IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ

(රංජිත් රාජපක්ෂ )

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය.
 
මෙසේ දඩ මුදල් ගෙවිමට නියම කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මුණිදාස ගමගේ (සභාපති) දොලමුල්ලකන්කානම්ලාගේ සමිත් , පොල්ගම්පොලගේ නයනකිර්ති පුෂ්පකුමාර ,  අලංකාරගේ අනුර දේවප්‍රිය ,  ගමගේ රාමචන්ද්‍ර යන සැකකරුවෝය.

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිව්දෙනෙකු ඉකුත් 3 දින අකුරැස්ස සිට  හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය දක්වා එම නගර සභාවේ ලොරි රථයකින් පැමිණෙන අවස්තාවේ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එදිනම මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් පස් දෙනාට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ වාහනය මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසය.
 
එම ඉල්ලිම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සභාපතිවරයාගේ දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමටත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන ප්‍රාදේශිය සභාවේ ලොරි රථය මුදා හැරිමට නියෝග කළේය.



අදහස් (17)

ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ

M Narangoda Wednesday, 06 May 2020 08:50 AM

පොදු දේපොළ අවභාවිත කිරීම සදහා පොලිසියෙන් නඩු දමල නැහැ වගේ, ලොරිය පාවිච්චි කලාට ට්‍රිප් යන්න.

:       0       19

parakkrama Wednesday, 06 May 2020 09:02 AM

අනේ පව් ! දඩය ලොකු වැඩි නිසා හරියට රිදෙන්න ඇතිනේ? දීලා තිබෙන ආදර්ශය නම් මරුම තමා !!! මෙතුමයි, ගෝලයොයි ආයේ කවදාවත් මෙහෙම වැරද්දක් නොකරාවි නේද? ලොක්කටම පෙනීයන්...! ලොක්කටම පෙනීයන් !!! ලොකු උත්තමයාටම පෙනීයන් !!!... මෙතෙක් මේ නීතිරීති කඩකළ 40,000ක් පමණ උදවියට හොඳ පූර්වාදර්ශයක් බව නොකියාම නොහැක්කේය.

:       0       93

Raveendra Wednesday, 06 May 2020 09:04 AM

ඕනෑම ජඩ වැඩක් කර නිතිය ඉදිරියේදී සමාව ඉල්ලීමත් නරකම නැහැ. මොකද ඇප ලැබෙනවා අදහගන්න බැරි තරමට මෙන්ම උහුලන්නට බැරි මුදලක් තරම්වූ අධික දඩමුදලක් ගෙවන්න වෙච්ච එක තමයි ගැටලුව. රුපියල් 1600 කියන්නේ මේ කල්පෙකට හොයන්න පුළුවන් මුදලක්ය. මේ වගේ දේශපාලුවන් සමාජයේ සාමකාමී මිනිසුන්ට සමච්චල් කරමින් ගම් කබරයන්ගේ අතේ පැළවෙන ගොන් තර්කවල උදව්වෙන් නිදහස්වී යන හැටි.

:       0       75

ජයම්පති Wednesday, 06 May 2020 09:26 AM

ප්‍රාදේශීය මීහරකෙක්. මේ වෙලාවේ හැටියට කළ යුතුම වැඩක් වෙන්න ඇති මේ කළේ.

:       0       2

MaheeThursday, 07 May 2020 07:08 PM

වැරදියි තමයි. නමුත් බලන්න, 40000 ක් අත්අඩංගුවට පත්වෙන්න තරම් බරපතල ලෙස සලකපු වරදකට නඩුකාරයාගේ තක්සේරුව. රන්ජන් කිව්වේ මේ වගේ අය ගැන තමයි. බොහොම අය කියනවා බුදුසසුන වනසන්නේ දුසිල් මහනුන් කියා. රටේ නීතිය වනසන්නේ කවුද?

:       0       1

නෙවිල් Wednesday, 06 May 2020 09:41 AM

දැන් ශ්‍රීපාද සමය ඉවරයිනෙ. මේක නම් කවදාවත් වන්දනා ගමනක් වෙන්න බැහැ.

:       0       102

RaveendraWednesday, 06 May 2020 11:11 AM

සහතික ඇත්ත... මුසල මූණු වලින්ම පේනවා පිං අතේ වැඩකට ගිහින් තියෙන්නේ කියල.

:       0       33

samareWednesday, 06 May 2020 01:31 PM

සත්තු දඩයමේ හෝ ගැනු දඩයමේ ගිහින් ....

:       0       82

රවින්Wednesday, 06 May 2020 11:17 AM

ශ්‍රී පාද වන්දනා සමය පටන්ගැන්ම දෙසැම්බර් මාසයේ පොහොය දින සිට අවසානය මැයි මාසයේ පොහොය දින දක්වාවේ . සිංහල මාස ක්‍රමවෙදයට නම් උදුවප් පොහොයේ සිට වෙසක් පොහොය දක්වා. කොහොම උනත් දේශපාලුවෙක් හින්දා දඩ මුදල නම් හොඳටෝම මදිය. තවද රාජ්‍ය පරිපාලනය මගින්ද මොහුට විරුද්ධව පරිපාලනමය ක්‍රියා මාර්ග ගතයුතුවේ. රාජ්‍ය දේපල අවභාවිතය. අවසර ලත් රියදුරෙකු නොමැතිව ලොරි රථය පැදවීම. යෑම ඒම සඳහා ඉන්ධන භාවිතය. පොදුවේ පවතින රාජ්‍ය අවමානයට ලක් කිරීම... ආදී කරුණු වලට අදාලවද ක්‍රියා මාර්ග ගතයුතුවේ. සෞඛ්‍ය අංශය විසින් ලෝකයේ පවතින සම්මත වසංගත නීතිරීති උල්ලංගනය කිරීම පිළිබඳවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු වේ.

:       9       11

RaveendraWednesday, 06 May 2020 12:35 PM

වැඩිම උනොත් තව රුපියල් 500 දඩ ගහයි මහජන දේපොළ අවබාවිතාවිම පිළිබද සහ එය ගෙවීමට අවුරුදු 20 ක පමණ සහන කාලයකුත් ලබාගන්න බැරි නැහැ. දැන් හිතාගන්නකෝ මරණාධාර සමිතියක කෙනෙක් මෙසේ සියල්ල අවභාවිතා කරන්නේ නම් දියවන්නාව පටිටියේ රටම විනාශ කරන සමිතියේ " මීහරක් 225 "මොනතරම් දේවල් කාබාසිනියා කරනවාද කියා.

:       0       37

Kamal Wednesday, 06 May 2020 11:25 AM

ඔච්චර දඩ මුදලක් සභාපති තුමාට ගෙවන්න පුළුවන්ද? හිතන්න ඔනේ... නීතිය සාධාරණ වෙන්න ඔනේ... පව් රටෙ මිනිස්සු... රුපියල් 160ක් නම් කමක් නැහැ..

:       0       24

Nandalal DE SILVA - France Wednesday, 06 May 2020 11:26 AM

හරි සිල්ලර දඩයක් නේ !!! කවුද දන්නේ නැහැ මේ තරම් දරුණු දඩයක් නියම කරන්න නියෝග කරේ? ලඟම තියෙන පන්සලේ පින් කැටය කඩලා උනත් මේ දඩය ගෙවන්න මේ පින්වතුන්ට තිබුණා නේද? මෙවැනි දඬුවමක් මගින් තව තවත් වන්දනාකරුවන් සිරිපා වන්දනා කරන්න යන්න පුළුවන් ! ඒත් අර ලොරි බාගයේ තිබුණ බඩුමලු වල මොනා තිබුණාද කියා දන්නේ කවුද?

:       0       29

Pradeep Wednesday, 06 May 2020 01:52 PM

දඩ මුදල ලොකු වැඩිද මන්දා.. පව් අසරණයෝ ටික. බොහොම අමාරුවෙන් වෙන්න ඇති ඔය මුදල හොයාගන්න ඇත්තේ.. අර ගෙදරකින් අඹ ගෙඩි 4ක් කඩා ගත්ත වයසක අම්මටවත් ඇප නොදුන් අපේ නිතිය මේ කුඩා දේශපාලකයින් අසලත් නැමෙන අපුරුව..

:       0       57

jayath Wednesday, 06 May 2020 02:03 PM

කුමට මෙරට අධිකරණය? නීතිය සහ විනිසුරන් කියන්නේ නන්ද මාලිනි ගේ පවන ප්‍රසංගයේ එන සුනිල් ආරියරත්න ලියපු සින්දුවක් මේක හැමදාටම ගැලපෙනවා . මගේ ප්‍රශ්නය එක නෙමි දොස්තර වික‍්‍රමසිංග වගේ යුග පුරුෂයෝ පාර්ලිමේන්තු යවපු අකුරැස්සේ ඒ ජනතාවගේ අලුත් පරපුර මොලේ කොලොප්පන් වෙච්ච තරමයි... මොකද දැන් ඒ පැත්තේ වීරයෝ ස්ත්‍රී දූෂකයෝ සහ මේ වගේ මොංගල් පොරවල් . අර මනුස්සසය වලෙන් නැගිටලා එවි දවසක '...

:       0       1

RaveendraThursday, 07 May 2020 05:22 AM

ඒ කාලයේ ඒ පැතිවල හිටියේ හෙළයෝ. දැන් ඉන්නේ මීහරක්. පොල්බුරු ඥානයෙන් අගතැන්පත් අපතයෝ...වෙනස එයයි...මේ අම්බරුවා දියවන්නා පටිටියට යාමට ඉහළින්ම සුදුසුකම් ලබා ඇති බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු.

:       0       3

Niresh Wednesday, 06 May 2020 03:04 PM

පිස්සො... කියන්න වෙන වචන නැහැ. මොනවද හිතාගෙන ඉන්නේ කියලා අපිට හිතාගන්න බැහැ..

:       0       1

kiraa Thursday, 07 May 2020 05:19 AM

ශ්‍රී පාද බැතිමතුන් විදිහට සුදු ඇඳගෙන ගේම් එකක් ගැහැව්වේ .. ඉතින් කෙලවුනානේ ..! අයිසේ.... මෙහෙමත් කොරෝනා එකක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 869 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site