IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මහ මැතිවරණය ජූනි 20

(රන්ජන් කස්තුරි)

මහ මැතිවරණය ජූනි මස 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20 වැනිදා) පස්වරුවේ තීරණය කළේය.

මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිතව තිබිණ.



අදහස් (15)

මහ මැතිවරණය ජූනි 20

Nandalal DE SILVA - France Monday, 20 April 2020 11:41 PM

ඊයේ අප්‍රියෙල් මස ප්‍රවුත්ති වලට කීවේ මහා මැතිවරණය පැවැත්වෙන්නේ 2020 ජූලි 20දා කියලයි. කවුද හරි පුවත දුන්නේ ? එහි දැනට සිදුවෙන දේ දිහා බැලුවාම, නිවැරදි පුවත දී තිබෙන්නේ ජාතික පුවත්පත් මගින් බව අපේ හැඟීමයි !

:       0       0

vinivida LA Tuesday, 21 April 2020 12:06 AM

මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කලත්, රටේ ජනතාව මෙම මැතිවරණය වර්ජනය කරනු නිසැකය. ජනතාව ඔවුන්ගේ කුසගිනි නිවා ගැනීමට පෝලිම්වල ගොස් ආහාර මිලදී ගැනීම කලත් මැතිවරණයකදී ජනතාව එසේ නොකරනු ඇත. covid-19 නිසා රට සහ රටේ ආර්ථිකය මෙන්ම ලක්ෂ ගණනින් පුරවැසියන්ගේ රැකියාවන් අහිමි වී ඇති මොහොතක රුපියල් කෝටි ගනනක් මුදල් වියදම් කොට මැතිවරණයක් සදහා රජය සුදානම් වෙන්නේ නම්, රටේ රැකියාවන් නොමැතිව කුසගින්නේ විදුලිබිල්, ජලබිල් ගෙවාගැනීමට පමණක් නොව දරුවන් හට කිරිපිටි මිලදී ගනිමට නොහැකිව සිටින ජනතාව චන්දය ඉල්ලන දේශපාලකයන් හට සාප කරනු ඇත. ගෝලීය ආර්ථිකය කඩා වැටි ඇති මොහොතක වර්තමාන රජයට බලය ලැබුනත් රටේ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොමැත. රජයට ජනතාවට කළහැකි දෙයක් නොමැත. දේශීය ආර්ථිකයකින්ම රට ගොඩනැගිය නොහැක. රබර් තේ පොල් සහ හාල් විකුණා රට ගොඩ ගැනීමට රජය සුදානම් වන්නේ නම් එය සිහිනයකි හෝ මිථ්‍යාවකි. ගෝලීය ආර්ථිකය තුල ලෝකයේ දියුණු රටවල ආර්ථිකය නැවත යතා තත්වයට පැමිණෙන තුරු, විදේශ ආයෝජන නැවත ලැබෙන තුරු ඉවසා සිටිය යුතුවේ. බලය වෙනුවෙන් රටේ ජනතාව රැවටීම තවදුරටත් නොකරන්න...

:       0       97

visva Tuesday, 21 April 2020 01:12 AM

දැන් රතු අලි පැටව් සුපිරීම් කෝට් යාවි...!!!

:       34       0

මුණසිංහ Tuesday, 21 April 2020 01:23 AM

අගමැති කියපු විදියට වැඩේ කලා. ඒක හරි... දැන් දිනයක් තියෙනවා. එදිනට කරන්නත් බැරි නම් ඒකත් කල් දාල තවත් දිනයක් ප්‍රකාශයට පත් කරනවා. එච්චරයි.

:       1       0

Mahesh Tuesday, 21 April 2020 02:15 AM

විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් රටේ තියෙනවා හැබැයි ඡන්දේ තමා ලොකු වෙලා තියෙන්නේ රට කරන අයට. අවුරුදු ගානක් රට කරපු මිනිස්සු ඒත් පුදුම බලපෙරේතකමක් තියෙන්නේ. කොමිසමට පින්සිදු වෙන්න මෙහෙම හරි මේක කල් දාගෙන යන්නේ ඔවුන්ට තියෙන සීමිත බලතල එක්ක. නැත්නම් මේ මාසේ අන්තිම දවස් කීපයේ ඡන්දෙත් තියලා තව කොරෝනා බෝ කරන්න පරිසරයත් හදනවා. ඇත්තටම කනගාටුයි රට කරන අය ගැන.

:       1       41

de silva Tuesday, 21 April 2020 02:25 AM

එතකොට අර පිටරටවල හිරවෙලා ඉන්න ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබෙන ශ්‍රී ලංකික පුරවැසියෝ 55000 ජුනි 20 වෙනකොට ලංකාවට ගෙනත් නිරෝධන මධ්‍යස්ථාන හරහා නිරෝධනය කරලා ගෙවල් දොරවල් වලට යවන්න පුලුවන්ද? නැතිනම් ඔවුන්ට ඡන්දෙ දමන්න තිබෙන මුලික අයිතිවාසිකම් කඩ වෙනවා. ලබන මාසේ 13 වෙනිදා වෙනකොට සති 5 කට කලින් රට සාමාන්‍ය තත්වයට පත්වේවි කියල ඔබතුමා සිතනවද? ඇඳිරිනීති වලින් පිඩාවට පත්වෙලා දුක් විදින මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දේවි කියලා ඔබතුමා හිතනවද ?

:       0       1

ලක්ශාන් Tuesday, 21 April 2020 03:41 AM

කලින්ම මොකක් හරි දිනයක් දෙන්න තිබුනෙ.. ඕන වුනොත් ආයෙ කල් දාන එකනෙ

:       0       1

rana Tuesday, 21 April 2020 05:50 AM

අනේ අපේ හිටපු මන්ත්‍රිලා සහ වෙන්න මන්ත්‍රිලා දැන් ජනතා සේවයට එළියට බහීනේ ? දැන් කාලෙකට පස්සේ පිනා මුණ දැකගන්න පුළුවන් නේ ?

:       0       40

හරේන් Tuesday, 21 April 2020 07:43 AM

පාර්ලිමේන්තුවයි, පලාත් සභා නවයකුයි නැතුව මෙච්චර භයානක වසංගතයකට මුහුණ දෙන්න පුලුවන් වුනා නම්, මේ ආයතන නඩත්තු කරන එකේ තේරුමක් තියනවද? මේව තනිකර දේශපාලකයන්ට මහජන මුදල් ගසාකන්න හදාගත්ත ආයතන....

:       15       34

siri Tuesday, 21 April 2020 07:55 AM

මේක නම් වගකීම් රහිත ක්‍රියාවක්. කල දුටු කල වල ඉහගන්නවා හැර මේ කාටවත් මිනිස්ජීවිත ගැන රුදාවක් නැද්ද අප්පා?

:       1       154

gamageTuesday, 21 April 2020 03:28 PM

ඒකටනෙ කොන්ද පණ ඇති නායකයෙක් පත්කර ගත්තේ ? එයාට බැරිද මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් හිතලා හරි තීරණයක් ගන්න?

:       1       11

Rata PerataWednesday, 22 April 2020 06:42 AM

එයාගේ උපන් දිනය දවසම මේකට දානකොට හිතෙනවා නේද මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා?

:       1       39

ලක්ශාන්Wednesday, 22 April 2020 07:29 AM

හා හා.. එහෙම කියන්න එපා.. ඔබතුමා දේශද්‍රෝහී කුලකයට වැටෙයි

:       0       16

siri Tuesday, 21 April 2020 08:03 AM

කොමසාරිස්තුමා හොඳ උපන්දින තෑග්ගක් කල් තියාම දීලා වගේ.

:       0       1

athura Tuesday, 21 April 2020 02:24 PM

සජිත් ජන්දෙට බය රනිල් මහත්තයා එජාපය දිනන බව දන්න නිසා.ආණ්ඩුව වැටිලා ඉන්නේ. එජාපය දිනනවා.රනිල් මහත්තයා එක්ක ජෝකර් හැප්පෙන්නේ කොහොමද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 873 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site