IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ආසාදිතයින් සංඛ්‍යාව 460 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයන් ගණන 460 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 8කි.


(ප.ව.9.55 වනවිට)

කොරෝනා ආසාදිතයන් ගණන 452 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 32කි.


කොරෝනා ආසාදිතයන් ගණන 449 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 29කි.


(ප.ව. 6.50 වනවිට)

කොරෝනා ආසාදිතයන් ගණන 435 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි

අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 15කි.


(ප.ව. 6.43 වනවිට)

කොරෝනා ආසාදිතයන් ගණන 420 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි


කොරෝනා ආසාදිතයන් ගණන 417 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය සඳහන් කරයි.


කොරෝනා ආසාදිතයන් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි

 


(ප.ව 6.40 වන විට)

කොරෝනා ආසාදිත වු පුද්ගලයින්  46 දෙනකු පිළිබඳ අද තොරතුරු අනාවරණය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

ඒ අතර වැලිසර නාවික කඳවුරේ සෙබළුන් 30 දෙනකු සහ  11 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවෙස්වල නිරෝධායනයට ලක්වෙමන් සිටි කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි පිරිසකි.

සවස 5 පමණ වන විට  373 ක් ආසාදිතයින්ගේ ගණනක් ලෙස පෙන්වා තිබුණද  මේ වන විට එම සංඛ්‍යාව 414  ක් දක්වා ඉහළ ගොස් තිබේ .



අදහස් (30)

ආසාදිතයින් සංඛ්‍යාව 460 ක් දක්වා ඉහළට

සෙන්දේ Friday, 24 April 2020 02:08 PM

දවසේ ටෙස්ට් කරපු ගණනත් දැම්මා නම් දල අදහසක් ගන්න තිබුනා වෛරසයේ හැසිරීම ගැන..

:       0       2

athuraya Friday, 24 April 2020 02:08 PM

දැන් චන්දය තියන්න බැහැනේ... !!!

:       0       2

Shy Friday, 24 April 2020 02:32 PM

බලන් කඩතුරා හැර දෑසේ ..

:       0       3

ass charya Friday, 24 April 2020 02:34 PM

මොනවද මේ වෙන්නේ.

:       0       2

hith kiyavannaSunday, 26 April 2020 09:39 AM

ඔයාට ඕන ඔයා ආසා කරන දේ

:       40       4

Samare Friday, 24 April 2020 03:02 PM

යුද්ධයක් හා වෛරසයක් අතර වෙනස නොදන්න ජනාධිපති කියලා අපි කිව්වම අපට එජාප ජේවිපී ලේබල් ගහලා සමහරු බැන්නා. අද මොකද වෙලා තියෙන්නේ?

:       0       348

LAKSHITHA Saturday, 25 April 2020 01:20 AM

අපිට චන්දෙ දාන්න මැතිවරණය තියන්න. පවිත්‍රාට අනුවනම් 19 වෙනිදායින් පස්සේ බය වෙන්න දෙයක් නෑ. එක්කෝ තාම 19 වෙනිදා ඇවිල්ලා නැතුව ඇති.

:       6       2467

ජේ මනෝපාල Saturday, 25 April 2020 06:13 PM

මේ කොන්ද පණනැති ගමයා ගෙදර යවල, රට බේරාගත් අපේ වීරයා ජනාධිපති කරාම මේ මුස්ලිම් අන්තවාදය නිට්ටාවට සුව කරල, රට දියුණු කරලා ගන්නවා ෂුවර්....

:       89       468

SamSaturday, 25 April 2020 07:21 PM

1948 ඉදලම ලංකාව පාලනය කරලා තියෙන්නේ මුස්ලිම් එවුන් සහ දමිළයන්. එනිසා තමා අපි තාමත් දුප්පත් රටක්.

:       589       636

Samitha Senaka Aluthgamage. Saturday, 25 April 2020 05:51 AM

වහාම වෛද්‍ය විද්‍යාලවලට මහාචාර්යවරුන් හා විද්වතුන්ට ප‍්‍රධානත්වය දී මෙ වසංගතයෙන් රට බෙරාගන්න..

:       141       752

Kamal KoyralaSaturday, 25 April 2020 06:25 AM

අවශ්‍ය නැහැ. සිර හමුදාවට බාරදීලා තියෙන්නේ කාර්ය සාධක බලකායක් හදලා.

:       461       490

saliyaSaturday, 25 April 2020 04:36 PM

වැඩ කරන අපේ විරුවාට මේක මහා ලොකු දෙයක් නොවේ. කවුරුවත් උදව්වට ඕන නැහැ. එතුමා ඇප කැප වී ඉක්මනටම රට බේරා දෙන බව නියතයි.

:       300       357

Praba Saturday, 25 April 2020 06:23 AM

ඉස්සර එක බෝම්බෙන් 400 -500 මැරුණා.මේකෙන් 7යි . මොකට ඇදිරි නීතිය දානවද මන්දා ?

:       1333       274

සුරංගSaturday, 25 April 2020 01:13 PM

ඇඳිරි නීතිය අයින් කරල ආසාධිතයින් වැඩි වෙලා තමන් ඉතිරි වෙලා... පවුලෙ එකා දෙන්නා මැරෙනකන් මිනිස්සුන්ට තේරුමක් නෑ.

:       0       130

AjithdlSaturday, 25 April 2020 01:31 PM

ඔයාගෙ ඉස්කෝලෙ කියන්න පුලුවන්ද?

:       23       67

පිටිගල මිලානෝ Saturday, 25 April 2020 07:32 AM

චීනයට ගොඩබිමින් දේශසීමාවක් පවා ඇති වියට්නාමය කොරෝනා පාලනය අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. අපට මොකද වුනේ? වැඩ කෙරුනද... වැඩ (අල) කෙරුනද?

:       1448       1590

WijebahuSaturday, 25 April 2020 11:18 PM

අපේ අයගේ කටේ නරිවාදන්.... ටිකක් හොඳ වෙනකොට දේශපාලුවන්ට ප්‍රශස්ති ගීත ගයනවා.

:       0       110

athuraya Saturday, 25 April 2020 04:57 PM

ඇඩ‍්‍රස් නැහැ... මිනිස්සුන්ගේ නොසැලකිල්ලට දැන් බලාගන්න පුලුවන් වෙවි ඉස්සරහට

:       87       33

ranaSunday, 26 April 2020 05:22 AM

ඇයි මේ අපිට දොස්මුර ? අපේ ගම් වල ඔය රෝග තවම නැහැ. දැන් මේවා ගෙන එන ඈයෝ නොඑවා සිටියහොත් අපට බෝ නොවේවිනේ ? නමුත් දැන් දුම්රිය ගිහිල්ලා ඉවරයි වගේ නේද ?

:       5       27

athurayaSunday, 26 April 2020 06:43 AM

දැන් අමාරුයි යාලුවා.දවසට 40 ක් විතර එකතුවෙනකොට එයාලගෙන් තව කීයකට පැතිරෙයිද?

:       0       1

pradeepa Saturday, 25 April 2020 05:05 PM

corona ඉක්මනට අඩුකරන්ඩ මගේ දෙවියනේ... අපිට ජුනි 20 ගිහිල්ල චන්දෙ දමන්න...

:       34       119

Anura Sunday, 26 April 2020 01:02 AM

වෙන රටවල් වල ලොක් ඩවුන් කරාම ආසාධිතයන් අඩුවෙනවා. අපේ රටේ ඒකේ අනික් පැත්ත.

:       0       148

Anton austriaSunday, 26 April 2020 06:31 AM

අඩුවෙච්ච රට කියන්න අනුර, තමන්ගේ රටේ හොඳ අගය තේරෙන්නේ නැති හිවල්ලු....

:       253       10

BamunuarachchiMonday, 27 April 2020 11:27 AM

තමන්ගේ රටේ අගය තේරෙන හින්දද? ඔහේ නම අගට ඔස්ට‍්‍රියා කියලා දාගෙන දඟලන්නේ? ඔස්ට‍්‍රියා තියෙන්නේ කොහේද කියලවත් දන්නවද දන්නේ නෑ කියන ගොන් කතා බැලුවම... දැන්වත් එක එකාගේ රෙදි හෝදන්නේ නැතුව ඉන්නවා...

:       0       0

de silva Sunday, 26 April 2020 03:45 AM

දොස්තර පාදෙණිය මහත්මයා ප්‍රකාශ කරලා තිබුන වැලිසර වගේ පොකුරු දහසක් හැදුනොත් රටේ සෞඛ්‍ය පද්ධතියට ඒක දරාගන්න බැරිවේවි කියලා....එහෙම වුනොත් ඉතාලියේ එංගලන්තෙට වැඩිය අපේ රටේ මරණ සිදුවේවි. චන්දයක් තිබුනම චන්දපලේ ඉන්න රාජ්‍ය නිලධාරියෝ කෙලින්ම 4000-5000 අතර චන්දදායකයන්ට කෙලින්ම නිරාවරණය වෙනවා. ආරක්ෂක හමුදා සාමාජිකයනුත් ඔවුන් සමග චන්දෙදි කටයුතු කරනවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ නැවත රාජකාරි කරනකොට දිනකට 100-300 අතර ජනතාවකට සේවය සලසන්න වෙනවා. සහෝදර නිලධාරීන් සමග රැස්වීම් වලට සහභාගී වෙනවා. එහෙම වුනොත් චන්දේ පවත්වලා මාසයක් යනකොට කොරෝනා ආසාධිතයයෝ ලක්ෂයක් විතර ලංකාවෙන් හමුවේවි. ඉන් 30000 ක් විතර මැරේව්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවක් නැතිවුනොත් රට ඒකාධිපතිවාදයකට යන්න පුළුවන් හොදම දෙය චන්දය කල් දමල පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. පාර්ලිමේන්තුව අලුතෙන් රැස්වෙන එක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. එමනිසා විශ්‍රාම වැටුප් වැනි දීමනා වලට එම කාලය අදාල නැහැ කියල පනතක් සම්මත කරගත්තම ඔය කියන විශ්‍රාම වැටුප් ප්‍රශ්නෙත් විසදේවි.

:       166       234

anuruddha Sunday, 26 April 2020 04:28 AM

කොරෝනා පැතිරෙන එක නැවැත්තුවොත් ඒකේ අගය ආණ්ඩුවට. කොරෝනා පැතිරෙන එක වැඩි උනොත් ඒක මිනිස්සුන්ගේ වැරැද්ද.

:       1       171

de silva berlin Sunday, 26 April 2020 06:08 AM

අනුර ඔබගේ කතාව ඇත්ත , ඒකට හේතුව අපේ රට ලෝක ඩවුන් කරන ක්‍රමය , එකවර ඇදිරිනීතිය දමලා දින කිහිපයක් තබල නැවත පැය කිහිපයකට ඇරලා නැවත වහල දමනවා , එහෙම වුනහම මිනිස්සු එකපොදියට පෝලිම වල ඉඳගෙන බඩු ගැනීමට සහ නොයෙකුත් අවශ්‍යතා සදහා එක්රැස් වෙනකොට රෝගය බෝවීම සිදුවෙන්න පුළුවන්.

:       0       1

රෝහිත Sunday, 26 April 2020 07:11 AM

කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන චන්දෙ දිනන්න හිතපු මේ කාලකන්නි පාලකයෝ මගේ රට විනාශ කරනවා. ඒත් උන්ගෙම මුසා බස් වලට රැවටිලා උන්ටම කඩේ යන අලුගෝසුවන් ටිකකුත් ඉන්නවා.

:       0       186

kamalini Sunday, 26 April 2020 11:22 AM

460 නෙමෙයි... ලක්ෂ 460ක් වුණත් කම් නෑ... අපි ඡන්දෙට යමු. ආණ්ඩුවට දිනන්න පුළුවන්...

:       0       0

බද්රානි Sunday, 26 April 2020 02:18 PM

ලැජ්ජා බයට ඇති දැඩි වුණා කීකරු බලු කුක්කෙක් පවා දන්නවා "ලජ්ජා බීටියේ " තරම... එ්කනේ මේ ඇත්ත ඇතිසැටියෙන් ඇහෙද්දී, හොරිකඩ දෙකකුල් නැට්ටෙන් ගසා ඇඟේ වහගෙන සිටින හොරිකඩ කිනිතුල්ලන්ව හුරතල් කිරීමට සැරසෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site