IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ආසාදිතයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝගය ආසාදනය වූ එක් අයෙකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත් අනෙක් පුද්ගලයා කේරළයේ  සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

මේ වන  විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 කි.

 

 

 

 

 



අදහස් (5)

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට

Anura Monday, 16 March 2020 03:31 PM

දැන්වත් අර රජයේ වෛද්‍ය සංගමයේ ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කරන්න , ඉතාලියේ සිට පැමිණි නිරෝධයනයට අසු නොවූ පුද්ගලයන් වැඩි පිරිසක් සිටින ප්‍රදේශ තාවකාලිකව වසා දමා පැමිණි රෝගීන් පරික්ෂා කරන්න.

:       0       18

Champa Monday, 16 March 2020 04:52 PM

ආණ්ඩුව තාම කාල් ගගා ඉන්නවා. ලංකාව දැන් ඉන්නේ කොරෝන අදියර 3 කියන තැන. අදියර 1 ඉඳන් අදියර 3ට වැටුන එකපාරට. අදියර 1 තනි පුද්ගලයන්ට කොරෝන වැළඳීම. අදියර 2 ඔවුන් ඉන්ටරැක්ට් කල පුද්ගලයන්ට වැළඳීම. අදියර 3 මහජනයාට වැළඳීම. අදියර 4 වසංගතයක් ලෙස පැතිරීම. කලිනුත් ලිව්වා මේක. රස්නේ තියෙනකම් පැතිරීම අඩුයි. නමුත් වැස්ස පටන් ගත්තහම වසංගතයක් ලෙස පැතිරීම නවත්තන්න අමාරුයි. ඒ නිසා සියලු ආයතන සහ ගුවන් තොටුපොල වහල වසංගත තත්වෙට යන එක වලක්වන්න ඕනේ. සමහර රටවල මේක පැතිරීම කොච්චරද කිව්වොත් රෝහල් වලට ගන්නේ නෑ. මුල් දවස් 7 ගෙදර ඉඳල අමාරු වුනොත් විතරක් රෝහලට එන්න කියනව. ධනවත් රටවලුත් එහෙම කරන්නේ එකපාර විශාල සංඛ්‍යාවකට වැළඳුනහම මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න ඒ රටවලට යටිතල පහසුකම් නැති නිසා. විශ්වාස නොකලත් ඇමරිකාවේත් තත්වේ එකයි. සේවකයන්ට පඩි ගෙවන්න පුළුවන් විදිහට ආණ්ඩුව බිස්නස් රිලිෆ් පැකේජ් එකක් ඉක්මනට හඳුන්වා දීල ආහාර භාණ්ඩ හල් සහ ෆාමසි හැර අනිත් සියල්ල ආපනශාලද ඇතුළුව වහාම වහලා දාන්න ඕනේ කල් මරන්නේ නැතුව.

:       1       3

ranjit Monday, 16 March 2020 11:45 PM

සති 3 කට සියලුම දෙන නිවෙස් වලම සිටින විදියේ වැඩ පිළිවෙලක් සකස් කර මෙම රෝගයෙන් බේරෙන්න බැරිද.?

:       83       11

Rohana Tuesday, 17 March 2020 06:20 AM

මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමට පෙර සියලු ස්ථාන වසාදමා ජනයා එක්රැස්වීම වැලක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි. වැලක්වීමට ගන්න සියලු ක්‍රියාමාර්ග වලට සහය දෙමු.

:       0       0

ravi Tuesday, 17 March 2020 07:22 AM

සති 3ක් මේ මනුස්සයින්ව සිය නිවෙස්වල රඳවලා.. මේ මනුස්සයින්ට කන්න බොන්න දෙන්නේ.. මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2407 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site