IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කහතුඩුවේ කොණ්ඩා කපන ස්ථානයකට මුද්‍රා

(ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න)

කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන්  එම ස්ථානයට මුද්‍රා  තබා කොණ්ඩා කැපීමට පැමිණි 125දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද (29) පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය.


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන කහතුඩුව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරයක්  පවත්වාගෙන යන කොරෝනා ආසාදිත පුද්ගලයකු කොන්ඩය කැපීමට මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් එහි  කරණවෑමියාට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත්  කීය.

එම මාළු ව්‍යාපාරිකයාගේ  පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ඉකුත් 23 වෙනිදා පැවැති  අතර ඒ සඳහා  21  සහ 22 යන දිනවලදී එහි පැමිණ ඇතැයි පැවසේ.ඒ අනුව ඉකුත් 26 දා මාළු ව්‍යාපාරිකයා ආසාදනය වීමෙන් පසුව මෙම සැලූන්  ආයතනයේ හිමිකරු ද  27 දා   පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි වාර්තාවට අනුව ඔහුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

එසේම 28 හැවිරිදි ආසාදිත කරණවෑමියා පදිංචි හොරණ ප්‍රදේශයේ නිවස ඇතුළු ස්ථාන 4ක් නිරෝධායනයට ලක් කරන ලෙසට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.



අදහස් (0)

කහතුඩුවේ කොණ්ඩා කපන ස්ථානයකට මුද්‍රා

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2312 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1206 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2827 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 979 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 769 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 965 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site