පෝලන්ත ජනාධිපති අන්ඩ්‍රේ දූදාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශක බ්ලාසේ ස්පිකාල්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
පෝලන්ත ජනාධිපතිවරයා මේ වනවිට 48 වැනි වියේ පසුවෙයි. ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මේ වනවිට ඔහු නිරෝධායනය වෙමින් සිටින බවත් ඔහුගේ ප්‍රකාශකයා කීය.
ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන ඇත්තේ සිකුරාදා දිනයේදීය. පෝලන්ත ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ එරට තුළ වයිරසයේ දෙවැනි රැල්ලක් ආරම්භ වී තිබෙන මොහොතකය.
මේ වනවිට පෝලන්තයෙන් පළමු රැල්ල අවස්ථාවේදී වාර්තා වූවාට වඩා වැඩි වේගයකින් වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ වාර්තා වෙමින් තිබේ.
ශීඝ්‍රයෙන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මේ වනවිට පෝලන්තයේ සෞඛ්‍ය පද්ධතියට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ‘කොවිඩ්-19’ හේතුවෙන් පමණක් නොව අනෙක් රෝගාබාධ හේතුවෙන් ද සැලකිය යුතු වේගයකින් රෝගීන් මරණයට පත්වන බව පෝලන්ත වෛද්‍යවරු පෙන්වා දෙති. නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමත් ඒ නිසා අනෙක් රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වීමත් ඊට ප්‍රධාන හේතු යැයි ද එම වෛද්‍යවරු පෙන්වාදෙති.
ඒ.එෆ්.පී.
055
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝලන්ත ජනපතිටත් කොරෝනා
Kamal Koyrala Saturday, 24 October 2020 04:52 PM
අප්පට සිරි ... ජාතික ප්‍රශ්නයක්...
Perera Sunday, 25 October 2020 03:08 AM
පෝලන්තේ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.