(රේඛා තරංගනී ෆොන්සේකා)
රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු අද (18) ස්වයං නිරෝධානයට ලක් කළ බව පොලිසිය පවසයි.
පසුගිය දා මොරටුව රාවතාවත්ත කහ ඉර මත දී පුද්ගලික බස් රථයක ගැටී 69 හැවිරිදි පුද්ගලයෙකු වැටී සිට ඇති අතර ලැබුන දුරකථන ඇමතුමකට අනුව පොලිසිය එහි යනවිටත් අනතුරට ලක් වු අය රෝහලට ගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත්ව සිට නැත.
පොලිස් රථවාහන අංශ නිලධාරින් විසින් අනතුරට ලක් වු අය සිය පොලිස් ජංගම රථයෙන් පානදුර මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු මියගොස් සිට ඇත.මියගිය අයගේ මෘත දේහය ඔහුගේ ඥාතින් වෙත බාර දීමට පෙර රෝහලේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත ලෙස වාර්තා පළවීම නිසා ආශ්රිත පොලිස් නිලධාරින් ස්වයං විරෝධයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.
අදාළ මරණකරු පානදුර පොදු ආදාහනාගාරයේ කොවිඩ් නීතිරීතිවලට අනුව ආදාහනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පැවසීය.එමෙන්ම මරණකරුගේ නිවැසියන් වන දූ දරුවන් සහ බිරිඳ යන තුන් දෙනෙකු සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් තිදෙනා ආසාධිතයන් නොවන බවද සෞඛ්‍ය පැවසීය.
මරණකරු පුද්ගලික ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයකු වන අතර ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරට ලක්වූ ආසාදිතයා රෝහලට ගෙන ගිය පොලිසියේ 5 ක් නිරෝධායනයට