(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම නිවසේ එම පුද්ගලයාගේ බිරිඳ ,පුතා , ලේලිය සහ කුඩා දරුවකු ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 28 දා රෝහලින් පිටව ගොස් නිවසට නිවසට පැමිණ ඇති අතර ඒ බව දැනගත් අසල්වාසීන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුවත් කිරීමත් සමඟ අද 31 දා අලුයම පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ නිවසේ පදිංචි කරුවන්ට නිවසින් පිටතට නොයන ලෙසට උපදෙස් ලබා දුන් බව පැවසේ.
පසුව මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කිරීමක් කිරීමත් සමග කහපොල මහජන සෞඛ්‍යය පරීක්ෂක අසිත හසිත ලක්ෂාන් මහතා ඇතුළු නිලධාරීන් 31 දා උදෑසන 8.30 ට පමණ එම නිවසට පැමිණ නිවැසියන්ට සෞඛ්‍ය සෞඛ්යාරක්ෂිත උපදෙස් ලබාදී අදාල නිවස නිරෝධායන නිවසක් බවට නම් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට
sanjeeva Tuesday, 31 March 2020 04:00 AM
මෙය මුස්ලිම්ද ? නැතුව ඇතිනේ ?
krishanthaTuesday, 31 March 2020 04:23 AM
ඒකේ වැදගත්කමක් තියනවද ?වයිරස් ආසාදනයට සහ පැතිරීමට ජාතිය බලපානවද ?
athuraTuesday, 31 March 2020 05:20 AM
බූරු අදහස් දරන අය සිටිනකන් නරින්ට රජ මගුල්.
sanjeevaTuesday, 31 March 2020 04:58 PM
නැත මැතිතුමනී.. ඔබටයි මටයි ඊට එහාට හිතන්න පුළුවන්කමක් තියෙනවා.
ravinTuesday, 31 March 2020 05:15 AM
නැතුව ඇති.
Anton AustriaTuesday, 31 March 2020 12:51 PM
මොලේ අමාරුවක් ඇති බව මං හිතනවා. ඔබ සංජීව කියන බොරු නමින් සිටින මුස්ලිම් ජාතිකයෙක්. අපි ඔබ එක්ක තරහා නෑ ඒත් ගොන් කතා කියන්න එපා .
Sl Tuesday, 31 March 2020 06:08 AM
ආගම් ජාති ගාවගෙන මේ ප්‍රශ්නේ කතාකරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව ඉක්මනි් නිරෝධායනය කරන්න.
ලැවොයිසියර් Tuesday, 31 March 2020 06:17 AM
තුට්ටු දෙකේ සමහරකට ඒවත් බලපානවා වගෙයි.