IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම ගැන උපදෙස් ගන්න කල් දෙයි

 ( තිළිණි සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේසත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කර , තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් ඉකුත් මැයි 13 වැනිදා කොළඹ මහාධිකරණය දුන්  තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර කර ගන්වාද නැද්ද සම්බන්ධයෙන් ඒ මහතාගෙන්  උපදෙස් ලබා ගැනිමට  අභියාචනාධිකරණය  අද (11) පෙත්සම්කාර නිතිඥවරයාට කල් ලබා දුන්නේය.

එම ප්‍රතිශෝධන පෙත්සම අද (11) අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී  හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කල ඉල්ලිම සලකා බැලිමෙන් පසු මෙසේ නියෝග කෙරිණි.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට ඉකුත් 13 වැනිදා මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව රහස් පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කල අතර ඒ අනුව තමන්ට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු කළ බවද පෙත්සම්කරු කියා සිටී.
 
ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.



අදහස් (2)

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම ගැන උපදෙස් ගන්න කල් දෙයි

anura Friday, 12 June 2020 08:40 AM

දැන් ශුද්ධ වෙලා තියෙන නිසා නැවැත ශෝධනයක් නොකෙරුවාටත් කමක් නැහැ.

:       0       0

Bamunuarachchi Thursday, 18 June 2020 07:53 AM

සුමානයකට එක්කෙනෙක් බැගින් හිරබාරයට ගන්න කිව්ව මොහු කොහොමද රිමාන්ඩ් භාරයට පත් කරන්න කිව්වාම දින 28ක් පමණ නිරෝධායනයක සිටියේ? රිමාන්ඩ් එකේ ඉන්නේ නැතුව... මෙතනත් ඩීල් එකක් වැඩකළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4837 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4796 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8279 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3064 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 789 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12494 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site