IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක්

(***සුජිත් හේවාජුලිගේ)

කොරෝනා වයිරසය නාවික භටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ (20) පැවැසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටිය යුතු අවම පිරිස පමණක් තබාගෙන අනෙකුත් භටයන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යවා මුළු කඳවුරම පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි කී නාවික හමුදාපතිවරයා කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව මෙම අලුත්ම උපක්‍රමය අනුගමනය කරන බවද ප්‍රකාශ කළේය.

නාවික කඳවුරේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ද අභ්‍යන්තර විමර්ශනයක් කරනු ලබන බවත් කෙනකුට වරද පැටවීමට වඩා මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ කොරෝනා පැතිරීම පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වයිරසය නාවික භටයන්ගෙන් සමාජයට පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ඇතැයිද නාවික භටයන් අතරේ වයිරසය පැතිර යෑමද සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ඇතැයිද නාවික හමුදාපතිවරයා පැවැසීය.



අදහස් (11)

නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක්

nishantha jayaweera Thursday, 21 May 2020 08:13 AM

කුඩු විකුණන් හාල් මැස්සෝ දානවා. තෝරු මෝරු නිදැල්ලේ.

:       0       253

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 08:44 AM

'භටයින්ට කොරෝනා හැදුණු හැටි තවමත් අභිරහසක් '... අප නෙමෙයි කියන්නේ නාවික හමුදාපතිතුමා. මට නම් හිතෙන්නේ මෙය පරිපාලනයේ කුමන හෝ තැනක දුර්වලතාවක් කියලයි. කව්රුවත් වරදවා සිතන්නට එපා. ඔවුන්ගේ අති විශිෂ්ට සේවය මෙහිදී අඩු තක්සේරුවක් එහෙම කරලා නැහැ.

:       5       321

saman Thursday, 21 May 2020 10:19 AM

මටනම් මෙතන කොස්සක් තියෙන බව මුලින්ම හිතුණා... ඒත් ඉතින් අභිරහස විසඳන අතරතුරේ ඉතිරි සෙබළුන්ට ආසාධනය වළක්වන්න වේගවත් පියවරක් ගත්බව පෙනුණෙත් නැහැ..

:       0       12

අතුල Thursday, 21 May 2020 11:00 AM

ත්‍රිවිධ හමුදාවලින් රටට කරන සේවයට අපි අනිවාර්යයෙන්ම ණයගැතියි. ඒත් නාවික හමුදාපතිතුමනි, ඔබ කවුරුන් බේරා ගැනීම සඳහාද 'භටයින්ට කොරෝනා හැදුණු හැටි තවමත් අභිරහසක්' කියලා කියන්නේ. විදේශීය සහ ලංකාවේ විශේෂයෙන් පුහුණු කරණ ලද බුද්ධි අංශ එහෙමත් තියෙනවනේ. අර ඉරිදා පොලේ එළවළු විකුණන අහිංසක මනුස්සයෙක් කිව්වා නම් ඕක "අභිරහසක් කියලා" ඒකට කමක් නැහැ. මේක අපි දකින්නේ අඩුපාඩුවක් විදියට නොවෙයි. 100% ක්ම නොසැලකිල්ලක් නිසා සිදුවූවක් බවයි. වසංගතය තරමක් දුරට පාලනය වෙමින් තිබුණු අවධියක, මේතරම් ව්‍යවසනයක් සිදුවීමට හේතු වූ සියලුම දෙනා අනිවාර්යයෙන්ම වගකියන්න ඕනේ... රටේ ඇඳිරිනීති කාලය සති කිහිපයක්ම දීර්ඝ කරන්න සිදුවුණා. රටේ ආර්ථිකය කඩා වැටෙන්න, එදිනෙදා වේල පිරිමහගන්නා මිනිස්සු කීදාහක් බඩගින්නේ තියන්න දායක වුනාද?

:       23       128

Siri Thursday, 21 May 2020 11:44 AM

ලංකාවේ කෝවිඩ් රෝගීන් අතරින් 50%ක්ම නාවික භටයන් වීම ගැන නාවික හමුදාව ලැජ්ජා වෙන්න ඕනේ. සංවිධානාත්මක, කාර්යක්ෂම හමුදාවකින් මෙතරම් විශාල අත් වැරැද්දක් සිදුවුනේ කොහොමද කියන එක හරිම ප්‍රහේලිකාවක්. එම අත්වැරැද්දේ සමාජ, ආර්ථිකමය පාඩුව වින්දේ මුළු රටේම ජනතාවයි. වෙනත් රටක මෙවැනි විශාල වැරද්දක් සිදුවුණා නම් එයට වග කිවයුත්තන් ඉල්ලා අස්වෙනවා. එහෙම නැත්නම් දඬුවමකට යටත් කරනවා. ලංකාවේ එය අභිරහසක් විතරයි.

:       8       126

samFriday, 22 May 2020 05:43 AM

සිරි, ලෝකයේ සියලුම රටවල් මේ ව්‍යවසනය මඩින්න ප්‍රමුඛ කර ගත්තේ සෞඛ්‍ය සේවාවයි. පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා වෙනත් ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගය මේ සඳහා ලබා ගත්තා වුණත්, ඔවුන් මෙහෙයවීම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන් යටතේ සිදුවුණා. ලංකාවේ සිදුවුණේ ඒකේ අනිත් පැත්ත... රාජ්‍ය ආයතනවල පරිපාලන රෙගුලාසි දැක්වෙන ආයතන සංග්‍රහයේ "අනුචිත කර්තව්‍යයේ යෙදවීම " ලෙස හඳුන්වන්නේ මේවාගේ දේවලුයි. අපි මේ උවදුර මැඩලීමේ කාර්යය සාර්ථකවම සිදුකල රටක් හැටියට වාර්තා වෙනවා වගේම, මේ උවදුර මර්ධනය කිරීමට යෙදූ නිලදරුවන් මගින් එය වර්ධනය කල එකම රට හැටියටත් වාර්තා වෙනවා. ඒ වගේම මේ උවදුර මර්ධනය කිරීමේ ගෞරවය ලබා ගන්නා තැනැත්තාම මේක වර්ධනය කිරීමේ වගකීමත් ලබා ගත යුතුයි.

:       1       28

චන්දනSunday, 24 May 2020 07:43 PM

ඇමරිකාවේ විශාල යුද නැවක හමුදාවටත් කොවිඩ් හැදුනා. මේ කයිවාරු විවේචන ඒ රටවල නම් දැක්කෙ නැහැ. සෞඛ්‍ය අංශයට සෞඛ්‍ය ගැන දැනුම තිබුනට අපේ රටේ ජන හැසිරීම ගැන අවබෝධයක් නැහැ. මතකද මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නැති බවට සෞඛ්‍ය බලධාරිනියකුත් එක හෙලාම කියා සිටියා. ඒත් පොලිසිය ජනතාවට තේරෙන භාෂාවෙන්ම කිව්වා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බව. අන්තිමට පොලිසියේ ක්‍රමය නිවැරදි බව සෞඛ්‍ය බලධාරීනුත් තේරුම් ගත්තා. අපේ රටට ගැළපෙන ක්‍රමය නිසි පරිදි නිසි වෙලාවට සිදු කළා. ත්‍රස්තවාදයට එරෙහි සටනට වගේම මේ සටනටත් දේශපාලන නායකත්වය නියමෙටම ලැබුනා. ඒකට හමුදා සහයෝගයත් නිවැරදිවම ලැබුනා. කලගුණ නොදත් සුළුතරයක් හමුදාවටත් දේශපාලන නායකත්වයටත් චෝදනා කරයි. එහෙත් ඔවුන් හරි ලොවට හරි දේ කළා. අනෙක් කාරණය තමයි අනෙක් රටවල් රෝගය හඳුනාගන්නේ වියදම වැඩි සායනිකව රෝගය නිශ්චය කිරීමෙනුයි. එහි පරතෙරක් නැහැ. අපි වගේ රටකට ඒ වියදම දරන්න අපහසුයි. ඒත් අපේ රටේ හමුදාව රෝගියා ඇසුරු කළ සෑම අයෙකුම පිළිබඳව මැනවින් විශ්ලේෂණය කරලා ඔවුන්ව සමාජයෙන් තාවකාලිකව ඉවත්කිරීමට පියවර ගත්තා. සංකීර්ණයි වියදම අඩුයි. අපේ රටට ගැලපෙනම ක්‍රමය ඒකයි. අනන්‍යයි. කොපියක් නෙවෙයි.

:       0       54

Kalutara Maha Karu Thursday, 21 May 2020 12:10 PM

දැන් ඕක අභිරහසක් නෙවෙයි..

:       0       6

Dr. Sirilal Friday, 22 May 2020 06:40 AM

නේවාසිකාගාර සියල්ලම මකුණන් ඇතුළුව සියල්ල පිරිසිදු කළ යුතුයි...

:       0       5

d.upul Friday, 22 May 2020 07:20 AM

මහමුහුදේ මහා පරිමාණ කුඩු වැටලීම් කලේ මේ හමුදාව නේද? ඒවා අඩපණ කිරීමේ මෙහෙයුමක්ද?

:       0       103

චමින්දSaturday, 23 May 2020 12:26 AM

මේ අදහස මටත් ඇතිවුනා. කුඩු ප්‍රවාහන නැව් සහ බෝට්ටුවලින් කුඩු පැකට් වලින් මෙම විෂබීජය ව්‍යාප්ත වුනාදැයි පරීක්ෂාකර බලනු මැනවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2921 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 549 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site