(ඩයනා උදයංගනී)
අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සියලු පොදු ප්‍රවාහන සේවා හෙට (8) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්රිය සහ බස්රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති අතර ගමන් ගන්නා සියලු දෙනා මුව ආවරණ පැළඳ ගමන් කළ යුතු බව ද අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට (8) දිනයේදී පැවැත්වීමට නියමිත බව කී අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව මතුවන ගැටලු මගහරවමින් ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමති අමරවීර මහතා සඳහන් කළේය.
එම තාවකාලිකව ලියාපදිංචි කරන බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස තමන් ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 04:12 PM
ඇත්තටම, පොල්පටවන්නා සේ පටවාගෙන, කිටිකිටියේ මිරිකි මිරිකී, වවුලන් සේ එල්ලාගෙන මිනිසුන් ගෙනගිය හැටි මතක්වෙන විට කොරෝනා බස්කාරයින්ව මෙල්ල කළ හැටි මහා පුදුමයක්. බස්ගැමුණු ඇතුළු ප්‍රයිවට් බස්කාරයින්ටත්, සීටීබී එකටත් ලැබී තිබුණේ මගීන් හා ආණ්ඩු පාලනය කිරීමේ ප්‍රබල ආයුධයක්... එය කොරෝනා උදුරා ගත්තා. දැන් රජයන් දණගස්වන්න බස් කාරයින්ට බැහැ. ඉදිරියේදී ඉඩදිය යුතුත් නැහැ. බස්වල ඒකාධිකාරය බිඳ ත්‍රීරෝද රථ මෙන් කැමැති ඕනෑම කෙනෙකුට නීතිවලට එකඟව මඟී ප්‍රවාහනයට ඉඩ ලබාදිය යුතුය. බස් මාෆියාව නැතිකොට මගීන්ට හිතැති බස් සේවයක් ඇතිකිරීම අගනා සම්පතක් වන්නේය.
chaminda Sunday, 07 June 2020 04:59 PM
ලංගම බස්...
අබිලින් Monday, 08 June 2020 12:58 AM
මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල්වීම තහනම්ව තිබුනා. අද සිට පුද්ගලික වාහන වලිනුත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලට ඇතුල්වෙන්න පුළුවන්ද පැහැදිලි කරන්න.