IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)


කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

මිය ගිය ආසාදිතයා අවුරුදු 60ක පිරිමි පුද්ලයකු වන අතර මාරවිල පදිංචිකරුවෙකි.

වසර කිහිපයකට පෙර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියා හා අධික රුධිකර පීඩනයෙන් ද පෙළුණු බව ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (30)

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට

K.S.Lankathilaka Saturday, 28 March 2020 02:56 PM

දැන්වත් පරිස්සම් වෙන්න මිනිස්සුනේ...

:       0       23

පැතුම් Saturday, 28 March 2020 02:58 PM

හරි හරි. කොහොමහරි මැරුනෙ කොරෝනා හින්දනෙ. එහෙම නැත්තං ඔය මනුස්සයා මීට කලින් මැරෙන්න එපැයි. දැංවත් තේරුම් ගනිල්ලා. එහෙම නැත්තං ලංකාවෙ හැම ගමකම හැමදාම කෙනෙක් මැරෙන දවස වැඩි ඈතක නෙමෙයි...

:       7       64

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Saturday, 28 March 2020 03:14 PM

ඔන්න රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිවූ වෛද්‍යවරුන් ගෙ කෙරුවාව. මෙච්චර කල් හැමෝම උඩ දාගෙනනෙ හිටියෙ මෙයාලව. වහාම දැඩි පියවර ගන්න ඕන.

:       1205       87

PrabhaSaturday, 28 March 2020 07:30 PM

මෙච්චර දවසක් හරි ඒ මනුස්සයා ජිවත් වුනේ ඒ දොස්තරලට පින් සිද්ධවෙන්න

:       0       32

Suneth Saturday, 28 March 2020 08:18 PM

දිල්ෂාන් කියන්නෙ දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද. ඉතාලියේ ඇමරිකාවේ මිනිස්සු මැරෙන විදිහට මෙයාගේ තර්කෙන් බැලුවොත් ඒ දොස්තරලට මොනා කරන්න වෙයිද? දොස්තරල ඔය මනුස්සයාව බේරගන්න මොන වෙහෙසක් ගන්න ඇද්ද. ඔයාට විරුද්දව තමයි දැඩි පියවර ගන්න ඕනේ.

:       0       37

නීලSaturday, 28 March 2020 08:35 PM

තමුන්නාන්සෙගෙ කතාව වෛද්‍යවරයෙකුට ගැලපෙන්නෙ නෑ. ඔබේ නම මුලට තියෙන Dr කෑල්ල සල්ලි වලට ගත්ත එකක් කියලා කතාවෙන්ම පැහැදිලියී.

:       0       43

ddSaturday, 28 March 2020 08:57 PM

බොරුවට කියවන්න එපා.

:       0       27

හරේන්Saturday, 28 March 2020 09:51 PM

ඔබතුමා දොස්තර කම මිලදී ගත්තෙ සයිටම් එකෙන් වෙන්න ඕන. වෛද්‍යවරු, පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක සේවා මේ අවස්ථාවේ උපරිම සේවය රටට දෙනවා. ඒකෙන් තමයි මේක පාලනය කරගෙන ඉන්නෙ. ඔබතුමා මොනවද රටට කරල තියෙන්නෙ?

:       0       35

VasanthaSaturday, 28 March 2020 10:00 PM

මෙයා සයිටම් ද කොහෙදෝ. Dr. කියලත් දාගෙන. ඔයාල දන්නව නං ඉතිං ගිහිං රෝගය පාලනය කරන්නකෝ? කවුරුත් එපා කිව්වෙ නෑ නෙ? වැඩක් නොකර ඉඳගෙන කරන එකාව විවේචනය කරන එක අපේ රටේ මිනිස්සුන්ගෙ තියන නරක ගතියක්.

:       0       30

Chandima SooriyapperumaSaturday, 28 March 2020 11:47 PM

දිල්ෂාන්. අමු කැවිලද දොඩවන්නේ?

:       0       15

anuraSunday, 29 March 2020 01:12 AM

දැඩි පියවර ගන්නේ රෝගීන් සුවපත් කරන නිසා ද? නිකන් ගොන් කතා නොකියා සිටිනවා නම් හොඳයි. නැතිනම් මේ අවස්ථාවේදී ජනතාව අතර නොසන්සුකම ඇති කරන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ඳව ඔයාට වැඩ වැරදීමට ඉඩ තිබෙනවා.

:       0       19

මුණසිංහSunday, 29 March 2020 01:17 AM

විකාර කතා කියන්නේ. සයිටම් කාරයෝ බිහි කලා නම් මෙලහකට ඉතාලියටත් එහා. මේක දොස්තරට වලක්වන්න බැරි දෙයක් කියලා කොන්දොස්තරලත් දන්නවා. නමුත් පළමුව සුව වූ රෝගියාගේ රුධිරය අරගෙනත් දුන්නේ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් දීපු පන්නරය නිසා. එහෙම මොලයක් සයිටම්කාරයන්ට නැහැ.

:       0       38

පැතුම්Sunday, 29 March 2020 05:23 AM

මට නං හිතෙන්නෙම ඩිල්ෂාන්ට කැම්පස් යන්න ලකුණු මදි වෙලා චිචී බේබි වගේ සල්ලි දීලා doctorate එකක් අරන් වගේ. තමුන්ලා වගේ අය ඉන්නේ අපේ වෛද්‍යවරු නිසා කියලා තමුන්ට නොතේරුනාට මොලේ තියෙන මිනිස්සුන්ට හොඳට තේරෙනවා...

:       0       26

ජයන්තSunday, 29 March 2020 08:31 AM

මේ අර ජනතා වෛද්‍යවරු කියල ෆේස්බුක් පේජ් එකක් අටවගෙන හැමදාම බැනුං අහපු, සයිටම් එක වෙනුවූන් ටීවි එකට වොයිස් කට් දීපු ඩිල්ෂාන් ප්‍රනාන්දු ද?

:       0       163

RaveendraSunday, 29 March 2020 12:28 PM

Dr ලෙස ලියා නම ඉදිරියේ තිබුනත් තිරිසන් වැඩක් ලෙස ලියා තිබෙ...

:       0       1

Ban Saturday, 28 March 2020 03:19 PM

නිවන් සුව ලැබෙවා...!!!

:       0       44

Raveendra Saturday, 28 March 2020 03:43 PM

හරිම කනගාටුයි.... ඔබට නිවන් සුව අත්වේවා ...!!!

:       0       41

225 Saturday, 28 March 2020 03:45 PM

ඔබට සුබ ගමන්.

:       0       18

jayath Saturday, 28 March 2020 03:47 PM

මේකෙන් පැහැදිලි වෙනවා මේ වයිරසය මොනතරම් භයංකර විදියට දැනට මත් යම් අසනීපවලින් පෙලෙන අයට හානි කරනවද කියල . විශේෂයෙන්ම අධික රුධිර පීඩනය තියන අය පරිස්ස්සම් වෙන්නම ඕන . නමුත් අපේ සමහර ජනකොටස් හරක් වගේ මේක පතුරවනවා. ඒ නිසා මම කියන්නේ මේ වගේ කෙනෙක් දැක්කොත් යන්න එපා....

:       0       132

රොමේෂ් Saturday, 28 March 2020 04:15 PM

ඉතාමත් අවාසනාවන්ත පුවතක්. මේ පුවතේ බරපතලකම සමාජ ගතවිය යුතුයි. නමුත් මිය ගිය රෝගියා වෙනත් රෝගවලින් පීඩා විඳි බව සහ ඔහුගේ වයස සඳහන් කිරීමෙන් පුවතේ බරපතලකම ගිලිහී සමාජගතවිය යුතු පණිවුඩය වෙනස් වන බවයි මගේ හැගීම. මෙය අපේ රටේ සිදුවූ ප්‍රථම සහ අවසාන කොරෝනා මරණය වියයුතුබවට දැන්වත් සැමදෙනාම වගකීමෙන් කටයුතුකළ යුතුයි. කොතරම් දක්ෂ සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් තිබුනත් වැඩක් නැහැ, ඇඳිරිනීතිය නිසියාකාරව කරගැනීමට නොහැකිනම්. අපට කළහැකි හොඳමදේ වෛරසය පැතිරීම වලක්වා ගැනීමයි. වෛරසය දරුණු ලෙස පැතිරෙන්න ඉඩහැර පසුව රටම ලොක් ඩවුන් කෙරුවත් ඇති පලක් නැහැ. සැමදෙනාම තම තමන්ගේ වගකීම සමාජීය වගකීමක් ලෙස සලකා කටයුතු කලයුතුයි.

:       34       353

RaveendraSaturday, 28 March 2020 06:08 PM

ඔබගේ කාලෝචිත අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම මිනිසුන් මෙහි බැරෑරුම තත්වය දැන හෝ නොදැන මෙසේ අවිනිතව හැසිරීම ඉතාම කණගාටුදායකය. තාමත් අප ප්‍රමාද නැහැ... මේ බයානක තත්වයෙන් ගොඩ ඒමට..., වගකීම් එලෙසම ඉටුකරන ලෙස... කාරුණිකව සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ පුරවැසියන් හැටියට තමන්ගේ යුතුකම්, වගකීම් නිසිලෙස ඉටුකරන ලෙස....අප සැමටම යම් යම් කැපකිරීම් කරන්න වෙයි මේ අවස්ථාවේ අප ඒවා කිරීමට පෙළ ගැසෙමු.

:       22       130

jonana Saturday, 28 March 2020 06:21 PM

මෙම රෝගියා බරපතල රෝග තිබු රෝගියෙක්. ඔහුට නිවන් සුව....!!!

:       13       52

kamalSunday, 29 March 2020 12:12 AM

මෙම රෝගියා මිය ගියේ කොරෝනාවෙන් බව සැම දෙනෙක්ම තදින් තේරුම් ගත යුතුයි.

:       0       11

banda Saturday, 28 March 2020 08:22 PM

ලංකාව වගේ ඌශ්න රටවල මේක වසංගතයක් වගේ පැතිරෙන්නේ නැහැ.

:       11       275

nishaSunday, 29 March 2020 11:38 AM

ඔය විදියට ලංකාව ‌බේරිලා තියෙන්නේ ‌ෙගොඩාක් පායන නිසා. නැත්තන් ලංකාව පිරිසිදු, දියුණු රටක් ‌නොවේ.

:       52       213

anura Sunday, 29 March 2020 12:30 AM

නෝ විකට් තියාගෙන දිනන්න තිබ්බ මැච් එක, සමහර නොසැලිකිලි ජනතාව කියන පිතිකරුවෝ නිසා ශ්‍රී ලංකාවට අහිමි උනා...

:       0       8

හරේන්Sunday, 29 March 2020 08:23 AM

දික්වැල්ල වගේ බැට් කරන්න යන්න එපා. සංගක්කාර වගේ සංයමයෙන් බැට් කරන්න.

:       0       11

de Sunday, 29 March 2020 01:47 AM

අම්බරු කතා කියන්න එපා. මේ වෙලාවේ දොස්තරලා හෙද කාර්යමණ්ඩලය කරන සේවය පෙන්නේ නැද්ද.?

:       0       1

රජින්ද Sunday, 29 March 2020 02:12 AM

මෙවැනි වසංගතයක් පැතිරයන අවස්ථාවකදී ඉන් සිදුවන මරණ හුදු විහිලුවකට නොගෙන සිටීම වැදගත්, එමෙන්ම මේ මරණ රජයේ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට හෝ පවතින රාජ්‍ය ක්‍රියාවලිය අවතක්සේරු කිරීමට විපක්ෂය ඇතුළු අනෙකුත් විරුද්ධවාදීන් ක්‍රියා නොකළ යුතුයි. ඇතැම් තක්කඩි දේශපාලකයින් බලාගෙන ඉන්නේ මිනී මතින් හෝ තමන් ජය ගැනීමයි.

:       12       1

රවින් Sunday, 29 March 2020 06:33 AM

බැලුවහම මේ පුද්ගලයා ජිවත්වී ඇත්තේ “වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.” වගේ නොවේද? වකුගඩු අමාරුව? මරණයට අත වනයි? හර්දයේ රෝග - මරණයට අත වනයි? දියවැඩියාව - පැත්තක ඉඳන් මරණයට ආවඩයි? ඉහත රෝග තුන ගැන සැවොම ටික ටික හරි දන්නවා. ඒ අතරතුර කොරෝනා වයිරසය ...........? "අනිච්චා වත සංඛාරා " " සාමයන් සැතපේවා" "දෙවියන්ගේ කැමැත්ත " විතරම තමා අපට ඉතිරිව ඇත්තේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2407 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 800 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site