IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06)  තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව, ඇගලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොරෝනා පොකුර 569  දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබිණි.

මෙම සියලු දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇත.

 



අදහස් (38)

ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි

sena Tuesday, 06 October 2020 04:49 AM

ඉස්සරවෙලාම හම්බවුන රෝගියාගේ පසුපසම එලවන්නේ නැතුව ඔය කියන කම්හලට පිටරටින් මිනිස්සු ආවේ නැද්ද.?

:       3       42

ranaTuesday, 06 October 2020 06:23 AM

පලමුව හමුවන රෝගියා ඔය කියන ආයතනයෙ පලමුවනිම රොගියාද ? මෙය ඉතිරි රෝගීන් සොයා යෑමට ඉතා වැදගත් නේද ?

:       2       8

pathiranaTuesday, 06 October 2020 08:07 AM

මටත් හිතෙන්නේ මේක මේ කියන කාන්තාවගෙන් ඇතුල්වෙච්ච දෙයක් නොවේ. ආයතනයේ ලොක්කන්ගේ නොසැලකිල්ල නිසා ආයතනයට වෛරසය ඇතුල් වෙලා දිග කාලයක් ගත වෙලා වගේ පේන්නේ.

:       5       30

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 05:02 AM

මේ ඇතිවූ කොරෝනා රැල්ලට රටේ සෞඛ්‍ය බලධාරීන්, ඇමැතිවරිය ඇතුළු කොවිඩ් මර්දනය සඳහා පත්කළ කමිටුව ප්‍රධාන වශයෙන්ම වගකිව යුතුයි. එයට හේතුව එක්වරම කොවිඩ් අමතක කර දැමුවා. බොහෝ පොලිස් නිලධාරීන් පවා මූව ආවරණ දැම්මේ නැහැ. මේ නිසා මිනිසුන්ද එසේ කළා. නීති ලිහිල් කළා. පෙරදේම නීති පවත්වාගෙන ගියානම්, මෙසේ නොවීමට ඉඩතිබුණා. ඇතැම් බුද්ධිමත් මිනිසුන් එදා සිට මේ දක්වාම මුව ආවරණ භාවිතා කළා. පසුගිය දිනෙක මුව ආවරණ නොමැතිව සිටි පිරිසක් විසින් මා ඇතුලු මුව ආවරණ දාගත් අයට සමච්චල් කරනු ලැබුවා. එහෙම තමයි මේ රටේ හැටි. මට හිතෙන්නේ කාට හෝ මේ වසංගතය තම වාසියට දීර්ගකාලීන ව පවත්වා ගැනීමට අවශ්‍ය ඇති. නොඑසේ නම්, ඉන්දියාවේ වාතාවරණය ගැන නොසිතා සෞඛ්‍ය නීති රීති ලිහිල් කළේ මන්ද යන්න බොහෝ තතු දත් අයගේ සැකයට හේතුවක් වී තිබේ.

:       12       81

මරියා Tuesday, 06 October 2020 05:34 AM

ඔය ගොඩට සර් වත් ඇතුළු කරන්න ඕනේ. එයත් මාස්ක් නැතිව ඇවිද්දා රට වටේ. වැරදීම ආදර්ශය දුන්නේ රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන්...

:       10       123

මුණසිංහ Tuesday, 06 October 2020 08:06 AM

අරයා දැම්මා මෙයා නැහැ කියලා එක එක්කෙනාට අඟිල්ල දික් කරගෙන හිටපු එකේ විපාක තමයි මේ. තමතමන් තමාගේම සෞඛ්‍ය ගැන හිතලා කටයුතු කළා නම් මෙහෙම නැහැ...

:       4       18

විජිත් Tuesday, 06 October 2020 09:26 AM

ඔව් සමිත, ඔයාගේ සටහනෙන් කියලා තියෙන සත්‍යය තේරුම් ගැනීමට තව ටික කලක් අපේ රටේ අයට අවශ්‍ය වෙයි .ඉස්සෙල්ලාම "අපි කෝවිඩ් මර්ධනය කළා... චීන වාර්තා අනුව අපි තමයි ලෝකයේ අංක 2.." කියමින් ලෝකෙටම කෝචෝක් පෙන්වපු අපේ දේශපාලුවන් නොදන්නා එකම දේ තමයි තමන් නොදන්නා බව. මුළු ලෝකෙම මේ වයිරසයෙන් පිඩාවට පත්වෙලා ඉඳිද්දී .. " අපි වැඩකාරයෝ " කියලා අපි අපිටම තෑගී සම්මාන එහෙමත් දිගත්තා. "නිහතමානීකම" කියන උතුම්ම අංගය අපේ පාලකයින්ට තිබුනේම නැහැ. පාලකයින් හැමතිස්සෙම උත්සාහකළේ කොරෝනාවෙනුත් දේශපාලන වාසි ගැනීමටමයි. රටට ණය ගැනීමේ ලොකු අවධානමක් තිබෙන මේ මොහොතේ ආණ්ඩුව හිතනවා නම් තමන්ගේ නොහැකියාව කොරෝනා පිට පටවා බේරෙන්නට.. ඔවුන්ට වැරදිලා. කොරෝනා වසංගතය පවතින අවස්ථාවක ජනතාවට මැජික් පෙන්වලා බලයට පත්වුණු නිසා.. දැන් බොරු කියන්න බැහැ. බැරිනම් පැනලා යන්න වෙනවා. රටෙන්ම පැනලා යන්න වෙනවා. මෙහෙනම් ඉන්න බැරිවේවි..!!!

:       1       18

janahitha UAETuesday, 06 October 2020 10:52 AM

මෙය කිසිවෙකුටත් පාලනය කළ නොහැක. රැල්ලක් සේ පැතිරෙනවා.. නැතිවෙනවා. දරුණු ලෙස ආසාදනය වුණොත් එකෙකු හෝ ඉතිරිවන්නේ නැහැ. මෙහි දිනකට 1200ක් පමණ අහුවෙනවා. දෙවියන්ගේ පිහිට පතනවා ශ්වසන පද්ධතිය අවහිර වුණාම... ඔවුන් විඳින දුක අන්තර්ජාලයෙන් බලාගන්න. බුදු සරණයි.

:       0       5

Champa Tuesday, 06 October 2020 05:26 AM

ඡන්දය වෙනුවෙන් කොරෝනා මර්ධනය කළා යැයි කරගෙන ගිය බොරුවේ අවසානය මේක තමයි. ඡන්දයෙන් පස්සේ කිසිම කෙනෙක් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නෑ. හැබැයි දැන් මේ තත්වයත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරන්න මේ අසමත් පාලනය උත්සාහ ගනිමින් ඉන්නවා.

:       30       57

ChandiTuesday, 06 October 2020 09:54 AM

දවල්ද?

:       14       4

Faris Tuesday, 06 October 2020 05:28 AM

බලධාරීන් වග කියන්නට ඕනෑ වගේම මහජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනේ. කොරෝනා ගැන මෙතරම් දැනුවත් කරලත් මිනිස්සු හැසිරෙන්නේ කිසිම සමාජ වගකීමක් නැතුව...

:       0       127

මුණසිංහ Tuesday, 06 October 2020 08:07 AM

හරියටම හරි...

:       1       18

Kavinda Tuesday, 06 October 2020 05:33 AM

රටේ ගොන් හරක් ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ මේ ගවඝාතනය වරණයත් එක්ක. අනුන්ට අවවාද දෙනවා මිස්සක් තමන් හැදෙන්නේ නැහැනේ. තමන් ප්‍රවේසම් වුණානම් හැමෝම ප්‍රවේසම් වෙනවා. ඔය පුරසාරම් දොඩන මම කියපු හැටියට පිළිපදින්නේ නැති කට්ටිය...

:       2       24

disanayaka Tuesday, 06 October 2020 05:42 AM

ගොන් කතා කියන්න එපා. අනුන්ගේ වැරැදි හොයන එක නෙමෙයි හරි. මේ වෙලාවේ තමුන්ගේ වගකීම පුරවැසියන් විදිහට ඉටුකළ යුතුයි. සියලු සත්‍ය විස්තර ආරක්ෂක අංශවලට ලබාදිය යුතුයි.

:       15       22

Saman Tuesday, 06 October 2020 05:48 AM

මේ තත්වයට මම නම් හිතන්නේ සෞඛ්‍ය බලධාරීන් වග කිව යුතුයි. අහඹු පී.සී.ආර් පරික්ෂණ කරන බවක් පසුගිය කාලයේ අපි දැක්කේ නෑ.

:       6       22

විජේ Tuesday, 06 October 2020 05:59 AM

දැන් හරිනේ, ඕකට තමයි ඔක්කොමලා දැඟලුවේ... දැන්වත් බූරුවන් මීහරකුන් වගේ නැතුව පිළිපැදපල්ලා ආරක්ෂක විදිවිධාන...

:       2       34

Ashan Tuesday, 06 October 2020 06:37 AM

මම දැක්කා මේ වැඩපලේ එක් කාන්තාවක් කියනවා පරීක්ශණ කරන්න මහන්සියි කියලා එයාලට ගෙදර ගිහින් හෙට එන්න කිව්වලු. හරිම කණගාටුයි. ඒ ළමයි කොච්චර අසරණද? මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ... මේ ප්‍රාන්තයේ විතරක් දිනකට පරීක්ෂණ 10,000-15,000 අතර කරනවා. එහෙම තමයි මේක හොයාගන්න පුළුවන්...

:       11       26

INDIKATuesday, 06 October 2020 07:42 AM

බොරු කියන්න එපා. මේ වගේ කම්පැණියක් හරිම වගකීමකින් වැඩ කරන්නේ. ආවාට ගියාට තියෙන කම්පැණි නෙවෙයි. ලංකාවට ගොඩක් දේවල් කරන්න හොඳ කම්පැණියක්. බොරු ප්‍රචාර කරන්න එපා දන්නේ නැතිව...

:       30       14

Ashan Tuesday, 06 October 2020 09:51 AM

සමාජ මාධ්‍යවල ඒ වීඩියෝ එක තියෙනවා. ඔබතුමියට බලන්න පුලුවන්... වැඩකරන ළමයිම තමයි කියන්නේ...

:       2       7

AkilaTuesday, 06 October 2020 10:14 AM

හරියට වගකීමෙන් වැඩකරන නිසා තමයි කර්මාන්ත ශාලවේ ඔක්කෝටම වගේ කොරෝනා බෝවෙලා තියෙන්නේ..., CCTV චෙක් කරලා බැලුවානම් හොයන්න පුළුවන් පහුගිය සති කිහිපයේ කට්ටිය හිටිය හැටි...

:       2       6

තුෂාර Tuesday, 06 October 2020 06:59 AM

මේ වෙන විදිහ හිතාගන්න බෑ.. මට නම් හිතෙන්නේ මේ කොරෝනා රෝගීන් හමුවීම පවතින රජයේම සංකල්පයක්ද කොහෙද? හේතුව නම් මට හිතෙන්නේ විදේශ ආධාර ලබාගැනීම සහ ආණ්ඩුව විසින් කරගෙන යන නීති විරෝධී ක්‍රියාමාර්ග යටපත් කර ගැනීම ආණ්ඩුවෙන් ගන්නා තීරණ මිනිසුන්ගෙන් සඟවා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි. හේතුව නම් එක කොරෝනා රෝගියෙක් හමු වුණාම ඒ සමගම අනිකුත් දිස්ත්‍රික්කයන්ද ඉක්මණින්ම කොරෝනා රෝගීන් සොයාගනියි. ඉතා ඉක්මණින්ම විශාල රෝගීන් පිරිසක් සොයාගනී.. හරියටම නිකං එම රෝගීන් ඉන්න තැන් දන්නවා වගේම ගිහින් එම රෝගීන් සොයා ගන්නවා.. ඉතිං මට හිතෙන්නේ මේ රෝගීන් ආණ්ඩුව විසින්මම ප්‍රදේශයන් වෙත සමාජගත කර ඇති බවයි. වරින්වර එසේ රෝගීන් සොයාගෙන පවතින රජයේ ඇති දුර්වලතාවයන් අමතක කරවා එම කාරණය උඩට ඉස්මතු කර ගැනීමට‍ කරන ක්‍රියාවක් ලෙස මට හැඟේ. එම කාරණය නිසා අනිකුත් රහස් කටයුතු අමතක කර දමා මිනිසුන් නැවතත් කොරෝනා පමණක් සිතීමට පටන් ගනී. රජයේ ක්‍රියාමාර්ග සාර්ථක බව පෙනී යයි. දැන් නැවතත් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට තර්ක ඇත. කොරෝනා නිසා කිසිදෙයක් කළ නොහැක කියා...

:       27       37

Ruwan EARTuesday, 06 October 2020 09:06 AM

අනුවණ අදහසක්..

:       3       4

Prabha Tuesday, 06 October 2020 09:19 AM

හැමදේටම දේශපාලනය ගාවාගන්නේ නැතිව වයිරසය ව්‍යාප්ත වෙන විදිහ සහ වේගය ගැන දැනුවත් වෙන්න. කොයි රටේත් රෝගියෙක් හමුවුනාම එයා ආගිය තැන්වලින් තමයි අනික් රෝගීන් හමුවෙන්නේ. මම ජීවත් වෙන්නෙත් කොරෝනාවෙන් බැටකන රටක..

:       2       9

JANAHITHA Tuesday, 06 October 2020 12:15 PM

කිසිම සංකල්පයකට රජයකට මෙය පතුරුවන්න බැහැ. එහෙම පතුරුවන අය පළමුවෙන් ආසාදනය වන නිසා...

:       0       2

Soma dubayi Tuesday, 06 October 2020 07:02 AM

මේ ආයතනය වසාදැමිය යුතුයි. මේ කරපු අපරාධයට...

:       79       15

malindaTuesday, 06 October 2020 10:06 AM

කණගාටුයි ඔබතුමියගේ ප්‍රතිචාරයට මෙම රෝගය ආයතනය මගින් නිෂ්පාදනය කළ එකක් නොවන අතර ඔබ කියන ඒ ආකාරයෙන් වසා දැමුවහොත් මෙයින් යැපෙන අය බලාගන්න ඔබ සූදානම්ද?

:       1       12

MobarakTuesday, 06 October 2020 10:11 AM

සමහරු පුදුම වයිරයකින් ඉන්නේ... ආණ්ඩුව එක්ක මෙතන තියෙන්නේ ලෙඩක් කියලා එන්නේ නැහැ මම එනවා කියලා යුතුකම ඉටුකරන්න.

:       4       4

jayTuesday, 06 October 2020 10:36 AM

වසාදැමීම නෙමෙයි විසඳුම. වගකීමක් නොමැතිව සේවකයින් සේවයේ යෙදවීමයි. තිබෙන ගැටලුව. ඒ සඳහා පරීක්ෂණයක් කළ යුතුයි. රෝග ලක්ෂණ පෙන්වද්දීත් ඔවුන් එහි සේවකයින් පැනඩොල් බොන්නට දී සේවයේ යෙදවූවා කියලා මම තව නිව්ස් එකකින් දැක්කා.

:       0       6

isurandi Tuesday, 06 October 2020 08:13 AM

ලංකාවේ අයට ඉක්මණටම අමතක වන රෝගය බහුලවම දකින්න තියෙනවා.

:       0       18

priya Tuesday, 06 October 2020 08:20 AM

මේ ඇඟලුම් කම්හලට කොහෙන්ද බඩුමුට්ටු එන්නේ...? කුමන හෝ ආසාධිත රටකින් මේ ඇඟලුම් කම්හලට බඩුමුට්ටු හෝ පුද්ගලයන් පැමිණියාද? අපි නම් විශ්වාස කරන්නේ කොහේහරි ආසාධිත රටකින් ගෙන්වපු බඩුමුට්ටුත් සමග මේ වසංගතය අපේ රටට පාත් වුණයි කියලා.

:       6       17

TruthTuesday, 06 October 2020 09:08 AM

ඇත්ත...

:       1       6

janahitha Tuesday, 06 October 2020 10:55 AM

මෙම සමාගමේ ගොඩනැගිලි නිරෝධායනයට ලබාදීලා තිබෙනවා. අදත් එහි විදේශ ශ්‍රමිකයන් ඉන්නවා. එතැනින් එන්නත් පුළුවන්.. නමුත් මෙය පැතිරෙන විදිහ කිසිවිටෙකත් අනාවරණය කරගත නොහැකි වනු ඇත.

:       3       0

de silva Tuesday, 06 October 2020 08:50 AM

ප්‍රියා මහත්මිය, ලෝකයේ සියලුම රටවල කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ලංකාවේ පමණක් වෙනස් වෙන්න හේතුවක් නැහැ. මේවා හොයන්න නම් වැඩිපුර පරීක්ෂණ කරන් වෙනවා. ඇඟලුම් කම්හල්වලට පිටරටින් ගෙන්වන බඩුවල කොරෝනා තියෙන්න බැහැ. ඒවා ලංකාවට එන්න සති ගාණක් ගතවෙනවා.

:       1       9

විජිත් Tuesday, 06 October 2020 09:09 AM

මහා ඍෂි "එලියන්ත වයිට්" ගේ බලපරාක්‍රමයෙන් මේ කොරෝනා නවත්වන්න යනවා කියලා සති කිහිපයකට කලින් මගේ මිතුරෙක් දන්වලා තිබුණා. මිත්‍යා දෘෂ්ටිකයින්ට මැජික් පෙන්වන එලියන්ත වයිට් මහා වැඩකාරයෙක් නම් මේ කොරෝනා පොකුර එයාට මහ කජ්ජක්ද.? ලංකාවේ අය 100% සුවපත් කළාට පස්සේ අපි එයාව ඉන්දියාවට, ඇමෙරිකාවට, යුරෝපයට විකුණමු. කොරෝනා හොඳ කරන්න එක ලෙඩෙක්ගෙන් ඩොලර් 1 ගානේ අයකළත් කොපමණ මුදලක්ද..? ඊගාවට ඉතිරිවන ලෝක ජනගහනයටම ප්‍රතිශක්තිය ඇතිවෙන්න බෙහෙත් කිරීමෙන් කොයිතරම් අාදායමක් අපේ ධර්මද්විපයට විදේශ විනිමය ලෙස හොයාගන්න පුලුවන්ද? හොරරැල විසින් කොල්ලකාගත්ත මුදල් නිසා අපේ රට ලෝකෙටම ණයවෙලා ඉන්න මේ මොහොතේ ඒ ණය ඔක්කොම " සුටුස් "ගාලා ගෙවලා දාලා... සුඛිත මුදිත ජාතියක් ලෙස ලෝකයේ අංක 1 ලෙස වැජඹෙන්නට නම් මහින්ද රාජපක්ෂට සිද්ධවෙනවා එලියන්ත වයිට් නම් තමන්ගේ ඉන්ද්‍රජාලිකයාගේ වැඩ ලෝකෙට පෙන්වන්න...

:       3       11

බද්රානි Tuesday, 06 October 2020 10:01 AM

කොරෝනා රෝගයෙනුත් මඩිය තර කරගත්ත, මිනිස්සු හා පාලකයින් සිටින රටකට කොරෝනා උවදුර නොපැමිණියොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ. කොරෝනාවලට වැටුපෙන් භාගයක් පරිත්‍යාග කළ අරමුදල් කාගේ ගිණුමටද ගියේ? විශේෂයෙන් මැදපෙරදිග රටවල අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින්ට පියවර නොගත් රටකට සෙතක්, ශාන්තියක් උදාවෙයිද? යුරෝපා රටවලින් පැමිණෙන ලාංකිකයින්ගෙන් ගසා කෑම මොනතරම් කුරීරුද? අනෙකා මැරී තමන් පමණක් ජීවත් වීමට පෙරුම් පුරන්නන් හට ඕනෑවටත් මරබිය දැනී ඇති බව නම් පේනවා. අනේ මම නම් කොරෝනා නෙමේ ඔයිට වඩා එකක් ආවත් මැරෙන්න බය නැහැ. මම ලංකාවේ ඉන්න අඥාන, ආත්මාර්ථකාමී මිනිස්සුන්ට කියන්නේ මේ කොරෝනා රෝගය සමාජ රෝගයක් නොවෙයි. ඒ නිසා, මේ වයිරස් රෝගය වැළඳුණු අයට නිකරුනේ දොස් කියන්න එපා. අනික, කොරෝනා අසාදනය වූ සියලු දෙනා මැරෙන්නෙත් නැහැ. කවදා හෝ මැරෙනවා කියා ජීවත් වෙලා ඉන්න ටිකේ පුහු පම්පෝරි, කයිවාරු නොගහා සැනසීමෙන් ජීවත් වෙයල්ලා...

:       4       4

Nimal Tuesday, 06 October 2020 10:47 AM

මෙය ආයතනය තුළට චීනෙන් ආනයනය කළ රෙදි මාර්ගයෙන් ආපු එකක් වෙන්න පුළුවන්.

:       1       2

nirodayana Tuesday, 06 October 2020 10:48 AM

ආදායම් ගැන කියනවා.. මෙය මාරාන්තික ස්වසන පද්ධතිය හරහා වේගයෙන් පැතිරෙන වෛරසයක්.. බෙහෙත් නැහැ. සුවවුණත් ජීවිතයට තර්ජනයක්.. පෙනහළු දුර්වල වීම නිසා වහාම ආරක්ෂා වනු. දුප්පතා, පොහොසතා, කොළ අලි, පොහොට්ටු, කහ ජෙප්පෝ අදාළ නැහැ.

:       0       6

janabala asamagi Tuesday, 06 October 2020 10:56 AM

මෙය මාරාන්තික වයිරසයක්.. අගත් මුලක් ලෝකයාටම සොයාගන්න බැහැ. ආරක්ෂා වෙයල්ලා... දරුණු ලෙස ව්‍යාප්ත වුණොත් ඔක්කොම නැතිවෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2828 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 980 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 966 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23940 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site