වගේ අලුත්ම කණඩායමක් එක්ක සටනට එ්වි.

:       0       0

Mahesh Tuesday, 09 June 2020 04:58 PM

රනිල් කවද්ද තනියෙන් වැඩක් කරලා දින්නේ. මිනිහා කියපුවා කරපු හැමෝම ජෝකර්ලා වුණා. අකිලත් ජෝකර් වුණා.. එජාපේ මේ ඡන්දයෙන් ඉවරයි.. ශ්‍රීලනිපයටත් එච්චරයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4918 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4853 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8343 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3126 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 841 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12553 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site