IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් පොකුරු 69 ට නගී

(ජේ.කේ.එල් චාමින්ද)

 

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 5 කින් අද (17) වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1400 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

මේ වනවිට නිදහස් වෙළඳ කලාපයේ කොරෝනා පොකුර ඇඟලුම් කම්හල් 5 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් අනිකුත් ඇඟලුම් කම්හල් වෙත ද මෙකී කොරෝනා පොකුර ව්‍යාප්ත විමේ දැඩි අවදානමක් ඇති බවද කීය.

එක් ඇගලුම් කම්හළක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.

මීට අමතරව තවත් ඇඟලුම් කම්හල් 3 කින් කොරෝනා ආසාදිත රෝගින් 6 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

දින 7 කාලයක් තුළ  මෙම අසාදිත රෝගීන් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.

ඉකුත් 10 වැනිදා එක් ඇගලුම් කම්හළක සේවකයකුට හා  සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මුලින්ම තහවුරු විය. මෙකී අවදානම් තත්වය පිළිබඳ තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.



අදහස් (0)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇගලුම් පොකුරු 69 ට නගී

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2308 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1202 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2820 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 976 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 765 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 963 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 79 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site