(නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එහි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේදී බවද එම නිලධාරීයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) පුත්තලම ප්‍රදේශයෙනි.
මේ වන විට මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බවද සදහන් වෙයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට
Raveendra Wednesday, 15 April 2020 10:25 AM
නරකම නැහැ.... " ගම් කබරයොත් " මේවට සම්බන්ධයි කියල දැනෙන කොට....
rana Wednesday, 15 April 2020 10:59 AM
චන්දෙ ලගම වගේනේ?
jagathWednesday, 15 April 2020 03:20 PM
ගිය ආණ්ඩුව වගේ ආයෙත් බෝම්බ ගහනකල් බලන් ඉන්නද කියන්නේ ?
NishanThursday, 16 April 2020 11:19 PM
අයෙත් බෝම්බ ගහයි කියන සැකෙටද එතකොට මේ අයව අත් අඩංගුවට ගන්නේ?
nuwan Wednesday, 15 April 2020 12:04 PM
මැතිවරණේ ළඟ එනවනේ, ඒකයි. වැඩිය ගණන් ගන්න දෙයක් නැහැ. මුස්ලිම් අයව බිල්ලා කරලා පෙන්නලා ජයගන්නයි ප්ලැන් එක.
තරිඳු Wednesday, 15 April 2020 01:11 PM
නුවන් පරික්ෂණ පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගන්න කොට ඡන්දේ ලගයි.. පරික්ෂණ නැතිනම් මුස්ලිම් ඡන්ද ගොඩ වැඩි කර ගන්න... නැත්තම් කෝ ඡන්ද කාලේ දීපු පොරොන්දු පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ වගේ දේවල් අහන්න ඔබ වැනි අය කුමන ජන සමාජයේ ද දන්නේ නෑ... මෙම සැකකරුවන්ට ඇප ලැබේවි..!!! නමුත් පසුගිය හොරාගේ අම්මාගෙන් පේන ඇසු පාර්ලිමේන්තු පරික්ෂණ කමිටුවෙන් නොකල දෙයක් මේ පරික්ෂණ තුලින් සිදුවී ඇත.
NishanThursday, 16 April 2020 11:22 PM
අත් අඩංගුවට ගන්නේ බ්ලැක් මේල් කරන්නද කවුද දන්නේ ඡන්දෙට සපෝට් එක ගන්න.
samanthaWednesday, 15 April 2020 01:16 PM
එතකොට ඔහෙලා කියන්නේ ගිය ආණ්ඩුව වගේ ආයෙත් පත්වීම් කරනකම් බලාඉන්න කියලද?
kamalWednesday, 15 April 2020 02:04 PM
එහෙමනම් ඔයාලගේ කමිෂන් එකට කියන්න මේක චන්දෙට බලපාන නිසා අත්අඩංගුවට ගන්න එක අත් හිටුවන්න කියලා.
lulaWednesday, 15 April 2020 02:14 PM
2019 අප්‍රේල් 21 කොහෙද හිටියේ? මේ ටිකට මතක නැද්ද අපේ පල්ලි සහ හෝටල් ගානක් විනාශ කරගෙන සිය ගාණක් මරපු එක ගැන.
bandaraWednesday, 15 April 2020 03:22 PM
ඔහෙලගේ ආණ්ඩුව වගේ ආයෙත් බෝම්බ ගහනකල් බලන් ඉන්නද කියන්නේ?
Ajantha Thursday, 16 April 2020 04:08 AM
එතකොට පාස්කු ප්‍රහාරය ගැන කරපු පරීක්ෂණ ප්‍රමාණවත්ද? ආයේ මුකුත් කරන්න ඕනේ නැද්ද? කවුරුවත්ම අත් අඩංගුවට ගන්න ඕනේ නැද්ද?
Lanka Wednesday, 15 April 2020 12:45 PM
ලක්ෂ 69 කට්ටියට තේරෙන්නේ නැති උනාට අනිත් ඔක්කොටම තේරෙනවා මේවා චන්දෙට කරන වැඩ කියල....
DamithThursday, 16 April 2020 02:35 AM
මිලියන් ගාණක් වන කතෝලික ලාංකිකයන් ගැන මොකද කියන්නේ?
gamageThursday, 16 April 2020 07:48 AM
කියන්න තියෙන්නේ මේක වෙන්න ඉඩ හැරලා බලන් හිටිය රටේ නායකයා. දැන් ඉන්නේ කාගේ පැත්තෙද කියලා බලන්න කියලා තමයි.
NishanThursday, 16 April 2020 11:36 PM
එයාලට කියන්න තියෙන්නේ මේ බෝම්බ පිපිරීම් වලින් අන්තිමේදී වාසි ගත්තේ කවුද කියලා බලන්න කියලා. එතකොට සැබෑ වගකිව යුත්තන් ගැන අදහසක් ගන්න පුළුවන් කියලා.
aseThursday, 16 April 2020 04:25 AM
ඔව් ඔව් ඒකනේ බෝම්බ පත්තු කරන්න දුන්නු හින්දා ගිය චන්දෙන් ගෙඩිය පිටින්ම හම්බවුනේ.
Nimal Wednesday, 15 April 2020 01:09 PM
නුවන්, එතකොට පාස්කු ප්‍රහාරය කලේ සිංහල හෝ දෙමළ අයද? මෙක හැම මුස්ලිම් කෙනෙක්ටම විරුද්ධව කරන දෙයක් නෙමෙයි. ඒකට සම්බන්ධ වුනේ ත්රස්තවාදීන්...
Kumar (Galf) Wednesday, 15 April 2020 02:09 PM
ජයවේවා ජනාධිපතිතුමනි ! ඔක්කොම අයව අල්ලලා කූඩුකරන්න. එක එක ගම් කබරයො, අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න සීනු කාරයො, සිරිකොතේ ඉඳුල් කන බත් බැලයො, යහපාලන සමනල්ලු කෑ ගහන ඒවා ගැන හිතන්න ඕනෙ නැහැ. කොහොමත් ඉතින් ඔය ජේ වී පී, යූ.එන්.පී හිපාටුවෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හේදිලා යන එක අහන්න දෙයක් නෙමෙයිනේ. අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න ජේ වී පී සීනු කාරයන්ට තියෙන බය 3% නැති වෙයිද කියන එකනේ. මේ ගමන 3% නෙමෙයි 1% වත් නැති වෙයි කියල බයෙන් ඉන්න එක අපිට නම් හොඳටම පැහැදිලියි.
Srilankan Wednesday, 15 April 2020 02:52 PM
සිංහල බෞද්ධ හදවත් වලට ආයාචනයක්.
සෙනරත් Wednesday, 15 April 2020 03:52 PM
මම මේ කියන්නේ මගේ අදහසක් විතරයි... මුස්ලිම් අය ලංකාවේ කොරෝනා වයිරස් පතුරුවන්න පොදු ස්තාන වල කෙල ගගා යන බවට ආරංචියක් පසුගිය දවසවල පැතිරුනා. ඊට සමගාමීව මුස්ලිම් පල්ලි ඇතුලේ මිනීවලවල් කපලා සූදානමක් තිබුනා. ඕක සැලසුමක් වයිරස් එක කෙනෙක් ට බෝකරලා ඒ කෙනාව රට වටේ යවලා අන්තිමට මැරෙන මොහොතේදී ඒ අයට ආගමානුකූල මිහිදන් කිරීමක් දෙන්න තමා මේ අයගේ සැලසුම වෙන්න ඇත්තේ... නමුත් එතනදි සියලු දෙනා ආදාහනය කරනවා කියලා කියපු නිසා ඒක ව්‍යර්ථ වුනා.. දැක්කා නේද ඒකට මූන ඇඹුල්වුණු ඇමතිලා? ප්‍රවේසමින් මිනිසුනේ
CHANAKA CHANA Wednesday, 15 April 2020 07:32 PM
කට්ටිය ඉවසන්න.
ලුම්බිණි Thursday, 16 April 2020 01:34 AM
නිතීඥවරයා අත්අඩංගුවට ගන්න කොට පිළිපැදිය යුතු නීති හරියට පිළි නොපැදපු එකයි ප්‍රශ්නේ.
deThursday, 16 April 2020 08:56 AM
එතකොට බෝම්බ ගහලා මිනිස්සු 300ක් විතර මැරුවෙ හරියටම නීතිය අනුවද?
nishanFriday, 17 April 2020 01:33 AM
මොනවාද ඒ නීති?
Ratna P Thursday, 16 April 2020 03:08 AM
චන්දේ ලං උනත් නැතත් යහපාලනය තොටිල්ලේ නැලවෙමින් උන්න සමහර දේශපාලකයෝ මේවට සම්බන්ධ බව රටවැසියෝ දැනගෙන උන්නා. දැන්වත් නීතිය ක්රියාවේ යෙදිලා තියනවා දැකීම සතුටට කරුණක්.
samanThursday, 16 April 2020 07:51 AM
මේකට වගකිවයුතු රටේ නායකයාත් එතකොට චන්දෙට කලින් අත්අඩංගුවට ගනීද? එයා දැන් ඉන්නේ අනික් පැත්තේ හින්දයි ඇහුවේ.
nishaniFriday, 17 April 2020 01:35 AM
ගන්න ඕන වුනොත් ගනීවි. එතකන් ඉන්න. හැබැයි එදාටත් ඔයාලට මොකක් හරි වැරැද්දක් පෙනේවි අත්අඩංගුවට ගැනීම ගැන. රටේ ආරක්ෂාව දේශපාලනයට වැඩිය ලොකුයි.
lcFriday, 17 April 2020 05:10 AM
ගන්න ඕනේ වෙන්න ඊළග ඡන්දෙ වෙනකන් බලන් ඉන්න වෙයි එහෙනම්. ඊළඟ පාරත් මේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලුවොත් තමයි වැඩේ.
de Thursday, 16 April 2020 05:13 AM
ලක්ෂ 55 කට තේරෙන තරම..ඔහෙලා කියන්නේ ආයෙත් බෝම්බ ගහනකල් බලන් ඉන්න කියලද?
fairoos Thursday, 16 April 2020 06:50 AM
දඬුවම් දෙනකම් විශ්වසා කරන්න බෑ.
de Thursday, 16 April 2020 09:05 AM
මෙකට වගකිව යුත්තේ ඔහෙලා කියන නායකයා දැන් ඉන්න තැන නෙවෙයි බලන්න ඔනෙ... එවැනි කෙනෙක් බොරු කියමින් බලයට ගෙනරව ගොන් රංචුව තමයි මෙකට වගකියන්න ඔනේ...
samanThursday, 16 April 2020 10:55 AM
ඇයි එයා දැන් ඉන්න තැන බැලුවොත් ඔයාට හරියට රිදෙනවද? දැන් එතකොට මෙදා පාර එයාව සන්ධානේ උප සභාපති කරලා එයාව ආයෙත් පාලිමෙන්තුවට ගෙන්න ගිවිසුම් ගහපු ගොන් රංචුවට ඔයා කඩේ ගියාට කමක් නැද්ද? ඔයාගේ ගොන් රංචුවට තුනෙන් දෙක ලැබෙනවානම් ඉතින් කීයක් මැරුණම මොකද නේද?
deThursday, 16 April 2020 12:21 PM
ඔයාම කියනවනේ 2/3 හම්බ වෙනවා කියලා.
deThursday, 16 April 2020 02:27 PM
මට රිදෙන්න හේතුවක් නැහැ යාලුවා..මම පඹයෙක්ට ඡන්දය දුන්නේ නැහැ...
Perera Thursday, 16 April 2020 08:02 PM
ඔය ඇස් බැඳුම් බොරු ෂෝ දාන්නේ නැතුව හිස්බුල්ලාවයි රිෂාඩ් ලොක්කවයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකෝ???
Nishan Thursday, 16 April 2020 11:23 PM
බය කරලා කැමැත්ත ගන්න හදනවද කවුද දන්නේ?
Siri Sunday, 19 April 2020 12:45 PM
හරියට හරි. බය කරලා ඒ පැත්තට ගන්න තමා හදන්නේ....