( තිළිණි ද සිල්වා )
සයිප‍්‍රස්හි මහල්නිවාස සංකීර්ණයකදී බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ තවත් ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණයෙන් වසර 6 1/2 සිර දඬුවම් නියම කර ඇතැයි තානාපති ආංරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ ඉතාලියේ පදිංචිව සිටි 47 හැවිරිදි ලාංකිකයෙකි.
අදාළ ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සයිප‍්‍රස් පොලිසිය එම ලාංකිකයාට එරෙහිව අපරාධ අධිකරණය හමුවේ පැවරූ නඩුව විභාග කර අවසන් කරමින් මෙම සිර දඬවුම නියම කර ඇත.
දික්කසාදය ලබා ගැනීමට මෙම චූදිත ලාංකිකයා ඉකුත් ජූලි 29 වැනිදා ඉතාලියේ සිට සයිප‍්‍රසයේ ලිමසෝල් හි සලාකි ප‍්‍රදේශයේ වෙසෙන පනස් හැවිරිදි සිය ලාංකික බිරිද හමුවට පැමිණ ඇත. එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුව මොහු සිය බිරිඳගේ මුහුණට සහ උදර ප‍්‍රදේශයට පිහියෙන් ඇණ මරා දමා හොර රහසේම පලා ගොස් ඇත.
සයිප‍්‍රසයේ අගනුවර වූ ලිමසෝල් හි ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකිරීණයක් තුළදී මෙම කත අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටියදී ඇයගේ සිරුර ඇයගේ ඥාතීන් විසින් සොයා ගෙන ඇති අතර පසුව ඒ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.
සයිප‍්‍රස් පොලිස් බලධාරීන් ඒ වනවිටත් ඉතාලිය බල පලා යමින් සිටි චූදිත ලාංකිකයා එරට ලර්නකා ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
පසුව ඔහු එරට රක්ෂිත බන්ධනාගාර ගත කළ සයිප‍්‍රස් පොලිසිය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා යටතේ නඩු පැවරූ අතර එම නඩු විභාගය අවසන් කරමින් එරට අපරාධ අධිකරණය විසින් මෙම සිර දඬුවම නියම කරනු ලැබිණි.
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප
ශ්රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා
මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
බිරිද ඝාතනය කළැයි ලාංකිකයෙයක්ට සයිප‍්‍රස් හිදි සිර දඩුවම්