IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඉන්සියුලින් තොගයක් එයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ විනීතා ගමගේ)

ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් අද (15 වැනිදා) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි.

මෙම නෞකාව පසුගිය 12 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව තිබුණද දේශගුණික බලපෑම් හේතුවෙන් එය දින කිහිපයක් ප්‍රමාද වූ බවත් ඉන්සියුලින් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ ඉතාමත් ඉක්මනින් දිවයින පුරා රෝහල් වෙත බෙදාහරින බවත් වෛද්‍ය වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ඖෂධය ඇතුළු සමාජයේ බහුලව පවතින බෝ නොවන රෝග රැසකට අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් දිවයින පුරා රෝහල්වල පැවතීමෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. අධික රුධිර පීඩන රෝගීන්ට ලබා දෙන ‘ලොසාර්ටන්‘ නම් ඖෂධය, හෘදයාබාධ ඇති රෝගීන්ට ළඟ තබාගැනීමට දෙන ‘අයි.එස්.ඩී.එන්.‘ නම් ඖෂධය ඇතුළු තවත් ඖෂධ රැසක් හිඟයක් පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

දියවැඩියා රෝගීන්ට දෙනු ලබන ඉන්සියුලින් මිලි ලීටර 10 කුප්පි වල විශාල හිඟයක් රට පුරාම පවතින බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලුතර දිස්ත්‍රික්කයේ පමණක් ඉන්සියුලින් ඖෂධය ලබා ගන්නා රෝගීන් 8,000 කට අධික ප්‍රමාණයක් පානදුර, හොරණ, පිඹුර යන මූලික රෝහල් වල මෙන්ම කළුතර නාගොඩ මහ රෝහලේත් ලියා පදිංචි වී සිටින බව දැනගත හැකිවිය. ඒ සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් කළ විමසීමකදී වෛද්‍ය රත්නායක මහතා මෙසේ පැවසීය.

“සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා ඖෂධ විධිමත්ව නිවෙස් වලටම බෙදා දීම සඳහා අපට තැපැල් දෙපාර්තමේන්තුවත්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් වගේම ග්‍රාමසේවා නිලධාරීන්ගේත් විශාල සහයෝගක් ලැබෙනවා. ඒත් බෝ නොවන රෝග සඳහා අවශ්‍ය සමහර බෙහෙත් වර්ග වල තදබල හිඟයක් පවතින නිසා මේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටළු මතුවෙලා තියෙනවා.“

“විශේෂයෙන්ම ඉන්සියුලින් කියන ඖෂධය.... ඉන්සියුලින් ගන්නා දියවැඩියා රෝගියකුට වෙනත් පෙති වර්ග භාවිතා කරලා නියම ප්‍රතිඵලය ලබාගන්න බෑ. ඒ නිසා ඉන්සියුලින් ගන්නා රෝගීන්ට එක අත්‍යවශයි“

“අපට, ඒ කියන්නේ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශයට පමණක් මාසයකට ඉන්සියුලින් මිලි ලීටර් 10 

කුප්පි 4000 ක් විතර ඕනා.... මේ කියන්නේ කළුතර ප්‍රධාන රෝහල වන නාගොඩ මහ රෝහලේ රෝගීන් ඇතුළත් නැතිවයි.. රටේම තත්ත්වය මීට වඩා විශාල අගයක්.. ඒ නිසා මේ රෝගීන්ට අසරණ වෙන්න නොදී හැකි ඉක්මනින් ඉන්සියුලින් කුප්පි ගෙන්වා ගන්න අපි වෛද්‍ය සැපයුම් අංශයට දැනටමත් දැනුම් දීලා තියෙන්නේ“ යයිද වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ඉන්සියුලින් තොගයක් එයි

Nishan Thursday, 16 April 2020 11:18 PM

ඉන්සියුලින්වල විතරක් නෙවෙයි තවත් අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක හිගයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site