(තිළිණි ද සිල්වා)
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වල කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම සදහා වන ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය හරහා සිදු කෙරෙන බව එම මණ්ඩලය සදහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ්
අඩවියේ www.investsrilanka.com. ඇති උපදෙස් අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කිරීමට පියවර ගන්නා අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට එම වෙබ් අඩවියට පිවිසෙන්නැයි අයෝජන මණ්ඩලය කාර්මාන්ත ශාලා හිමියන් ගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හැමවිටම සහාය දක්වන බවද එම මණ්ඩලය පෙන්වා දේ.
රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරන අතර ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වනු ඇතැයි එම මණ්ඩලය අපේක්ෂා කර සිටී.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා