IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බණ්ඩාරනායක කෞතුකාගාරය වල්බිහිවෙමින්

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පුජා භුමියට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිංහ කණුව සමීපයේ ඉදිකර ඇති දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා වෙනුවෙන් ඉදිකරන ලද බණ්ඩාරනායක කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය වසර ගණනාවක් තිස්සේ වල්බිහිවෙමින් පවති.
 
බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පිළිරුවක් ද සහිතව පැරණි “ පංචාවාස ” ගොඩනැඟිලි රටාව අනුව ඉදිකර ඇති මෙම කෞතුකාගාර පරිශ්‍රය කිසිදු නඩත්තුවක් නොමැති බව ගැමියෝ චෝදනා කරති.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මෙය පාලනය වෙයි. එහි ප්‍රාදේශීය කාර්යාලය හා ගබඩා සඳහා ද එම ගොඩනැඟිලි යොදාගෙන තිබේ. මෙහි ඉතිහාසය පිළිබඳව කරුණු දැක්වූ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ( පොදුජන පෙරමුණ ) නීතීඥ පේමසිරි හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසිය. 
                                                   
‘මේ ගොඩනැඟිලි හදන්න ඉස්සෙල්ලා මේක පිට්ටනියක්. උත්සව කාලෙට අනුරාධපුරේ හුඟක් සැණකෙළි පැවැත්තුවේ මෙතන. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය කාලේ තමයි මේ ගොඩනැඟිලි හැදුවේ. බණ්ඩාරනායක අගමැතිතුමන් අනුරාධපුරේට  කරපු සේවය සළකලා එතුමා වෙනුවෙන් කෞතුකාගාරයක් ඇතිකරන්න අපි කරපු ඉල්ලීම අනුව තමයි මේ ගොඩනැඟිලි වගේම විශාල ප්‍රමාණයේ පිළිරුවකුත් හැදුවේ.
 
දැන් මේක තනිකර කැළෑවක්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක හරියට නඩත්තු කරන්නේ නෑ.අපි රජයට යෝජනා කරන්නේ මේ ගොඩනැඟිලි සංකීර්ණය ඇතුළු භූමිය රජරට නිර්මාණකරුවන්ගේ , කළාකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කරන්නට බහුකාර්ය මධ්‍යස්ථානයක් හැටියටත් තොරතුරු මධ්‍ය්ස්ථානයක් හැටියටත් පත්කරන්න කියලා.”
 
මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න රත්නායක මහතා පැවසුවේ මෙවැන්නක්.

“මේ ගොඩනැඟිලි සංකීර්ණයේ සැළැස්ම නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ. ඉදිකිරීම්වලට මිලියන එකසිය දහයක වගේ මුදලක් ගියා.මම තමයි ඉදිකිරීම් අධීක්ෂණය කෙරුවේ.බණ්ඩාරනායක අගමැතිතුමා සම්බන්ධ කෞතුකාගාරයක් නිර්මාණය කිරීම තමයි අරමුණ උනේ.හැබැයි ඉතිං ඒ වැඩේ කෙරුනේ නෑ.මේ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති නිසා අපි අපේ ප්‍රාදේශීය කාර්යාලෙයි , ගබඩායි පවත්වාගෙන යනවා..”



අදහස් (7)

බණ්ඩාරනායක කෞතුකාගාරය වල්බිහිවෙමින්

siri Sunday, 17 January 2021 11:59 AM

බණ්ඩාරනායක නම විකුණලා බලයට ඇවිත් කෝටි ප්‍රකෝටිපතියන් වෙලා ලෝකය පුරා බැංකුවල මුදල් පුරවාගෙන කොළඹ ඇතුළුව ලංකාව පුරා සැප නිවාස හිමිකරගෙන දරු පවුල් පිටින් සුපිරි ජීවිත ගත කරන උදවියට දැන් මොන බණ්ඩාරනායකලාද?

:       1       26

sachith Sunday, 17 January 2021 01:05 PM

ජනාධිපති වුණාම තමන්ගේ අම්මලා තාත්තලා වෙනුවෙන් ජනතා මුදල් වියදම් කරලා මේ වගේ බයිලා කියනවා. මිනිස්සුත් හුරේ දාගෙන ඉන්නවා.

:       1       30

anurada Sunday, 17 January 2021 03:19 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව නිතර කතාකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන පුරාවිද්‍යා සහ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මේ පිළිබඳව නොදැන හෝ නොදැක සිටිනවාද? දැක දැකත් නිහඬව සිටීද කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට ගැටලුවකි..

:       1       1

Saman Sunday, 17 January 2021 10:09 PM

කොහොමද මේක නීතිවිරෝධී නොවන්නේ?

:       1       1

Jayasena Sunday, 17 January 2021 11:34 PM

මෙවැනි දෙවල් මහජන මුදලින් සෑදීම අපරාධයක්. මිලියන සිය ගණනක් ප්‍රදේශය දියුණු කිරීමට යෙදවිය හැකිව තිබුණි. සිංගප්පූරුවේ පළමු අගමැතිට කිසිඳු සිහිවටනයක් සෑදීම තහනම් කර ඇත.

:       1       5

kamal Monday, 18 January 2021 07:06 AM

මහජන මුදලින් ස්මාරක, කෞතුකාගාර හදන සැමටම මෙය පූර්වාදර්ශයක් වේවා..!!!

:       2       18

vikum Monday, 18 January 2021 08:31 AM

රටේ හිටපු රටේ ඉන්න රටේ පහළවෙන හැම පුද්ගලයා ගානේම පිළිම නෙලනෙලා තැන් තැන්වල ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය මට නම් තේරෙන්නේ නැහැ. මිනිස්සු ලෝකයේ පහවෙනවා, රටට සමාජයට හැකි ආකාරයෙන් මෙහෙවර කරනවා, පසුව මැරිලා යනවා, වැදගත් වෙන්නේ පිළිම නොවෙයි, මිනිහෙක් සමාජයට දෙන දැක්මයි, දැන් කෝටිගණන් මුදල් වියදම් කරලා ඔතන තියෙන පිළිමයට වඩා ඔය පාරේ දෙපැත්තේ ඔතන පාලම ළඟ ගෙවල් දොරවල් නැති මිනිස්සු කීයක් ඉන්නවද? ඒ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හැදුවා නම් කොච්චර වැදගත්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2294 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1187 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2801 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 962 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 744 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 950 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site