IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා



(නිමන්ති රණසිංහ)

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ  76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද,  මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර  ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277  දෙනා අතුරින් 925 දෙනකු  සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර  නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (14)

ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 December 2020 03:26 AM

මහජන ඡන්දෙන් පත්වෙලා එන නියෝජිතයන් හමුවීමට එන මිනිස්සුන්ට පාට් දාන වැඩේට නම්, මොවුන් අති දක්ෂයින් බව නිතර පෙනෙනා කරුණක්. ඩිෆෙන්ඩරයට නැග්ගම කිසිම මාර්ග නීතියක් සතපහකට ගණන් ගන්නේ නැහැ. ආරක්ෂක කපොළු වල ඉන්නා නිලධාරීන් මොවුන්ව දුටුවිට හිසනමා පැත්තකට වෙනවා. ඒක තමයි රටේ පේන්න තියෙන සාමාන්‍ය තත්ත්වය. ඉස්සෙල්ලම මොවුන්ට බිම යාමට පුරුදුකල යුතුයි. මේ රටේ දේශපාලකයින් අමාරුවෙන් හදාගන්නා ඡන්ද පදනම බිඳ දමනා ඒක මොවුන් කරන්නේ කිසිඳු අමතර ප්‍රතිලාභයක් නොමැතිවයි.

:       0       0

vikum Saturday, 05 December 2020 05:26 AM

තවම සමාජ ගතවී නැද්ද?, සර් ඔයා ඇත්තටම ෆේල්, දුන්නු ඡන්දය ගැන දුකයි...

:       0       0

සිරිබිරිස් Saturday, 05 December 2020 06:26 AM

ළඟදී අහන්න ලබුණු හොඳ ආරංචියක්.... හැදිච්ච අය ඉක්මණට හොඳ වෙන්න ඕනෑ.. හැබැයි ඔය කියන ප්‍රභූ අයට බෝ කරලා...

:       0       0

De Saturday, 05 December 2020 07:35 AM

ප්‍රභූන්ට හැදිලා නැද්ද? අනේ කොරෝනා එයාලාව තනිකරන්න එපා...

:       0       0

Rata Perata Saturday, 05 December 2020 08:31 AM

කරුමෙට මහ ප්‍රභූ ඇතුලු හොර නඩයට හැදෙන්නේ නැහැනේ... අහිංසක මිනිස්සුන්ටයි ඒකත්...

:       0       13

siri Saturday, 05 December 2020 09:44 AM

"ප්‍රභූන්" කියන ජාතියට මොනවටද මහජනතාවට හීනෙන්වත් ලැබෙයි කියල හිතන්න බැරි මේ හැටි ආරක්ෂාවක්?

:       2       31

Prabha Saturday, 05 December 2020 10:00 AM

පුලුවන් නම් ඔය එක්කෙනෙක් අර අපේ රටට එන්නත තාම ඔනේ නැහැ කියලා කියපු කෙනාට කොරෝනා ටිකක් දෙන්න. එයා ඒක බීලා හොදකර ගනියි.

:       0       12

Chandima Saturday, 05 December 2020 12:41 PM

ප්‍රභූන්ට හැදුණොත් සිංගප්පූරුවේ යයි බෙහෙත් ගන්න. ඒත් පව් මේ ආරක්ෂකයින්... මේ අයට ඉතින් සාදික්කා කසාය තමයි බොන්න වෙන්නේ.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 05 December 2020 04:25 PM

ප්‍රභූ අයගේ ආරක්ෂකයන්ට කොවිඩ් වැළඳී තිබේනම්, ඒ අය ආරක්ෂා කළ ප්‍රභූන්ට කොරෝනා නැත්තේ කොහොමදැයි කියන්න කිසිම හේතුවක් නැහැ..!! ලොක්කෝ ඔය වසංගතය පොඩ්ඩන්ටත් නොමිලේම බෙදා දෙනු ඇත.

:       0       0

arakshaka prabu Saturday, 05 December 2020 06:19 PM

මහජන ඡන්දයෙන් පත්වී ප්‍රභූන් වෙන්න බැහැ... ඔවුන්ට ආවතේව කරමින් කුඩ අල්ලමින් දොරවල් අරිමින්, වහමින් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද, දරුවන්ටද ආවතේව කරමින් දෑත්, දෙපා හන්දිපත් රුදාව හැදෙනකම් පෙරගමන් යමින් මේ නිලධාරීන් ඔවුන් ප්‍රභූන් කරනවා. මේ වුවදුර තුළින් ඔවුන්ට කේවට්ටයන් එපාවෙලා කුඩය තමන්ම අල්ලා ගනිමින් අපේ ගණයට වැටෙනවා.

:       0       0

appuva Saturday, 05 December 2020 06:20 PM

මුට්ටි අල්ලන්න ගිහින් වෙච්චි හදියක් අම්මපා...

:       0       0

Bamunuarachchi Sunday, 06 December 2020 02:33 PM

කව්ද ඔය ප්‍රබු කියන්නේ? එංගලන්තේ ලෝඩ් වරුන්ට සාමි වරුන්ට නෑකම් කියන අයද නැතිනම් ඒ කාලේ බයිසිකලයක් වත් නැතිව සිටි ගමේ අයද?

:       0       5

කපුරුහාමි Sunday, 06 December 2020 11:05 PM

අපේ රටේ කොහෙද ප්‍රබූවරු ඉන්නේ? වැඩි හරියක් හොර දූශිත දේශපාලුවන් මිසක්?

:       0       5

sharm warn Monday, 07 December 2020 03:02 AM

අපි මෙ ආසාවෙන් බලන් ඉන්නේ ප්‍රභූ පොකුර බිහිවෙන කල්...දැනටත් එක්කෙනෙක් නුවරට වෙලා හෙළිකොප්ටරෙන් එන කෑම කකා ඉන්නවනේ. ඔහොම යමුකෝ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2408 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 584 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site