IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වැලිසර නාවික හමුදා කඳවුරේ 30 කට කොරෝනා

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ.  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.

ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.

මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ  නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.

තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.



අදහස් (14)

වැලිසර නාවික හමුදා කඳවුරේ 30 කට කොරෝනා

ase Thursday, 23 April 2020 04:46 PM

වැඩෙ සෙල්ලම් වෙන්නැති පාටයි...

:       3       220

gamini Thursday, 23 April 2020 05:53 PM

ජා ඇල, සුදුවැල්ලේ කොරෝනා සෙට් එකට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාදේට...

:       644       359

මුණසිංහFriday, 24 April 2020 01:17 AM

සහතික ඇත්ත. මුලු ලෝකයම වනසන්නේ මේ වගේ අය. අවදානම ගණන් නොගන්නා අය නිසා අනෙකුත් අයත් අමාරුවේ. ඇමරිකාවට වෙලා තියෙන්නෙත් ඔය ටිකමයි. මෙහි බරපතලකම සියලු දෙනා අවධානයට ගත යුතුයි.

:       109       40

sanjeevaFriday, 24 April 2020 03:32 AM

අර දඹදිව ගිහිල්ලා ඇවිල්ලා හැංගිලා හිටිය කාන්තාවට ගොඩක් පින්.

:       1       46

ranjith Friday, 24 April 2020 12:29 AM

මේ අවදානම් අවස්ථාවේ ඡන්දයක් ඉල්ලන්නෙත් ඡන්ද එපා කියන්නෙත් ආත්මාර්ථකාමී දරන මිනිස්සු මේ වසංගතයෙන් බේරීමට හැමදෙනාම දේසපාලනය පසෙක ලා එක් වෙමු

:       0       0

චින්තක Friday, 24 April 2020 12:30 AM

අත්‍යාවශ්‍ය රාජකාරි සදහා යොදවනු ලබන සියලුම දෙනාට ආරක්ශිත ෆුල් බොඩි කිට් එකක් කෙසේ හෝ ලබාදීම කලයුතුමය. එසේ සොයා ගත නොහැකි නම් පොලිතින් බට අඩි 6 කැබැලි කපා උඩින් ගැට ගසා එය හිස සිට පොරවා ගැනීම කලයුතුමය . සැකසහිත පුද්ගලයන් ලගට ගැනීමට පෙර මෙම පොලිතින් බට පොරවා ගැනීමට ලබාදිය යුතුය .

:       0       0

de silva Friday, 24 April 2020 01:54 AM

මේ නිලධාරියට කොරෝන හැදිලා තිබෙන්නේ රාජකාරි කරන විට, ඔහුගෙන් තව නිලධාරී 30කට හැදිලා, මේ නිලධාරිත් රාජකාරි වල නිරතවෙනකොට ඔවුන්ගෙන් තව පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්ට, සිවිල් වැසියන් තව කි දෙනෙකුට ඔවුන්ගෙන් බෝ වුනාද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. මේ තත්වය මත මේ මාසේ ඉවර වෙනකොට රෝගියෝ 700-1000 ප්‍රමාණයක් වෙන්න පුළුවන්, සමහරු කතාකරනවා ජුනි මාසේ ඡන්ද තියන්න. ඡන්ද රාජකාරි කරන කොට එක නිලදාරියෙකුට කොරෝනා තිබුනොත් වෙන්නේ මහා විනාශයක් .

:       0       24

athura Friday, 24 April 2020 04:20 AM

කෝ අර චන්දෙ ඕනෑමයි කියලා මේකේ මැරෙන්න හදපු වහලා....?

:       5       140

kamalaFriday, 24 April 2020 04:46 PM

ඔහේට චන්දයද දැන් මෙතන ප‍්‍රශ්නෙ...? පේන්නේ නැද්ද රටට වෙලා තියෙන හරිය..? ඒකගැන කතා කරන්න වහල්කම ප‍්‍රකාශ නොකර..

:       13       0

laundry man Friday, 24 April 2020 08:25 AM

ඡන්ද ඕන නැ.

:       1       41

අමිල Friday, 24 April 2020 02:32 PM

රෝහල් වලට භාරගතහැකි රෝගීන් ප්‍රමාණය ඉක්ම වූ විට සිදුවිය හැකි විනාශය සිතා ගැනීමට ද නොහැකි වේ. ලෙඩ්ඩුන්ට ගෙවල් වලම ඉන්න වේවී. මිනී ගෙනියන්නත් කවුරුත් නැති වේවී. අපේ මිනිස්සුන්ට කරුණාවෙන් කියන දේවල් තේරුම් ගන්නෙ නැහැ. කුඩු මල්ලිලාට ආදරෙන් කිව්වා වැඩියි. නොපමාව නීති තදින් ක්‍රියාත්මක කල යුතුයි.

:       0       0

sampath Friday, 24 April 2020 04:54 PM

මේ වගේ මර්මස්ථානයක් කොරෝන මර්දනයට යොදා ගැනීම සුදුසු නෑ.. අනෙක 4000ක් තරම් විශාල පිරිසක් ඉන්න තැනක වෙනම කොටසක් නිරෝදයනයට වෙන් කරන්න තිබුණා.. මට තේරෙන්නේ නෑ මේ තීරණ ගන්නේ කොහොමද කියල... අනෙක මේකට අදාල නැතත් සතුන්ට කෑම දෙන කොට පරිසමෙන් සතුන්ට බෝ වෙන එක ට දැන්මම වැට බදින්න ඕනේ... තවත් දෙයක් ලංකාවේ මිනිස්සු ඇති බහුතරය විටකනවා විට කී දෙනෙක් අතගනවද මේවා ගැන ඉතා පරිස්සමෙන් වැඩ කලොත් හැමෝටම හොදයි...

:       0       28

Aris Saturday, 25 April 2020 10:09 AM

හමුදා සෙබළු ඉන්නේ හමුදා බැරැක්කවල. ඔවුන් කොරෝනා මර්ධන කටයුතුවල යෙදවීමේදී එක සෙබළෙකුට රෝගය අසාදනය වීමෙන් සිදුව ඇති දේ මින් මනාව පැහැදිලිවේ. අනෙක් කරුණ තමයි කොරෝනා සැක සහිත අය වෙන් නොකොට එකම ශාලාවක තබා නිරෝධායනය කිරීම. එවිටද හදුනා නොගත් එක රෝගියෙක් සිටියොත් අන් අයට ආසාධනය වීමට ඉඩ තිබේ. එසේ නම් කරන්න තියෙන්නේ ටෙස්ට් එකට භාජනය කොට නිරෝගිනම් ගෙදර යැවීමයි.

:       0       5

Aris Saturday, 25 April 2020 10:09 AM

හමුදා සෙබළු ඉන්නේ හමුදා බැරැක්කවල. ඔවුන් කොරෝනා මර්ධන කටයුතුවල යෙදවීමේදී එක සෙබළෙකුට රෝගය අසාදනය වීමෙන් සිදුව ඇති දේ මින් මනාව පැහැදිලි වේ. අනෙක් කරුණ තමයි කොරෝනා සැක සහිත අය වෙන් නොකොට එකම ශාලාවක තබා නිරෝධායනය කිරීම. එවිටද හදුනා නොගත් එක රෝගියෙක් සිටියොත් අන් අයට අසාධනය වීමට ඉඩ තිබේ. එසේනම් කරන්න තියෙන්නේ ටෙස්ට් එකට භාජනය කොට නිරෝගිනම් ගෙදර යැවීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2146 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site