මලීෂා ගුණවර්ධන
කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය මැයි මස 4 වැනිදා උදැසන 5 දක්වා දිර්ඝ කර තිබේ.
අනිකුත් දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය අපෙු්ල් 27 වැනිදා උදැසන 5 ට ඉවත් කර නැවතත් එදිනම රාත්‍රි 8 පනවනු ලැබේ.
ඉන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික් වලට ඇදිරිනිතිය මැයි 1 වැනිදා දක්වා පනවනු ලබනුයේ රාත්‍රි 8 සිට පසුදා උදැසන 5 දක්වා පමණි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිය මැයි 4 තෙක් දිගු කරයි
banda Saturday, 25 April 2020 01:54 PM
මෙහෙම දිගටම ඇදිරි නීතිය දාගෙන, සල්ලි අච්චු ගගහ මිනිස්සුන්ට බෙද බෙද තව වැඩි කාලයක් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව පාලකයන්ට වැටහේවා....
athuraya Saturday, 25 April 2020 03:53 PM
ජුනි 20 වෙනකොට සති 5ට වඩා තියෙනවා.. ප්‍රචාරණ වැඩවලට...!!!
JJH Saturday, 25 April 2020 03:58 PM
කොහොමද ජන්දේ තියන්නේ...?
almeida Saturday, 25 April 2020 04:13 PM
එකපාරම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන්නකෝ...
samSaturday, 25 April 2020 10:33 PM
අල්මේදා, එහෙම කලොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ජොබ් එක නැති වෙනවානේ?? උදේම ඇවිත් ඇඳිරි නීතිය දීර්ඝ කරනවා කියනවා, දවල්ට කෑමට පෙර ඇවිත් ඉවත් කරනවා කියනවා, හවස වැඩ ඇරෙන්න කිට්ටුව ඇවිත් දීර්ඝ කරපු පෙදෙස් වල ඉවත් කරන බවත්, ඉවත් කරපු පෙදෙස් වල දීර්ඝ කරන බවත් කියනවා. මේවාගේ ඉතා සාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති මිනිසුන්ට හඳුන්වා දීමේ අවස්තාව නැති කරගන්න කියලද ඔබ කියන්නේ ??
sumane Sunday, 26 April 2020 02:14 AM
බැසිල් මහත්තයා සනීපෙන් ඇති නේද ...? උන්නැහේට දැන් ඔය හම්බු වෙච්චි ආධාර එහෙම බෙදලා එපාවෙලා ඇත්තේ ...අනේ අහිංසකයා අපහු ඉතින් මේ ටිකේ හරි හම්බ කර ගත්තු ඒවත් අරන් මැණිකේ එහෙම බලන්න යන්නත් එපාය ...!! අනේ මේ පාර යනකොට අර ගිය පාර ගියා වගේ සාටකේ ගලවලා යන්න එපා. අපි ඉතින් ඔහෙලා දෙන 5000 අරගන්න ඔහෙලා අහන 1000 ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපාය ...? අනික ඉතින් ඒ පන්දහෙන් ගත්තු බදු මුට්ටු තියාගන්න අපේ ගෙවල් වල ඉඩක් නැහැ. අපිනේ දුක් විඳින්නේ කන්න බොන්න සල්ලි නැතුව ...? තව ඇඳිරි නිතිය දික් කොරලා අපිට ආතල් දෙන්න...
palitha Sunday, 26 April 2020 05:47 AM
මේ ඇඳිරි නීතිය ඉවත් වෙයි කියලා පුල පුලා බලා සිටිය 22 හා 27 වෙනි දවස් වල. දැන් මැයි 4 ලු. දැන්නම් ඉතින් අපිටත් එපා වෙමින් යන්නේ මේ වැඩේ. ඇඳිරි නීතිය දාලා අත්‍යාවශ්‍ය සේවා කියලා ගහගෙන කොල්ලොයි බල්ලොයි සේරම පාරේ. හදිස්සියකට වැඩිහිටියෙකුට බඩු ටිකක්, බෙහෙත් ටිකක් ගන්න යන සාමාන්‍ය මිනිහට තමයි සේරම කරදර තියෙන්නේ.
Rata Perata Sunday, 26 April 2020 08:06 AM
ඔක්කොම නීති අහිංසක ජනතාවට විතරයි. දේශපාලුවෝ සහ උන්ගේ ඇම්බට්ටෝ කිසි කරදරයක් නැතුව ඇවිදිනවා.