IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රංජන් රාමනායක අත්අඩංගුවට

මලිෂා ගුණවර්ධන


හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී  රංජන් රාමනායක මහතා මිරිහාන පොලිසිය විසින් අද(13)රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එලෙස අත්අඩංගුවට  ගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිලියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනයට යැයි කියමින්  ලබාගත් ඇදිරිනීති බලපත් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ භෞත චිකිස්තක යැයි කියන අයෙක් ද එම වාහනයේ පැමිණ තිබේ.

පසුව ඔහු  පිලියන්දල සිට මාදිවෙල මන්ත්‍රි නිල නිවාස  දෙසට ගමන් කිරිමේදි පොලිසිය  විසින් වාහනය පරික්ෂා කිරිමකට ලක් කිරීමට ගත් උත්සාහයේ දී ව්‍යාජ අයුරන්  මෙම පුද්ගලයා ගමන් කරන ලෙස තහවුරු වී ඇත.

එම සත්‍ය හෙලි විමෙන්  පසු  හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාද  එම ස්ථානයට පැමිණ  පොලිසියේ කටයුතු සඳහා බාධා කිරිමෙන්  පසු ඇති තත්ත්වය මත රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
 



අදහස් (64)

රංජන් රාමනායක අත්අඩංගුවට

Siri Monday, 13 April 2020 02:24 PM

එළවලු ලොරියක් ගෙනාපු එකටද? පොලිසියට වෙන වැඩ නැතුවට.

:       0       0

Laksitha France Monday, 13 April 2020 02:39 PM

වොයිස් කට් දෙන්න ගිහින්ද? වීඩියෝ නැද්ද?

:       0       0

mangala Monday, 13 April 2020 02:45 PM

ඇගේ මස් තිබුණට මොලේ කළදක් නැහැ. මෙ අය පාර්ලිමෙන්තු යවන්නේ කව්ද?

:       0       0

nimal Monday, 13 April 2020 02:47 PM

ඇත්තටම සමාජයට පිළිලයක් මෙ වගේ චරිත....

:       0       0

Painted Monday, 13 April 2020 02:59 PM

ගොඩක් හොදයි...

:       0       0

Gamarala Monday, 13 April 2020 03:16 PM

මහජනතාව දෙස නොබලා තමන් ගැන විතරක් හිතන මෙ වගේ නීතිවිරෝධී වැඩම කරන මන්ත්‍රීලා හිරෙම දාන්න ඔනේ... පොලිසියත් මෙ වෙලාවෙ නීතිය උපරිමයෙන් ක්‍රියාකරවන්න ඔනෙ...

:       0       0

Ajantha Monday, 13 April 2020 03:33 PM

කිසි ලෙසකින් හෝ සමාවක් නොදිය යුතුයි. මේ හිටපු මන්ත්‍රී පාඩමක් ඉගෙන ගන්නා බවක් නොපෙනේ.

:       0       0

රවින් Monday, 13 April 2020 03:39 PM

හිටපු මිස දැන් නොවේ. පොදු ජනයාට බලපාන සියලු නීති රීති හිටපු කට්ටියටත් බලපානවා. අනික් කාරනාව තමා මෙම වයිරස් රෝගයෙන් මුළු ලොවම පිඩා විඳින අවස්ථාවක දේශපාලුවන් මිට වඩා වගකීමෙන් හා කල්පනාවෙන් කටයුතු කලයුතු අවස්ථාවක්. ආන් එකෙක් අරෙහෙ නිකන් දුප්පතුන්ට බෙදලා දෙන්න දුන්නු ආහාර වර්ග විකුණගෙන කනවාලු. දේශපාලුවෝ නම් කොරෝනා නොවේ ලෝකේ තිබෙන බරපතල ලෙස විඳ වියහැකි හැම වසංගතයක්ම හැදිලා "බොඩි බැග්" දෙකතුනකවත් දාලා සෙන්ටිග්‍රඩ් අංශක 3000 ක වත් උෂ්නත්වයකින්වත් අලුදුවිල කර පොලවේ අඩි 5000 ක වත් යටින් වළලලා දාන්න ඕනේ.

:       0       0

Nihal Perera ,Malwana Monday, 13 April 2020 04:06 PM

මෙ කොරෝනා අතුරුඵලයක්...

:       0       0

Kamal Monday, 13 April 2020 04:09 PM

ආන්ඩුව දුප්පතාට සහන සලසන්නෙත් නෑ. කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.

:       0       0

harsha Monday, 13 April 2020 04:35 PM

මහා පරිමාන අපරාධකාරයෝ ලග දනින් වැටෙන පොලිසිය ආණ්ඩුවේ උවමනාවට මේ වගේ පොඩි වැරදි වලට අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා.

:       0       0

korona 19 Monday, 13 April 2020 05:08 PM

අනේ අනිච්චන්.

:       0       14

නිහාල් Tuesday, 14 April 2020 05:19 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් වරදක් කර ඇතිනම් ඔහුට අැඳිරි නීති බලපත්‍රයක් ලබාදී අවවාද කොට නිදහස් කිරීමට පොලිසියට හැකියාව තිබිණි. නමුත් එය මගහැර ඔහුව වීරයකු කොට තිබේ. සත්‍ය වශයෙන්ම මෙය රන්ජන්ට ලැබුණු ආශීර්වාදයකි. ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යනු ඇත. සමහර මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශනයෙන් හරි අඩක් පමණ මේ වනවිට රන්ජන් වෙනුවෙන් වෙන්කර ඇත.

:       0       0

Kalana Monday, 13 April 2020 06:04 PM

දැන් මේ වීරවරයට කඩේ යන අය මේකත් පළිගැනීමක් කියලා කියයි.

:       654       488

NishanTuesday, 14 April 2020 09:35 AM

ආණ්ඩුව පලි ගත්තේ රන්ජන්ගෙන් නෙවෙයි රන්ජන්ගෙන් ලැබුනු සහනාධාර ගත්තු අසරණ දුප්පත් ජනතාවගෙන්....

:       241       363

BamunuarachchiTuesday, 14 April 2020 01:34 PM

පිස්සු කෙළින්න එපා හලෝ.

:       287       174

Bandara Monday, 13 April 2020 06:08 PM

හොරු අල්ලන්න යන ගමන් තමයි අහුවෙලා තියෙන්නේ.

:       16       70

NishanTuesday, 14 April 2020 09:37 AM

හාල් හොරාද?

:       0       10

vidya Monday, 13 April 2020 06:10 PM

රන්ජන්ගේ හිත හොඳ උනාට කල්පනාකාරීව කටයුතු කරන්නේ නැහැ. මේ වෙලාවේ තියන භයානකකම තේරුම් අරගෙන වටේම ඉන්න මිනිසුන් සහ දුකට පත් වෙලා ඉන්න ජනතාව දුරස්ව තියා ගන්නේ නැතිව ආහාර බෙදීම පිළිබඳව ටිකක් කල්පනා කළ යුතුය.මේ වෙලාවේ ආහාර දීම ඉතාම උතුම් ගති ගුණයක්. රන්ජන් මේ ගැන හොඳට හිතලා බලන්න. ඔබලාගේ කරුණා ගුණය අපි සැවොම අගය කරනවා. නමුත් පොලිස් නිලධාරින් කරන කැප කිරීම අගය කරන්න පුරුදුවන්න. සුභ නව වසරල් රන්ජන් !

:       91       242

NishanTuesday, 14 April 2020 09:33 AM

ආන්ඩුවට ඕනා ඔයා දැන් හිතන විදියට ජනතාවට ඒත්තු ගන්නලා රන්ජන්ගේ සමාජ සේවය නවත්වන්න කොහොම හරි.... ආන්ඩුව ඒකට බයයි.

:       454       713

Malesha Monday, 13 April 2020 07:22 PM

පුලුවන්නම් ඔය පිස්සව ජිවිත කාලෙම කූඩුවට දාලා තියන්න.

:       1196       1257

දොලුකන්දTuesday, 14 April 2020 07:13 AM

ඔහෙට තිබෙන රෝග ලක්ෂණ අනුව අනිවාර්යයෙන්ම ඕක වහල් අන්ධ මානය. සුවකළ නොහැකියි. වඳ වී යා යුතුයි.

:       489       356

Kumar (Galf)Tuesday, 14 April 2020 07:50 AM

දොලුකන්ද නම් රන්ජන්ගේ ගෝලයාට හොඳටම රිදිල. අනේ පව්, දොලුකන්ද ඔයත් යන්නකො රන්ජගෙ තනියට. ඔයගොල්ලො වගේ මන්ද මානසික එවුන් තමා වඳ වෙලා යන්න ඔනෙ.... අලියගෙ නැට්ටෙ එල්ලිච්ච බත් බැලයොන්ට රිදුනට රටේ අති බහුතරයක් මිනිස්සුන්ට නම් ලොකු සතුටක් පිස්සොන්ව එලියෙ තියන් නැතුව කූඩුවට දානවට...

:       899       955

ආනන්ද බක්මීවැව Monday, 13 April 2020 07:27 PM

රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු ! පව් අහිංසකයා.

:       527       569

Pri Monday, 13 April 2020 09:30 PM

සහනාධාර දුන්නු කෙනා ඇතුළේ. සහනාධාර විකුණන් කාපු කෙනා එළියේ.

:       4       325

Real Monday, 13 April 2020 09:39 PM

මේ දේශපාලන විහිලු කිසිදාක ඉවර නොවේ.

:       0       110

nimal Monday, 13 April 2020 10:46 PM

දුප්පත් අහිංසක ජනතාවට ජයවේවා! 69 ලක්ෂයට දැන් සැපද ? අපේ රටේ ප්‍රජාතන්ත්‍රය තමයි ඔය.

:       1173       1780

ජයවර්ධන Tuesday, 14 April 2020 08:34 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මැර බලය පතුරන එකද..? ඒ රෙකෝඩ් එක ඇහුවා නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන ගන්න තිබුණා හරියටම. මහජන නියෝජිතයා උනත් නීතිය පොදුයි හැමෝටම. අපිට නම් සතුටුයි දීපු ජන්දෙ ගැන. මේ අයට ආණ්ඩු බලෙත් තිබුණා නම් කොහොම වෙයිද තව ?

:       63       116

Kumar (Galf)Wednesday, 15 April 2020 02:32 PM

පිස්සු බල්ලෝ එළියේ ඉන්න ඇරලා මිනිස්සුන්ව හපන්න ඉඩ දෙනවට වඩා එහෙම උන්ව කුඩු කරලා තියෙන එක ලක්ෂ 69 විතරක් නෙමෙයි සේරටම සැපයි තමා. හැබැයි එහෙම හිතෙන්නේ නැත්තේ ඒ ජාතියෙම පිස්සු බල්ලොන්ට විතරයි.

:       27       125

NishanThursday, 16 April 2020 09:32 AM

වැඩේ තියෙන්නේ ආණ්ඩු විරෝධී පිස්සු බල්ලෝ විතරයිනේ බඳින්නේ...

:       36       0

NishanThursday, 16 April 2020 09:38 AM

රන්ජන්ගෙන් උදව් වුනේ අසරණ ජනතාවට. පිටරට ඉන්න ඔහෙලට ඒ දුක දැනෙන්නේ නැහැ.

:       58       0

Sujeewa Monday, 13 April 2020 11:12 PM

පසුගිය 10 වන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය ඩොන් හාර්වින් සිය නිවසේ සිට ඔහුට අයත් නිවාඩු නිවාසය බලා ගමන් කරනාවිට ඕස්ට්‍රේලියානු පොලිසිය ඔහුව පරික්ෂා කළ අතර, ඔහු තමන්ගේ ගමන අත්‍යාවශ්‍ය නොවන ගමනක් බව පිළිගෙන ඩොලර් 1,000 ක දඩ මුදලක් ගෙවා, අමාත්‍ය තනතුරෙන්ද අස්විය. මන්ත්‍රී කමකුත් නැති "බලු නට්ටෝ" හැසිරිච්ච හැටිත්, අවංක පොලිස් නිලාදාරි සංවරව ක්‍රියා කළ ආකාරය "නළු බට්ටා" තවත් චිත්‍රපටයක රගපෑමකට සමානයි. හමුදාවත්, පොලිසියත්, වෛද්‍ය වෘත්තිකයන් සහ පවතින රජයත් නොසිටයානම් ජනතාව වන අපට මේ අයගෙන් අබ සරණයි !

:       2790       2067

NishanTuesday, 14 April 2020 09:25 AM

ඔස්ට්‍රේලියාවේ ඇමති බඩගින්නේ ඉන්න ජනතාවට ආහාර බෙදුවද? මනුස්සයෙක්ගේ වැදගත් සේවය ගැන කතා කරන්නේ නෑ නොවැදගත් පොඩි දෙයක් අල්ලගෙන මඩ ගහනවා. තමුන්ට වැදගත් නැති උනාට බඩගින්නේ දුක් විඳින දහස් ගානක් ජනතාවට එතුමාගේ සේවය වටිනවා. තමුන්ලා කඩේ යන ආණ්ඩුව ඒ ජනතාවට මුකුත් දීලා නෑ තවම කයිවාරුව විතරයි.

:       340       663

Dil PereraTuesday, 14 April 2020 11:44 AM

ඔස්ට්‍රියාවේ දොන් හර්වින් ඇමතියා, ඇදිරි නිතිය වෙලාවේ කොල්ලෝ හොයන්න ගියෙත් නැත. වන්ෂොට් අදිරිනිතිය වෙලාවේ ආහාර බෙදෙන්න ගියෙත් නැත. ගියේ "ආහාරයක්" හොයන්නයි.

:       0       0

ShanTuesday, 14 April 2020 11:52 AM

අපරාදේ කියන්න බෑ, ඕනෙම කෙනෙකුට ඕනෑම වෙලාවක කොල්ලෝ සප්ලයි කොරන්නේ රන්ජා විතරයි.

:       0       0

[email protected] Monday, 13 April 2020 11:30 PM

රන්ජන් විතරද එතකොට ? නාමල් බේබිට කතා කරලා උදව් ගත්තේ නැති නිසා වෙන්න ඇති. බඩු බෙදන සේරම පර්මිට් පිට වෙන්න ඇති.

:       205       162

ලුම්බිණි Tuesday, 14 April 2020 12:24 AM

අපොයි තවමත් තේරුනේ නැද්ද? ආධාර බෙදන්න විතරක් නොවෙයි ඇඳිරි නීතිය වෙලාවේ රැස්වීම් තියන්නත් පුළුවන් ආණ්ඩුවේ අයට පමණයි.

:       548       663

ranjith Tuesday, 14 April 2020 01:19 AM

රටම හිනස්සන මෙවන් පුද්ගලයින් පාර්ලිමේන්තුව යවන්නේ කවුද ? නළුවෙක් විදියට හදාගෙන තිබුන නමත් කෙලෙස ගන්නවා.

:       528       624

මුණසිංහ Tuesday, 14 April 2020 01:35 AM

පක්ෂ භේදයකින් තොරව කියනව නම් මොහු මුඵ ගහම විනාශ කරන පිළිලයක්.

:       714       755

සංජීව Tuesday, 14 April 2020 01:44 AM

කවුරුහරි දුෂ්ට චේතනාවෙන් කටයුතු කරනවානම් පොඩ්ඩක් හිතට ගන්න, මේක පිරිත් සජ්ජායන කරමින් කටයුතු කරන ජීවිතේ සංක්‍රාන්ති සමයක්. තවම කොරෝනා ඉවර නැහැ.

:       0       23

MD Tuesday, 14 April 2020 02:03 AM

ඇත්තටම යම් මිනිසෙක්ට හරකෙක් කියලා කියන්නේ හේතුවක් ඇතිව බව මේ සිද්ධියෙන් අවබෝධ වෙනවා නේද? හරකා හොදට කකා බිබී ඇග මහත් කරගත්තට මොලේ වැඩෙන්නේ නෑනේ. හරිම කණගාටුදායකයි.

:       624       724

Asanga Tuesday, 14 April 2020 02:06 AM

කරන රාජකාරිය හොදයි. නමුත් නීතිය කාටත් එකවගේ තියෙන්න ඕනේ.

:       1       171

MD Tuesday, 14 April 2020 02:09 AM

ආණ්ඩුවේ බල තණ්හාවෙන් චන්දේ තියන්න යනවා කියන කට්ටිය චන්ද ගන්න ඇදිරි නීති නිරෝධායනය කටයුතු කඩලා බඩු බෙදනවා.

:       268       228

de silva Tuesday, 14 April 2020 02:33 AM

කොළඹ මිනිස්සුන්ට සල්ලි තිබුනත් මිලදී ගන්න ආහාර ද්‍රව්‍ය නැහැ. මන්ත්‍රීලා 225 හිටියත් හැමෝම නිදි. මිනිස්සු කන බොන හැටි බැලුවේ තෙවරප්පෙරුම සහ රන්ජන් පමණි. කාර්ය සාධක බලකායවල් යනු සංදර්ශන පමණි. රන්ජන් පිස්සු නැටුවත්, කුණුහරුප කතා කීවත් ඔහු යමක් කරනවා. හොරෙක් නොවේ. ඔහුට මොන පක්ෂෙන් ඉල්ලුවත් චන්ද තිබෙනවා.

:       1046       1286

සිසිල් සුදේශ් Tuesday, 14 April 2020 02:33 AM

බොහොම හොඳයි. ඒත් එක්කම ඇඳිරි නීතිය කඩ කළ රැස්වීමට ආපු සියලු දෙනාත් අල්ලන්න.

:       79       221

Mahesh Tuesday, 14 April 2020 02:40 AM

මොහුත් එක්ක රජයට පුදුම තරහක්නේ තියෙන්නේ. මොකක් හරි අටමගලයක් පටලවලා ඇතුලට දාන්න බලන්නේ. චන්දේ ලගයි වගේ. මේ යන විදියට නම් තුනෙන් දෙක තියා එකක්වත් ලැබෙයිද කියන්න බෑ. Published Comment

:       846       924

Sanka Tuesday, 14 April 2020 03:03 AM

මේ රටේ බොහෝමයක් අසරණ නැතිබැරි ජනතාවට මොන දේශපාලන පක්ෂෙක කෙනෙක් වුනත් සහල් සහ අවශ්‍ය අහාර දීලා උදව්වක් කරන එක මොනතරම් උතුම් දෙයක්ද ? මේ පාට කන්නාඩි දාලා දේශපාලනයට යොදාගන්න එක මුළුමහත් ජනතාවම තරයේ හෙළා දකිනවා. දේශපාලන පක්ෂ ඔක්කොම එකතුවී මේ උවදුර ජයගන්න ඕනේ.

:       31       408

Ratnamalala Tuesday, 14 April 2020 03:16 AM

කූඩුකරන්න ඕන සත්තුන්ව එළියට දැම්මම දකින දකින කෙනාට බුරනවා, හපනවා.

:       888       991

Rata PerataTuesday, 14 April 2020 06:51 AM

රන්ජන්ව කූඩු කරන්න ඕන ආධාර බෙදන්න ගිය නිසානේ. අපේ සල්ලි වලින් සොහොන් හදලා කූඩු කරන්න ඕන කෙනෙක් තමයි දැන් රට පාලනය කරන්නේ. එතැනින්ම පටන් ගත්තනම් හරි.

:       372       341

Keppetipola Tuesday, 14 April 2020 03:57 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මොවුන්ගේ මන්ත්‍රී ධූරයන් අහෝසි වන බැවින් දැන් මොවුන් මන්ත්‍රීන් නොව සාමාන්‍ය ජනතාවයි. එසේ නම් මොවුන් තවමත් මන්ත්‍රී නිල නිවාස වල සිටින්නේ කොහොමද? දුප්පත් ජනතාවගේ මුදල් විනාශ කරමින් කිසිම ලැජ්ජාවක් නැතිව පිනට යැපෙමින් මෙලෙස හැසිරෙමින් මන්ත්‍රී නිලනිවාස වල සිටින සියලු දෙනාම මෙම නිවාස වලින් පලවා දමා මෙතෙක් කල් එම නිවාස වල සිටියාට මුදල් අයකර යුතුයි. මැතිවරණ නීති උල්ලංඝනය කරන මොවුන්ට විරුද්ධව මැකෝ තුමා දැන් නිහඩව සිටින්නේ ඇයි? මැකෝතුමාගෙන් ඉල්ලා සිටින්නේ බොරු මාද්‍යය සංදර්ශන නැතිව සාමාන්‍ය මිනිස්සුන්ට පමණක් නීතිය ක්‍රියාත්මක නොකර තක්කඩි දේශපලුවන්ටත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

:       456       499

අමිලTuesday, 14 April 2020 06:10 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පසු මන්ත්‍රීවරු නැත. මේ අයට විශේෂ වරප්‍රසාද දැන් නැත. සියලු දෙනාම නීතිය අනුව කටයුතු කරන්න.

:       1       91

Jayantha Tuesday, 14 April 2020 04:09 AM

අවුරුදු 6 කට කලින් අර බූරුවා UN කාර්‍යාලය ඉස්සරහ DIG කෙනෙකුගේ තොප්පියටත් ගහලා මහා ජරමරයක් කරා. එදා එම ක්‍රියාව පොලිස් රාජකාරියට බාධා කිරීමක් නෙවේද? එදා ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? එදා හිටපු ආරක්ෂක ලේකම් අද ජනාධිපති. ඒකද වෙනස

:       711       1036

LankikayaTuesday, 14 April 2020 04:37 AM

ඔබතුමා කියන විදියට එක වැරැද්දකට ඇල්ලුවේ නැති කෙනා ආයෙත් වැරදි ක්‍රම අල්ලන්න හොද නැහැ කියලද? රතු අලියෙක්ද මන්ද?

:       822       293

රජින්දTuesday, 14 April 2020 04:46 AM

ජයන්ත, එතකොට වසංගතයක් මේ රටේ තිබුනේ නැහැ. ඒත් දැන් තියෙනවා. ඒකයි එහෙම කළේ. ඔය ටිකවත් නොතේරෙන්න ඔයා ඉස්කෝලේ ගියේ නැද්ද?

:       226       85

JayanthaTuesday, 14 April 2020 07:49 AM

රජින්ද මම ඉස්කෝලේ ගියේ නම් නැහැ. හරි මෝඩයෙක්. ඒත් මම 1983 දී එංගලන්තයේ දී සිවිල් ඉංජිනේරු උපාධියක් නම් ගත්තා. ඔබට මම එක උපදේසයක් දෙන්නම්. වසංගතයක් තියා මොන කෙහෙල්මලක් ආවත් රටක සාමය හා නීතිය කියල එකක් තියනවා. අපේ රට තව ලෝකයේ තියන තුට්ටු දෙකේ රටක සිටින ආත්මාර්ථකාමී මෝඩ ඒකාධිපති රජයක් බවට පත් නොකරන්න අප බලා ගත යුතුයි. “ලාංකිකයා” දැන ගන්න මේකේ කවුරු හරි ආණ්ඩුවේ වැරදි වැඩ ගැන අදහසක් දාන්න JVP කාරයෙක් විය යුතුම නැත. ඔබගේ දැනගැනීම පිණිස, මම ඕස්ට්‍රේලියාවේ ඉන්නා ලිබරල් කාරයෙකි...

:       0       0

Thushara Tuesday, 14 April 2020 04:47 AM

සමහර කොමෙන්ට් තියෙනවා පට පක්ෂ අනුව බලලා දාපු ඒවා. නමුත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ අසරණ ජනතාවට බඩු බෙදපු එකට නොවේ.රංජන් රාමනායක මහතාගේ භෞත චිකිස්තක යැයි කියන පුද්ගලයා මන්ත්‍රී නිල නිවාසයට එක්කරගෙන යාමේදී පොලිස් නිලදාරීන් ප්‍රශ්ණ කිරීමේදී එම නිලදරින්ට රන්ජන් කුණුහරපෙන් බැන වැඩිම හා තර්ජන කිරීමේ හේතු නිසා.

:       151       724

ධම්ම Tuesday, 14 April 2020 05:41 AM

අත්අඩංගුවට ගත් හේතුව අමතක කර වෙන වෙන විකාර කොමෙන්ට් කරන්නේ පක්ෂ පාට කණ්නාඩි දාගත්තු අන්ධයෝය. මේ අය ඉන්න තාක්කල් පාර්ලිමේන්තුවට යවන්නේ හරක්ම තමයි.

:       120       368

Wca Tuesday, 14 April 2020 05:56 AM

දුප්පත් ජනතාවට බඩු බෙදීම වැරදි වැඩ කරන්න ලයින් එකක් ද?

:       190       0

BamunuarachchiTuesday, 14 April 2020 01:37 PM

බඩු බෙදුවට නොවෙයි හලෝ මෙයා අත්අඩංගුවට පත් උනේ පොලිස් රාජකාරියට බාදා කළ නිසා. මේ හාදයා ඉස්කෝලේ ගියාද කියලා සැකයි.

:       43       38

Bandara Tuesday, 14 April 2020 06:08 AM

මල්ලි මම හොරු අල්ලන්න යද්දි තමයි පොලීසියට අහු උනේ.

:       22       6

Deepal Nirosh Tuesday, 14 April 2020 06:56 AM

ස්ථානීය හැසිරීම අනුව රන්ජන්ට නීතිය ක්‍රියාක්මක විය යුතුයි. හැබැයි මේ නීති හැමටම සාධාරණ විය යුතුයි. අද දිවා ප්‍ර‍වෘත්තිය අනුව රටේ අගමැතිවරයා කොළඹ සිට තම ගමට විත් නව අවුරුදු සමරලා තිබෙනවා. අන්තර් දිස්ත්‍රික් ගමනාගමනය තහනම්ව තිබියදී එසේ පැමිණියේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

:       14       351

මෙදමූලනේ Tuesday, 14 April 2020 07:49 AM

දුශිත පවුල් පාලනෙ බලයේ හිටපු කාලේ තිබුනු කැලෑ නීතිය ආයෙත් පටන් ගනී වගේ...

:       0       0

සරත් Tuesday, 14 April 2020 11:57 AM

මා සමග කරැනාකරල උරන නොවන්න. මගේ මතය නම් මිනිසුන්ගේ රීරි මාන්ස උරාබොන එකෙකුට වැඩිය පිස්සෙක් ඉතා හොඳයි යන්නයි...

:       0       0

Bamunuarachchi Tuesday, 14 April 2020 01:38 PM

කොහෙන්දෝ පාත්උන මේ හාදයා රජයේ නිලධාරීන්ට කතා කොරන්නේ සත්තුන්ට වගේ. වාසනාවකට මම ඔතන පොලිස් නිලදාරියෙක් නොවුනේ....

:       22       4

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2317 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site