(දිල්රුක්ෂි ග්‍රේරු)
කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.
ඊයේ (25) දිනයේදීත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද සවස 4.45 වන තුරුත් කිසිදු අසාදිතයකු වාර්තාවී නොමැත.
ඒ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රෝගීන් සිව් දෙනකුද සුවය ලබා අද නිවෙස්වලට ගොස් ඇතැයිද අමැතිවරිය පැවසුවාය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 කි.
කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරිය මේ බව පැවසූවාය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’
sathyapala Thursday, 26 March 2020 12:06 PM
කිසිදා පරාද කළ නොහැකි බව කියූ කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට කොටුකර ත්‍රස්තවාදය අවසන් කළ ලෙසටම කොරෝනා වයිරසයද ශ්‍රී ලංකාවේදී මුළුමනින්ම කොටුවී අවසන් ගමන් යන දිනය වැඩි ඈතක නොවන බවට හොදින්ම ලකුණු තිබෙනවා. යුද ජයග්‍රහණය සැමරූ ලෙසටම ලග එන අලුත් අවුරුද්දට රටම පාරට බැස කැවුම්, කිරිබත් ඉදෙන සුවද හිතේ මැවෙනවා. මෙවර එහි විශේෂත්වය කොරෝනා පරාජය ජාති ආගම් භේදයකින් තොරව උතුරු , නැගෙනහිරද ඇතුළුව මුළු රට පුරා සමරන්නට හැකි වීමයි. එය රට එක්සේසත් කර ජාතියක් ලෙස එකට අත්වැල් බැද දියුණුව කරා යන්නට පදනම වැටීමක්. ජය...!
Akila Thursday, 26 March 2020 12:15 PM
පරික්ෂා නොකළහම හම්බවෙන්නේ නැහැ තමයි.
Champa Thursday, 26 March 2020 12:30 PM
කී දෙනෙක් ටෙස්ට් කරලද බින්දුව ආවේ?
Champa Thursday, 26 March 2020 12:40 PM
කොරෝනා හැදිලා කියල තහවුරු වුනු පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුත් එක්ක කිට්ටුවෙන් මැතිවරණ කටයුතු කරපු බැසිල් රාජපක්ෂව දින 14ක් ස්වයං නිරෝධනයට ලක් වුනා හෝ ලක් කළා කියල පත්තරවල ලොකුවට දාලා දවස් දෙකක් යනකොට බැසිල් රාජපක්ෂ නිරෝධනය කඩලා මුකවාඩමත් පහලට දාගෙන අරලිය ගහ මන්දිරේ තිබ්බ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඇවිල්ල තිබ්බා. ඊට පස්සේ තවත් කොරෝනා රැස්වීමක මුකවාඩම නැතුව කතා කළා. අවශ්‍ය පරතරය තියාගෙනත් නැහැ. ලංකාවේ මීටර් 1යි. ජාත්‍යන්තරය අඩි 6යි පරතරය. දැන් බැසිල් රාජපක්ෂට විරුද්ධව ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද? මෙහෙම කරපු සමහර මිනිස්සු හිරේ දාල තියෙනවා. පොලට එන අහිංසක මිනිස්සුන්ට මුඛවාඩම් දාගන්න කියලා තව මිනිස්සු තර්ජනය කරනවා. ඇඳිරි නීතිය කැඩුව කියලා තුන්දාස් ගානකට වැඩි පිරිසක් හිරේ දාල. වඩා ලොකු වැරැද්ද මොකක්ද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.
Thilina Thursday, 26 March 2020 02:00 PM
අපිට මතකයි චම්පා පහුගිය ජනාධිපතිවරණයේදී පුතාණෝ වෙනුවෙන් කඩේ ගිය අපූරුව.. දැන් හිතේ වේදනාවට ඊර්ෂ්‍යාවට කියවන්න දෙයක් හොයාගෙන ..රටක් විදිහට අපි හැමෝම සතුටු වෙනවා... නිවැරැදි නායකත්වය රටට ලැබීම පිළිබඳව. කලින් පාලනය තිබ්බනං මේ වෙනකොට මුළු රටම අමු සොහොනක් බවට පත් වෙලා. කරුණාකර රටට සහයෝගය දෙන්න .පස්සේ දේශපාලනය කරන්න
Maalaka Thursday, 26 March 2020 11:44 PM
එතකොට සෞඛ්‍ය අමාත්‍යංශය කියලා තියෙන්නේ දැන් 106 ට නැගලා කියලා.