IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


අකුරණ ආසාදිත කාන්තාවන් දෙදෙනා ගිය අවමඟුල් උත්සවයට එක් වූ පිරිස් සොයයි

(මොහොමඩ් ආසික්)
 
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේම  කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට සහභාගී වී ඇති බැවින් එහිදී එම  අවමඟුල් උත්සවයට සහභාගී වූ පිරිස්වලට ඉදිරිපත් වන ලෙස  අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  ඉල්ලා සිටී.
 
මධ්‍යම පළාතේ පළමු නව කොරෝනා වයිරසය ආසාදිත රෝගියාගේ භාර්යාව සහ ලේලියටද කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බව හෙළි වීමෙන් පසුව ඔවුන් ආගිය තැන් පිළිබඳව සොයා බැලූ සෞඛ්‍ය අංශවලට ඔවුන් දෙදෙනා පසුගිය 21 වනදා  තෙළඹුගහවත්ත ප්‍රදේශයේම සිදු වූ  කාන්තාවකගේ අවමඟුල් උත්සවයකට  සහභාගී වී ඇති  බව අනාවරණය වී ඇත.
 
  එම මළ ගෙදරට  ගොස්   වයිරසය ආසාදිත කාන්තාවන් සමඟ  කතා බහ කළ පිරිස් සම්බන්ධයෙන්  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පරීක්ෂණ ආරම්භ කරනු ලැබ තිබේ.
 
මෙම පිරිස්  හඳුනා ගැනීමට අවශ්‍යව ඇත බැවින් වහාම ඔවුන් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වන ලෙසත්   සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ පොලීසිය ඉල්ලා සිටී.



අදහස් (3)

අකුරණ ආසාදිත කාන්තාවන් දෙදෙනා ගිය අවමඟුල් උත්සවයට එක් වූ පිරිස් සොයයි

kamal Thursday, 02 April 2020 05:57 AM

මාර්තු 20 සිකුරාදා ඉඳන් දිවයිනපුරා ඇඳිරිනීතිය තිබ්බ නම් 21වෙනිද මළගෙදර ගියපු හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. බෙහෙත් නැතුව, කෑම නැතුව එලියට බැස්සහම අල්ලන්න වුනත් ඒ මිනිස්සු කරන්න දෙයක් නැතුව එලියට බහින්න්නේ. හැබැයි තමන්ගේ ස්වයන් විනයක් නැත්නම් පල්ලි වල ඥාච්නා සහ මළගෙවල් පොලිසියටත් පාලනය කරන්න අමාරුයි. ඕක වෙලා තියෙන්නේ ලංකාවේ එක නීතියක් කාලයක් තිස්සේ නැති හින්ද නීතිය ගණන්ගන්නේ නැති කොට්ටාශයක් ලංකාවේ දිගටම බිහිවුන හින්ද . එකට හේතුව කියන්න ඕනේ නෑනේ .

:       0       389

rasika Thursday, 02 April 2020 06:37 AM

මියගිය කාන්තාව මොන හේතුවෙන්ද මියගියේ ?

:       2       0

NaushiThursday, 02 April 2020 10:29 AM

හුස්ම ගන්න අමතක වෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 833 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site