(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල ප්‍රදේශ කීපයක් හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත් ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ.
එම දැනුම්දීම ජංගම දුරකථනවල කෙටි පණිවිඩ හරහා සහ විද්‍යුත් මාධ්‍ය මගින් මෙන්ම මුද්‍රිත මාධ්‍ය මගින් ද ප්‍රචාරය වූ නමුදු මේ දක්වා ක්‍රියාවට නැඟී නොමැත.
පානදුර තොටවත්ත, මොණරාගල බඩාල් කුඹුර හා අලුත පොල ප්‍රදේශ හුදෙකලා කළ ප්‍රදේශ බවට ප්‍රචාරය කෙරිණි.
මෙම පණිවිඩයක් සමගම ඉකුත් දින කීපය තුළ සිට කොරෝනා ආසාදිතයින් වර්ධනය වෙමින් පවතින පානදුර තොටවත්ත ප්‍රදේශයේ සමහර පුද්ගලයන් එම ප්‍රදේශය හැර වෙනත් ප්‍රදේශ කරා මේ වනවිටත් සංක්‍රමණය වීමෙන් අනෙකුත් ප්‍රදේශ කරා ද දැඩි සෞඛ්‍යමය ගැටළුවක් පැන නැගීම වැළැක්වීමට නොහැකි බවත් එම නිලධාරීහු පැවසූහ.
එම දැනුම් දීමත් සමගම අදාළ අංශ වෙත ද එම පණිවිඩය යොමු කර මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර හුදෙකලා කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නම් තවත් පුද්ගලයකුට සමූහයකට හෝ ප්‍රදේශයකට වෛරසය පැතිරීමේ අවදානම දැඩිව අවම කරගත හැකි වෙතැයි එම උසස් නිලධාරීහු පවසති.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හුදෙකලා කරන්නැයි කියූ ප්‍රදේශ 3 ක් තවම හුදකලා කර නෑ
mihira Wednesday, 16 December 2020 03:22 PM
හොඳයි ... අපි මොනවා හරි කරන්න බලන්නම්...!!!
Raveendra Wednesday, 16 December 2020 03:54 PM
ඒ මොකද ඒ...? අපේ සර්ට හරි ටූල් එක දෙන්න බැරි වෙලාද? ඒ වුණාට ඔයාලා පැනික් වෙන්න එපා. සර් වෙලාවට වැඩේ කරයි.