IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට

 (ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
අද(26)  සවස් කාලයේදී   ආසාදිතයින් දෙදෙනකු වාර්තා වූ අතර මේ මෙහොතේදී තවත් දෙනකු වාර්තා වීමත් සමඟ අද දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇත.

ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දසවස 4.45 වන තුරුද කිසිදු  ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අනාවරණය කළාය.

ආසාදිත පුද්ගලයින්  98 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවද අමාත්‍යංශය කියයි.



අදහස් (12)

කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට

ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 26 March 2020 02:55 PM

මේ වසංගතය පාලනය කරන්න අපේ රටේ වෛද්‍යවරුන්ට බැරි, ඔවුන් ඉගෙනගන්නා කාලයේ පිකට් උද්ඝෝෂණ කරමින් සිටියා විනා නිසි අධ්‍යාපනයක් ලබා නැති නිසයි. පිටරට රෝග පිලිබඳ ඔවුන් දැනුවත් නෑ. උසස් මට්ටමේ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දුන් සයිටම් ආයතනයේ අඩුව මේ අවස්ථාවේ කැපී පෙනෙනවා.

:       1311       129

Chandima SooriyapperumaThursday, 26 March 2020 06:01 PM

පොඩ්ඩක් හොයල බලන්න අනික් රටවල්වලට මේක පාලනය කරන්න පුලුවන්ද කියල....

:       1       281

shanikaThursday, 26 March 2020 07:49 PM

ඩිල්ෂාන් නම් ඉන්නේ මේ ලෝකේ නෙමෙයි අඟහරු ලෝකෙද කොහෙද .මොන රටේද මේක පාලනය කරලා තියෙන්නේ කියනවද ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ

:       0       4

විකුම් රංගන Thursday, 26 March 2020 08:01 PM

මාෆියා සංගමයේ ප්‍රධාන තනතුරු දරන දොස්තරලා හැර අනෙක් සියලුම වෛද්‍යවරුන් ඇති දක්ෂයින් ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒ සැබෑ වෛද්‍යවරු කරන කැප කිරීම නිසා තමයි මේ වනවිට කොරෝනා වෛරසය මෙලෙසින් වත් මර්ධනය කර ගැනීමට හැකිව තිබෙන්නේ. එහෙම නැතිව ටයි පටිය පැළඳ මාධ්‍යය ඉදිරියේ රඟන දොස්තරලා නිසා නොවෙයි. දිල්ෂාන් ඔබ මේ බව පැහැදිලිව වටහා ගන්න ඕනා. සියලුම වෛද්‍යවරුන්ව එකම තලයක තබා විනිශ්චය කිරීම කෙසේවත් සුදුසු නැහැ.

:       0       1

PrabFriday, 27 March 2020 02:22 AM

කැම්පස් තියා ඉස්කෝලේ වත් ගියේ නැති බව පේනවා.

:       0       2

Anura Thursday, 26 March 2020 04:41 PM

අයි මේ හතරදෙනාව ඊයේ හම්බුනේ නැත්තේ ?

:       257       93

කමල්Thursday, 26 March 2020 06:05 PM

ඇයි ඔය ප්‍රශ්නය ඊයේ ඇහුවේ නැත්තේ?

:       41       422

janahitha Friday, 27 March 2020 07:56 AM

හ්ම්ම් විවිධ ප්‍රශ්න සහ නියම උත්තර නමුත් මෙය බයානක උවදුරක් ලෝකයටම බලපාන කිසිවෙකුටත් ලෙඩ රෝග දුක් කම් කටොලු ප්‍රතික්ෂේප කල නොහැක බාරගැනීමට උපතින්ම බැඳී පවතී (බුදුදහමට අනුවත් එය එසේමය ) එකිනෙකාට මේ ගැන දොස් කීමෙන්ද සුව නොවේ.

:       0       2

AkilaFriday, 27 March 2020 01:14 AM

මොකද කාවවත් ටෙස්ට් කරන්නේ නැහැනේ , ලෙඩාම ඇවිල්ල කියනකන් හඳුනාගන්නේ නැහැ කාවවත්.

:       0       1

Mf Thursday, 26 March 2020 06:11 PM

දේශපාලනය නිසා දුප්පත් වුන අපේ රටේ මීටවඩා රෝගීන් ඉහළ යන්න එපා දෙවියනේ...

:       0       2

de silva Thursday, 26 March 2020 08:21 PM

දිල්ෂාන් මහත්මයාගේ අදහස වැරදි නැහැ , ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල ළමුන් මුලින්ම ගුණරත්නම් කල්ලිය විසින් මෙහයවන ලබන නවක වදය නමැති දෙතිස් වධයට ( ලිංගික වද හිංසා ,ඇතුළු දරුණු ගනයේ ශාරීරික සහ මානසික වධ හිංසා මෙයට ඇතුලත්ය ) භාජනය කරනු ලබේ , ඉන්පසු ඔවුන්ව උද්ගෝෂණ වලට කියා පාරවල් දිගේ හරක් මෙන් දක්වාගෙන යනු ලැබේ . මේ සදහා අධ්‍යයන කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශවෙන අතර , බොහෝ දෙනෙකු මානසික රෝගීන් බවට පත්වේ , එමනිසා රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන්ගෙන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග සංසන්ධනය කරනකොට උසස් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       1       12

Wijebahu Friday, 27 March 2020 01:18 AM

අපේ අය පොඩි විරාමයක් ලැබුණු සැනින් ප්‍රතිරුප පිම්බීම පටන් ගන්නවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 800 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 531 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site