IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය කෝවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.



අදහස් (33)

සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා

rihan Saturday, 23 January 2021 07:31 AM

කොරෝනා යන යැවිල්ල හොඳ නැහැ. එන්නත මේ මාසේම ගෙන්නගත්තොත් හොඳයි.

:       7       44

saneera verona Saturday, 23 January 2021 07:33 AM

වරක් බිව්වොත් ජීවිතයට කොරෝනා හැදෙන්නේ නැතැයි කී බාස්ගේ කාලි පැණිය එක හුස්මට බිව් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා? වෙන්න බැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා...

:       6       153

paniyaSaturday, 23 January 2021 03:45 PM

කොරෝනා නොවේ පැණිය වැඩිවෙලා වෙන්නැති...

:       0       0

පිටිගල මිලානෝ Saturday, 23 January 2021 07:47 AM

මුට්ටි සහ පැණි අවිද්‍යාව පරදා සත්‍ය ජයගත් මොහොත... සර් මුට්ටි හරියන්නේ නැහැ වගේ.. ඒ නිසා වියතුන් සමග එක්වෙලා බාල්දි ටිකක්වත් පෙරළමුද?

:       6       145

sena Saturday, 23 January 2021 07:51 AM

එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් ධම්මික පැණිය වැඩක් නැහැ කියන්න මේ උදාහරණය ප්‍රමාණවත්...

:       15       102

De Saturday, 23 January 2021 08:09 AM

අහිංසක ජනතාව රවටන අයට අද කාලේ මෙහෙමවත් දඬුවමක් ලැබුණද කොහේද? මෙයාට රාවණා පැණිය දෙමු.

:       0       0

MISHAL-MATARA Saturday, 23 January 2021 08:15 AM

දැන් නම් එන්නත් ගෙන්නන්න හදිසි වෙන්න ඕනෑ නෑ. ටිකක් පරක්කු වුණාට කමක් නෑ.. පාර්ලිමේන්තු පොකුර පටන් ගත්තා විතරයිනේ... සමාජගත වෙලා නෑනේ තාම...

:       0       0

Nazar Saturday, 23 January 2021 08:20 AM

එහෙනම් කටේ තියෙන සැරට බීපු පැණිය පිච්චෙන්න ඇති...

:       7       126

කපුරුහාමිSaturday, 23 January 2021 12:21 PM

ඔව්, ඒක තමා වෙන්න ඇත්තේ කාලි මෑණිගේ පැණිය වරදින්න විදියක් නැහැ. ජනතාව වැල නොකැඩී එනවලු පැණිය ගන්න.

:       0       0

kimSaturday, 23 January 2021 11:01 PM

මීළඟට වෙනත් පැණියක්වත් බීලා බලමු. කටේ සැර අඩු වෙනවද කියලා.. අපරාදෙ මීළඟ මහ ඇමැති තනතුර බලාපොරොත්තු වුණු සැමගේ ඡන්ද ටික...

:       0       0

Pradeep Saturday, 23 January 2021 08:21 AM

මේ කට්ටියම ධම්මික මහත්තයාගෙන් පැණි බීපු අය නේද? අනේ අපොයි රටකට ගිය කලක්. මේ වගේ වගකිව යුතු නිලතල දරන අයත් වගකීම් විරහිත ලෙස වැඩ කරනවා නම් සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිටයි.

:       0       0

siri Saturday, 23 January 2021 08:29 AM

මුට්ටිය නම් වතුරේ ගියා කියමුකෝ. ඒත් බෝතලයක් රුපියල් 10000 ගාණේ මිනිස්සු පැන පැන ගත්තා පැණිය? හත් දෙයියනේ, ඒකත් වැඩ කරලා නැද්ද? අර නාලිකාවල "මේ මහා පැණි රාජයා හදන හැටි" එහෙම පෙන්න පෙන්නා පැණියේ ගුණ ගායනා කරපු අය දැන් මොනවා කියයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ...?

:       0       0

mp Saturday, 23 January 2021 08:32 AM

තෙරුවන් සරණින් ඔබතුමියට ඉක්මන් සුවය පතමි.

:       0       0

දයාජ Saturday, 23 January 2021 08:37 AM

සියලුම පීඩන ඉවසා දරා, ඇමතිවරිය ලෙස ඔබ ගෙනගිය කාර්ය භාරය අගය කල යුතුයි. ඔබතුමිය ලෙඩුන් පිළිකෙව් නොකළාය. ඒ වගේම කොරෝනා සඳහා යයි පැවසෙන ආයුර්වේද බෙහෙත් ඔබතුමිය පානය කළේ ප්‍රසිද්ධියේදී. ඒ ඔවුන් දිරිමත් කරන්නට මෙන්... එලෙසම නොයෙක් වත් පිළිවෙත් සඳහා ලැබුණු ආරාධනා ඔබ ප්‍රතික්ෂේප කලේ නැහැ. ඉතින් අප වෙනුවෙන් ඉතා වෙහෙස මහන්සි වූ ඔබටත් කොරෝනා ධනාත්මක වී ඇත. ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා..!! බුදු සරණයි...!!!

:       0       0

Dileepa Saturday, 23 January 2021 08:44 AM

ඉක්මණට සුව වෙන්න...

:       0       0

banda Saturday, 23 January 2021 08:55 AM

කාලි පැණිය බොරුවක් කියලා දැන් ඔප්පුවෙලා හමාරයි.

:       0       0

Rata Perata Saturday, 23 January 2021 09:00 AM

විද්‍යාව ගැන උගත් කෙනෙක් සෞඛ්‍ය ඇමැති කරමු. ඒ වගේම මොලේ තියෙන කෙනෙක් රටේ නායකයා කරමු.

:       0       0

rukmal rajakaruna Saturday, 23 January 2021 09:07 AM

තව මුට්ටියක් ගඟට අතහැරලා.. පැණි බෝතලයක් බිව්වොත් මොකද? දැන්වත් තේරුණාද දන්නේ නැහැ මිථ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැතිවග... මේ ලොව දෙවිවරුන් ඉන්න බව පැහැදිලියි අසරණ මිනිස්සු බේරගන්න. ඕවා හොඳ පාඩම්..

:       0       0

සිරිබිරි Saturday, 23 January 2021 09:14 AM

මුට්ටි දැම්මා, පැණි බිව්වා, බදා ගත්තා. හැම නැටුමක්ම නැටුවා. ලොකු කතා පවා කිව්වා. වැඩක් වුණෙ නැහැ අන්තිමට. ලැජ්ජයි..!!! 

:       0       0

rajinda Saturday, 23 January 2021 09:54 AM

ඔක්කොම වෙද්දුන්ගේ පැණි වර්ග කොක්ටේල් කරලා බීලත් මෙයාට කොරෝනා හැදිලා නම් අනික් අය ගැන කවර කතාද?

:       0       0

Prabha Saturday, 23 January 2021 09:55 AM

දැන් පැණි බාස් කියන්නේ මේ අය නියමිත වත් පිළිවෙත් අනුගමනය කරලා නැහැ කියලා. කොහොම වුණත් මේ වෙනකොට එයා ගොඩ ගාණක් හොයාගෙන ඇති.

:       0       0

prabhash Saturday, 23 January 2021 09:57 AM

කෝව්ඩ්19 ඇඟට පනින්නේ නෑ.. තම තමන්ම තමයි ගෙදර ගෙනියන්නේ කියලයි බලධාරීන් මහජනතාවට නං කිව්වේ... අසනීප වූ සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමු.

:       0       0

Prasad Saturday, 23 January 2021 09:58 AM

අද දෙවියන් අපගේ මුහුණ බැලුවා.

:       0       0

mihira Saturday, 23 January 2021 10:24 AM

සොබාදහම දඬුවම් දෙනවා .. හිමීට බලන් ඉමු. කාටවත්ම බේරෙන්න බැහැ.

:       0       0

lakvidu Saturday, 23 January 2021 11:22 AM

කොරෝනා වයිරසය විසින් පරීක්ෂාකර ප්‍රතිඵල නිකුත්කර තිබේ.

:       0       0

pradeepa Saturday, 23 January 2021 11:41 AM

පැණිය බොනකොට ධම්මික දෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනෑ. බිත්තර, මස්, මාලු, අරක්කු, සිගරට් කන්න බැහැ.. බොන්න බැහැ.. දවස් 03ක් යනකම්. අපේ ඇමැතිතුමිය ඕවා කරලා නැතිව ඇති. එයා හොඳට කනබොන කෙනෙක්නේ...

:       0       0

K Perera Saturday, 23 January 2021 02:36 PM

ඉක්මන් සුවය පතනවා. ඔබලා වගේ උගත් නුවණ තියෙන අයගේ සේවය මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.

:       0       0

Ranjan Saturday, 23 January 2021 04:06 PM

ධම්මික දුන් පැණි හොඳින් වැඩ කරලා... මෝඩකමට බෙහෙත් නැති බව නම් පැහැදිලියි.

:       0       0

Jonny Ratnayeke Saturday, 23 January 2021 04:14 PM

මිථ්‍යා විශ්වාස මත වගකිව යුතු පුරවැසියන් මින් ඉදිරියට වත් කටයුතු නොකර සිටිමට මෙම සිදුවීම ආදර්ශයට ගත යුතුයි. ඉක්මන් සුව පතමි...

:       0       0

Siri Perera Saturday, 23 January 2021 08:59 PM

මෙය කාලිගේ ශාපයක් විය යුතුයි. අපි තවත් මුට්ටියක් ගඟට විසි කරමු.

:       0       0

කමල් Saturday, 23 January 2021 09:39 PM

මට තේරෙන්නේ නැති හින්දා අහන්නේ එතුමිය ප්‍රතිකාර ලබාගන්න තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි තැනක්ද? නිල වෙබ් අඩවියේ නම් තියෙන්නේ රජයේ රෝහල් විතරයි. නිරෝධායනය කියන්නේ ප්‍රතිකාර අවස්ථාවේ එක පියවරක් විතරයි නේද? දොස්තර මහත්තයා එනවා කියලා හැමෝම ඕක කරන්න ගත්තොත්...

:       0       0

ඡන්දදායකයා Sunday, 24 January 2021 12:49 AM

ඔබතුමියට කොරෝනා ආසාදනය වීම ගැන කණගාටුයි. නමුත් රටේ නායිකාවක් වශයෙන් ඔබ මහජනයාට දුන් මිථ්‍යා විශ්වාසය ගැන කණගාටුයි. එම රෝගය වැළඳීමෙන් මහජනතාවට යම් ඇස් ඇරීමක් සිදුවිය.

:       0       0

ලලිත් අම්බලන්ගොඩගේ Sunday, 24 January 2021 02:34 AM

ඔබට ඉක්මන් නිරෝගි සුවය පතමි. රටේ අනික් සියලුම දෙනා මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බුද්ධිය සහ ශක්තිය ලැබේවා...!!! ඔබ පොහොට්ටුවට පමණක් ඡන්දය දුන් අයගේ සුව ඇමති පමණක් නොවේ. සියලුම ලාංකික පුරවැසියන්ගේ සුව ඇමතිණිය ලෙස සලකා කටයුතු කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 237 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 70 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site