( චමිල් රූපසිංහ)
කෝවිඩ් 19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක කොරෝනා රෝග තත්වයට මුහුණ දිමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවිම සදහා පල්ලේකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිමි නේවාසික රැදවියන් ඉදිරිපත් වි ඇත.
ඔවුන් විසින් නිම කරණ ලද මුහුණ ආවරණ 10,000 ක් මුලික වටයේදි සිය ජිවිතය අවදානමට ලක් කරමින් මෙම වයිරසය වැලැක්විම සදහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මෙන්ම , නේවාසික රෝගින්ට ලබා දිමට කටයුතු කෙරිණි.
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ සම්බින්ධිකරණයෙන් මෙම කටයුතු කරනු ලබයි.
බන්ධනාගාර රැදවියන් විසින් නිපදවනු ලබන මුහුණු ආවරණ බෝගම්බර බන්ධානාගාරයේ අනුබද්ධ සිරි මැදිරි වන ගම්පල මාතලේ හැටන් යන සිර මැදිරි වල සියලුම නිලධාරින් සදහා මුහුණු ආවරණ 2500 ක් ලබා දිම මුලික අරමුණ වි ඇත.
ඉන් අනතුරුව රටටම අවශ්‍ය හිග මුහුණු ආවරණ නිපදවිම සදහා බන්ධානාගාරයේ රැදවියන් ඉතාම කැමත්තෙන් සිටිනු ලබන බවත් මේ සදහා බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ කටයුතු කරනු ලබන බවත් බන්ධානාගායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී සෙනරත් බංඩාර මහතා පැවැසිය.
මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ නේවාසික ගිහි පිරිත් කණ්ඩායම විසින් රටට හා ලොකයේ සියලුම ජනතාවට සෙත් පතා බන්ධානාගාර ආයතනයේ විහාරස්ථානයේ දි සියලුම දින වලදි අඛණ්ඩව සෙත් පිරිත් හා රතන සුත්‍රය සඡ්ඣායනා කිරිමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වෙමින් පවති.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බෝගම්බර රැඳවියෝ මුහුණු ආවරණ මසති
ලක්වැසියා Thursday, 26 March 2020 04:57 AM
ජීවිතයේ යම් අවස්තාවක වැරදුනත්, ඇසුවන්ගේ සිත සනසන මෙවන් යහපත් ක්‍රියාවන් සඳහා කැපවී ක්‍රියා කරන ඔබ සියලු දෙනාට නිරෝගී බව පිරුන යහපත් අනාගතයක්ම වේවා ...!!!
sarath Thursday, 26 March 2020 06:23 AM
සිරකරුවෝද මිනිසුන්ය. ඒ අයටද අනුන් ගැන උණුවෙන හදවතක් ඇති බවට මෙය හොදම නිදසුනකි.
anula Thursday, 26 March 2020 06:50 AM
තෙරුවන් සරණයි...!!!
Rohan Thursday, 26 March 2020 06:52 AM
ඉතාම හොදයි අගයකල යුතුයි. නමුත් මෙම රෙදි මුහුණු ආවරණ තුළින් විසබීජ ගමන් කරයි. මේ සදහා සුදුසු මුහුණු ආවරණ වන්නේ N95 සහ සුර්ගිචාල් මුහුණු ආවරණයි.
මාලා මංගලිකා Thursday, 26 March 2020 07:45 AM
මේ ගොල්ලන්ගේ මුහුණු පෙන්නන්න එපා; පවු.
නාලක Thursday, 26 March 2020 08:16 AM
හැමෝම මුහුනු ආවරණ බෙදන එක දැන් වසංගත-මොස්තරයක් වුනා! - දේශපාලකයෝ මෙය පටන්ගත්ත, මේවා මේ ආකාරයෙන් බෙදිමද බරපතල වැරද්දකි. වෛද්‍ය මතයට අනුව මේ වෙලාවේ මෙය ජාතික අවශ්‍යතාවයක් නොවන අතර එය අවශ්‍ය වන්නේ එක්තරා සෞඛයමය/වෛද්‍යමය උපදෙස් යටතේයි.