IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි

(මලිෂා ගුණවර්ධන)

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 ට නැවත පනවන බව සදහන් කරයි.

පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය ඇති බැවින් අනවශ්‍ය කලබලයක් ඇති නොවන විමට මෙලෙස කාලය දීර්ඝ කර තිබේ.



අදහස් (7)

කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි

කල්පනා Tuesday, 24 March 2020 03:49 AM

ඇඳරි නීතිය පැනවීම හා ඉවත්කිරීමේදී අත්‍යාවශ්‍ය දේ මිලට ගැනීමට අවස්ථාව දී ඇතත් තම තමාගේ ඥාතීන්ගේ මියයාම් වැනි අවස්ථාවන්ට සහභාගීවීමට යාමට සිදුවන අවස්ථාද වේ. මෙම අවමංගල අවස්ථාවන් සමහර විටක එකම පළාතේ හෝ දිස්ත්‍රික්කයේ නොව වෙනත් පළාතක හෝ දිස්ත්‍රික්ක වලද තිබිය හැකිය. එවැනි මානුෂික අවස්ථාවන්හිදි පිලිපැදිය යුතු කාර්යය කුමක්ද කියා පැහැදිලි කරන්නේ නම් සුදුසුය.

:       380       54

lankaTuesday, 24 March 2020 04:27 AM

දුරකථන ඇමතුමක් දී හෝ ටෙලිග්‍රෑම් එකක් යවා තම ශෝකය ප්‍රකාශ කරන්න . නොගිහින්ම බැරි අවස්ථාවක් නම් පොලිසියට කෝල් එකක් දීල බලන්න

:       38       342

කල්පනාTuesday, 24 March 2020 07:05 AM

ලංකා තමුන් කැමතිද තමුන්ගේ සහෝදරියගේ සැමියාගේ මව මියගියාම දුරකථනයෙන් හෝ ටැලිග්‍රෑම් යවලා ශෝකය පලකරන්න තමුන්ට එහෙම පුළුවන් වුවන් සැමටම එහෙම බැහැ. පොලිසියට ගොස් ඇඳරිනීති බලපත්‍රයක් ගතයුතු බව මමත් දන්නවා. නමුත් පොලිසියේ බලපත්‍ර පොත් නැත්නම් මොනවද කරන්නේ...?

:       132       32

lankaTuesday, 24 March 2020 11:24 AM

ඉතින් කලින් කිවුව නම් හරිනේ පොලිසි ගිහින් අවසර ඉල්ලුව කියලා. අහල තිබුනේ මොනවද කරන්න ඕන කියලනේ . පොලිසියේ පොත් පත් ඉවරයි කියා ජනතා අවශ්‍යතා ඉටුනොකර සිටීම රාජකාරිය පැහැර හැරීමක් . ඒ නිසා ඔවුන්ට විරුද්දව, තම අයිතිවාසිකම් ඉටුකර දුන්නේ නැහැ කියා කොරෝනා අවදානම පහ උනාම නඩුවක් දමන්න. පොලිසිය පොත් පත් ඉවර නම් ජනතාවගේ අත්‍යාවශ්‍ය දේවල් වලට කොලයක ලියල සීල් එක ගහල හරි අවසර පතක් දියයුතුයි .

:       0       0

BamunuarachchiTuesday, 24 March 2020 08:50 AM

මිනිස්සු කන්න බොන්න නැතුව, ව්‍යාපාරයක්, කුලියක් කරගන්න බැරුව ල⁣තවෙන වෙලාවක මෙයා තමුන්ගේ සහෝදරියගේ සැමියගේ අම්මගේ මළගමට යාගන්න බැරුව ලතවෙනවා. ඔහේ නොගියා කියලා ඒ මනුස්සයා වළදමන්න බැරිද? මෙහෙමත් මිනිස්සු. මේ වෙලාවේ අපි අකමැති බොහෝ දේ කරන්න වෙලා තියෙනවා. ඒ අපේම ආරක්ෂාවට. ඒක තේරුම්ගන්න බැරි මෝඩයොත් ඉන්නවා.

:       0       78

jonana Tuesday, 24 March 2020 07:11 AM

දවසක් වත් දෙන්න කියන්න මිනිස්සුන්ව රස්තියාදු කරන්නේ නැතුව!!

:       83       14

lalithm Wednesday, 25 March 2020 07:16 AM

මරණ ගෙයකට සහභාගි වුනත් දුර සිට යාම කොහොමත් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. ඔබ ගියත් ඒ පුද්ගලයට පන දෙන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2407 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site