බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඔහුගේ කාර්යාලය අද (25) නිවේදනය කළේය.
71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු කෝවිඩ්-19 වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එසේ වුවත් ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ‘ක්ලැරන්ස් නිවස’ රාජකීය නිවෙස්නය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වේල්සයේ කුමරු ලෙස හැඳින්වෙන චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ කැමිලා ස්කොට්ලන්තයේ බැල්මරොල් හි ස්වයං-නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇති බවත් ‘ක්ලැරන්ස් නිවස’ රාජකීය නිවෙස්නය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
‘‘චාල්ස් කුමරු වයිරසයේ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එසේ වුවත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. එමෙන්ම ඔහු පසුගිය දින කිහිපයේදී සාමාන්‍ය පරිදි වැඩ කළා’’ යැයි ද එම නිවේදනයේ සඳහන් විය.
‘‘කෝන්වොල් ආදිපාදවරියටද (කැමිලා) වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කළ. එහෙත් ඇයට වයිරසය ආසාදනය වී නැහැ. රජයේ සහ වෛද්‍ය උපදෙස් මත කුමරුත් ආදිපාදවරියත් ස්කොට්ලන්තයේ ඔවුන්ගේ නිවසේ සිට ස්වයං-නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කරනවා’’ යැයි ද එම රාජකීය නිවෙස්නය සඳහන් කළේය.
රාජකීය යුවළට වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර ඇත්තේ ජාතික සෞඛ්‍ය සේවයයි.
‘‘කුමරුට වයිරසය ආසාදනය වූයේ කාගෙන්දැයි තවමත් නිශ්චිතව කියන්න බැහැ. එසේ කීමේ හැකියාවක් නැහැ. කුමරු පසුගිය සති කිහිපයේදී මහජනතාව හා සම්බන්ධ වුණා. උත්සව හා ඉසවු රැසකට සම්බන්ධ වුණා’’ යැයි එම සේවය කීය.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින (93) සහ ඇයගේ බිරිඳ පිලිප් කුමරු (98) මේ වනවිට ලන්ඩනයෙන් පිටත වින්ඩ්සර් මාළිගයට වී කාලය ගත කරති.
එළිසබෙත් රැජින සහ චාල්ස් කුමරු අවසන් වරට මුණගැසී ඇත්තේ මාර්තු 12 වැනිදා බවත් රැජින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
බලධාරීන්ගේ උපදෙස් මත රැජිනගේ සෞඛ්‍යට අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ පස්වරු වනවිට බ්‍රිතාන්‍යයෙන් මරණ 423ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 8,167කි.
ඒ.එෆ්.පී.
(055 / 085)
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චාල්ස් කුමරුටත් කොරෝනා
චාර්ලි Wednesday, 25 March 2020 11:08 AM
එයාට ඇති කොරෝනා වක් නැහැ.
රවින් Wednesday, 25 March 2020 11:14 AM
හප්පා , හරිම කචල් එකක් වෙන්නයි යන්නේ. අර හදවතින්ම ලස්සන ඩයනාව අයින් කරලා ගත්තු එක්කෙනාට මොකද වෙන්න යන්නේ?
පිටිගල මිලානෝ Wednesday, 25 March 2020 11:21 AM
මරණ රාශියක් අතරේ වැඩ කරන ඉතාලි දොස්තර කෙනෙක් මාධ්‍යට කීවේ කවුරු හෝ මේ රෝගයේ බරපතලකම හරියට දන්නවනම් ගෙදර ජනේලයෙන්වත් ඔලුව එලියට දමන්නේ නැති බවයි. මෙය එතරම්ම භයානකයි.
පුජා Wednesday, 25 March 2020 02:16 PM
කොරෝනාවට , දුගී පැලත් , රජ මාලිගාවත් අදාල නැත. සැමටම එකම ආකාරයට බෙදා හදාගෙන යයි. ශක්තිවන්තයෝ මේ වයිරස් නමැති රකුසාගෙන් බේරෙති. දුබලයෝ බිලිවෙති. කුමරුනි , ඔබට ඉක්මන් සුවය පතමි.!