IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ගැසට් නිවේදනය බල රහිත කරන්න ඉල්ලූ පෙත්සම් 12 සලකා බැලීම 30 දා

(තිළිණි ද සිල්වා )
 
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ් බදුද්දීන් යන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ  සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම ලබන 30  දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියම කළේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , සිසිර ද අබෘ , සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන සහනය හදිසි කටයුත්තක් සේ සලකා පෙත්සම ඊයේ දිනම සලකා බලන ලෙසය.

එහෙත් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා මේ දිනවල ස්වයං නිරෝධායනයට ලක් වූ සිටීම හේතුවෙන් ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් පෙත්සම් සලකා බැලීම වෙනත් දිනයකට කල් දමන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එහිදී විවෘත අධිකරණය හමුවේ අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලුවිහාරේ මහතා කියා සිටියේ මෙවැනි පෙත්සමක් සලකා බැලීමේදී සියලු පාර්ශ්ව අධිකරණය හමුවේ පෙනී සිටීම වැදගත් බවය.

ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීම ලබන 30 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේන් බහිලා යන මහත්වරුන් , ඇතුළු පිරිසක් මෙහි පෙත්සම්කරුවන් වෙති.

සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

කෝවිඞ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති .

එහි 61  දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු නමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම තමන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති .සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඔවූහු සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති. එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ.සුමන්තිරන් , ෆායිස් මුස්තාපා , ඉක්‍රාම් මොහොමඞ් , නීතීඥවරුන් වන විරාන් කොරයා , ෆයිසා මුස්තාපා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.



අදහස් (6)

ගැසට් නිවේදනය බල රහිත කරන්න ඉල්ලූ පෙත්සම් 12 සලකා බැලීම 30 දා

nisar Thursday, 26 November 2020 11:12 AM

ගරු අධිකරණය මිහිදන් කරන්න අවසර ලබාදෙනවා කියලා අපට විශ්වාසයි.

:       11       72

Kamal KoyralaFriday, 27 November 2020 08:28 AM

අනිවා, නිසර්, අල් හමුදුල්ලා...

:       0       0

dhamneth Friday, 27 November 2020 04:34 AM

ලෙඩරෝග විෂබීජවලට ජාති, ආගම්, කුල, මල භේද නැහැ. අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ ජීවත්ව සිටින හා උපදින්නට සිටින ජනතාව ආරක්ෂා කරගැනීමටයි. මැරුණු මිනිහාට ආදාහනය කළත්, භූමදානය කළත් එකයි. නැවත පණ එන්නේ නැහැ. මීට දශක 02කට පමණ පෙර මෘතශරීරයක් ආදාහනය කරන්න පුළුවන් වුණේ ලොකු සල්ලිකාරයෙකුට පමණයි. නගර සභා, ප්‍රාෙද්ශීය සභා මගින් ආදාහනාගාර ඉදිකළාට පසුව තාමයි කාටත් ආදාහනය කරන්න අවස්ථාව ලැබුණේ. කොරෝනාවලින් පසුව කැමැති නම් භූමදානය කරන්න පුළුවන්. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වුණා. තමන්ගේ රටට ගැලපෙන විදිහට කටයුතු කරන්න බුද්ධිමත්ව...

:       1       0

yasantha Friday, 27 November 2020 04:40 AM

මිහිදන් කිරීමට අවසර දෙනවා නම් එය විශාල ප්‍රශ්නයක් වේවි භූගත ජලයට.

:       2       3

ShafFriday, 27 November 2020 06:29 AM

දන්නේ නැති නිසා අහන්නේ. කොවිඩ් හැදුණු අයගේ අපද්‍රව්‍ය පොළවට නෙමෙයිද එහෙනම් යන්නේ.

:       0       0

Rata Perata Friday, 27 November 2020 07:37 AM

මොන ආගමේ, ජාතියේ වුණත් මැරුණාට පස්සේ කොහොම අයින් කළත් මොකද? ඒක තමයි සත්‍යය... දැන් ඔය මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෝ ගැන ඔය කතාව කියනවා අපිට කවදාවත් ඇහිලා නෑනේ. අපරාදේ එයාලගේ භූමදාන අයිතිය නැතිකරගත්තා කියලා... මහපටු අදහස්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4918 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4853 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8343 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3126 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 840 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12553 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site