(රොමේෂ් මධුෂංඛ සහ එන්. පරමේෂ්වරම්)
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමගම එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
මේ වන විට දේවස්ථානය වටලා පුද්ගලයන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
යාපනයේදී උපත ලබා ඇති මෙම පූජකවරයා විසින් මෙහෙයවන ලද සුවකිරීමේ දේව මෙහෙයට 250 කට වැඩි පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.
මෙම පූජකවරයා සමීපව ඇසුරුකළ පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණ සහිත රෝග ලක්ෂණ හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. එහෙත් එම පුද්ගලයන් දෙදෙනාට නිශ්චිතවම වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරීක්ෂණ කරන බවත් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.
යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඇතම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.
මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.
එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු කරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි
Chaturi Saturday, 21 March 2020 12:24 PM
මෙම පූජක වරයාට කියල පාර්ලිමේන්තුවේ දේව මෙහෙයක් තියන්න. 225 අනිවාර්යෙන් ගෙන්වන්න. ගුවන් තොටේ තියෙන මැෂිමට රෝගය අසුවුනේ නැත්ද? අනිවාර්යෙන් අසු වෙන්න ඕන ලෙඩේ පිටදමල ඉවර නිසා. ඔය නඩේ වගේ තමයි ගෙනෙන උපකරණත්. රටට ජනතාවට කිසිම වැඩක් නැහැ.
Don Saturday, 21 March 2020 02:01 PM
බෝම්බ බැඳගෙන ආපු මනුසතා නොපෙනුණු දෙවියන්ට ඇසට නොපෙනෙන වයිරස් පෙනෙන්නේ කොහොමද?
Bamunuarachchi Sunday, 22 March 2020 02:16 AM
යාපනය "ලොක්ඩවුන්" කරන්න ඒ ගොල්ලෝ ඒක බේර ගත්තාවේ.
anura Monday, 23 March 2020 01:25 AM
අන්ධ විශ්වාසය හඹා යන්නන්ට මෙය හොඳ පාඩමක්. ආගමික ශාස්තෲන් වහන්සේලා අසනීප වූ විට ජීවක වැනි වෛද්‍ය වරුන්ගෙන් එකල ප්‍රතිකාර ගත්තා මිස ඓශ්චර්ය ක්‍රම උපයෝගී කර නිරෝගීවීමට උත්සාහ නොකළේ ඒවා බොරු වැඩ බව දැන සිටි නිසාය. පසු කළෙක අනුගාමිකයන් ලෙස පෙනීමට උත්සාහ කරන සමහරෙක් තම වාසියට ධර්මයන් විකෘති කර මහජනතාව මුලා කරනු ලබයි.