(තිලකරත්න දිසානාය)
කොවිඩ් දෙවන රැල්ලේ අද (16)උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45,385 දෙනෙකු වාර්තා වී ඇති අතර ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 687 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර මහර කොට්ඨාසයෙන් ආසාදිතයින්- 81 දෙනෙකුද, දොම්පෙ - 78 ක්, රාගම - 63 ක්, කටාන - 50 ක්, කැලණිය - 46 ක්, සීදූව - 43 ක්, මීගමුව - 41 ක්, වත්තල සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් 39 දෙනෙකු බැගින් ද , මීරිගම - 30 ක්, දිවුලපිටිය සහ ජාඇල - 27 ක්, අත්තනගල්ල - 25 ක්, මිනුවන්ගොඩ - 8 දෙනෙකු වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව හමුව ඇත.
අද උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ආසාදිතයින් 354 දෙනෙකු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,223 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම කාලය තුල නිදහස් ආයෝජනය කලාප කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 24 දෙනෙකු හමුව ඇති අතර එය කටුනායකින් 13 දෙනෙකු සහ බියගමින් 11 දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3,35,752 දෙනෙකු අද උදෑසන වනවිට පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට තිබිණි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 687 ක්