IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මැතිවරණයකට යාමට අකමැතිවීමේ කැමැත්ත

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා නිසා නොවන්නට, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදාට ගැසට් කිරීමට ඉඩ තිබිණ.

පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වෙන බවට සඳහන් වූ මෙම ගැසට් කෙටුම්පත, අනුමැතිය සදහා පසුගිය සදුදා මැතිවරණ කොමිසම් කාර්යාලයේදී හූල් අතට භාරදෙනු ලැබිණ. ඔහු අතට මෙම ගැසට් කෙටුම්පත පත්කෙරුණේ කොමිසමේ අනෙක් සාමාජිකයා වන නලීන් අබේසේකර මහතා ඒ වන විටත් එයට අනුමැතිය ලබා දී තිබූ අවස්ථාවකය. එය කියැවූ හූල් මහතා..

“මෙතන තිබෙන්නේ අප එකගවූ දිනය නොවේ” යැයි පැවසුවේය.

ගැසට් කෙටුම්පතට තමා අනුමැතිය ලබාදෙන බවට අත්සන යෙදා තිබෙන්නේ වැරදීමකින් බව අබේසේකර මහතාද වටහාගත්තේ එවිටය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ගිය දෙදෙන, ගැසට් කෙටුම්පතේ සදහන් දිනය වැරදි බව පෙන්වාදුන්හ.

කෝවිඞ්-19 ආසාදිතයන් ප්‍රමාණයේ ඉහළ යාමක් දක්නට තිබෙන හෙයින් එදින, එනම් මැයි මස 28 වැනි දින, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම උගහටය. උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ආසාදිතයන් හුදකලා කිරීම, ඔවුන් හා ගැවසී තිබෙන පුද්ගලයින් හදුනාගැනීම සහ ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම යනාදිය සක්‍රීයව කෙරෙමින් පවතී. ගැසට් කෙටුම්පතේ වැරදි දිනයක් සටහන්ව තිබීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙන සාකච්ඡා කළ අතර පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වෙන බවට සඳහන් වූ නව ගැසට් කෙටුම්පතක් සදුදා සන්ධ්‍යාවේ නිකුත් කෙරිණ.

නියමිත දිනයේ, එනම් ජූනි 20 වැනි දින, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වුවද රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම මත සම්පූර්ණයෙන්ම රදා පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම, පවත්නා තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු නොවන්නේ නම් මැතිවරණ කොමිසමට ඒ සදහා වෙනත් දිනයක් නියම කිරීමට සිදුවනු ඇති බව සභාපති දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ පසුගිය සදුදා පැවැති රැස්වීමේ දී, හූල් සහ ඔහුගේ සගයා වන නලින් අබේසේකර දෙදෙනාම මැතිවරණය මැයි මස පැවැත්වීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළකළහ. මෙම රැස්වීමට ප්‍රථම හූල් මහතා, දේශප්‍රිය මහතා වෙත ලිපියක්ද යොමුකර තිබිණ. දේශප්‍රිය මහතාගේ කෝපයට හේතුවෙමින් එම ලිපිය මාධ්‍ය වෙතද නිකුත් කර තිබූ අතර මින් පෙර අවස්ථාවක ඔහු ජනපති ලේකම්වරයා වෙත යැවූ ලිපි දෙකක් මේ ආකාරයෙන්ම මාධ්‍ය නිකුත් කැරුණු බවද සිහිපත් කළ යුතුය.

රැස්වීමට පෙරාතුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත සිය අත්සනින් යුත් ලිපියක් යොමුකරමින් හූල් මහතා මෙසේ පැවසුවේ ය.

“මැතිවරණ කොමිසම තීරණයක් ගනු ඇතිය යැයි කියමින්ම, මැතිවරණය මැයි මස 28 වැනිදා පැවැත්වෙන බවට අපට සිතාගන්නට සළස්වන්නට ඇතැම් පාර්ශවවලට වුවමනාවී තිබේ. මැයි මස 28 වැනිදා මැතිවරණය පැවැත්වෙන තැනට එකග කරවාගැනීම සදහා මැතිවරණ කොමිසමේ අත අඹරවන්නට ඉහළ පෙලේ උපදේශකයින් කිහිපදෙනෙක්ම ඉතාම සැළකිලිමත්ව තෝරාගෙනත් ඇත. නමුත් උපදේශකයන් තෝරාගැනීම වැනි ඉතාම වැදගත් තීරණයක් ගැනීම සහ එකඟවීම සදහා සපුරාලිය යුතු ව්‍යවස්ථාමය නියමයක් පවතින බව, එනම් අප තිදෙනගේම ඝණ පූර්ණය පැවතිය යුතුය යන්න සදහන් කරමින්ම, මගේ සහභාගීත්වය ඇතිව මෙම උපදේශකයින් තෝරාගැනීම සහ ඔවුන්ගේ උපදේශනය ලබාගැනෙන්නේ කවර කාරණා ද, යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කිසිදු රැස්වීමක් නොපැවැත්වුණු බවද සදහන් කළ යුතුය.”

මැතිවරණය සදහා දින නියම කිරීමෙන් වළකින්නැයි දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. වසංගත තත්ත්වයක් මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණයක ස්වරූපයෙන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඔව්හු පැවසූහ.

පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධාය මේ අරබයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් විය.

ආරක්ෂිත යැයි දේශීය මෙන්ම ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් පවසන තෙක්, වර්තමානයේ පවතින තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීම ඉතාම අනතුරුදායක සහ වගකීම් විරහිත කටයුත්තකි. මෙම කාරණය සම්බන්ධයෙන් පෙනී සිටින පාර්ශවයන් සහ පිරිස් එය අධිකරණය හමුවට රැගෙන යනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවසුවේ ය.

එහෙයින්ම, මැතිවරණය සදහා දින නියම කැරුණු නිවේදනයක් නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙයට පෙර ප්‍රකාශ නිකුත් කර තිබූ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සමගද දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ ඔස්සේ සම මතයකට පැමිණුනේය. මනෝ ගනේෂන් මහතාගේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සහ රිෂාඞ් බදුර්දීන් මහතාගේ සිලෝන ජනතා කොංග්‍රසයේ මතයන්ද මේ හා සමාන විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරෙන්නට රටේ අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවල පාහේ නියෝජිතයන් සිටිනේ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්නොකළ යුතුය යන මතයේය.

මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීම සදහා පොදු අවබෝධයක් ඇතිකරගනු වස් ඔව්හු මේ වන විට එකිනෙකාගෙන් අදහස් විමසමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් මහතා මේ අරබයා පෙරමුණ ගෙන සිටින අතර, සියලුදෙනාගේ එකඟතාවය යටතේ සියලු පාර්ශ්වයන් එක්ව කරන ඉල්ලීමක කෙටුම්පතක් ඔහු සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වෙත යොමුකර ඇත. එහි පිටපතක් ජනතා විමුක්ති පෙරමුණ වෙතද ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින එයින් අතිරේක අරමුදල් සපයාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදෙන බවද සහතික කරයි. මෙම ඉල්ලීම පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමේ මාර්ගයට යොමුවන්නට පෙර කරන පරීක්ෂණයක් ලෙස එක් ආරංචි මාර්ගයක් හැදින්වූයේය. තමන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කැරුණු බව මෙහිදී ඔවුන්ට කිව හැකිය. විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙසේ කටයුතු කරමින් සිටියේ පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව තර කිරීමට යුද හමුදා සාමාජිකයන් යෙදවුණු අතරවාරයේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය 26 වැනිදා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට මෙසේ පැවසුවේ ය.

“ජූනි මස 20 වැනිදා මැතිවරණය පවත්වනවාට අපි විරුද්ධයි. අපට සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට බැහැ. මේක මැතිවරණ පැවැත්විය යුතු වේලාවක් නොව ජනතාවගේ සුභසාධනය ගැන සොයා බැලිය යුතු වේලාවක්” යයි ඔහු කීවේය.

උද්ගතව තිබෙන තත්ත්වය අරබයා ව්‍යවස්ථාමය ගැටලු කිහිපයක්ම පැන නැගී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් නෛතික උපදේශනයන් ලබාගැනීමට සන්ධානය කටයුතු කරමින් සිටින බව ඔහු කීවේ ය. සමගි ජනබලවේගයේ දේශපාලන පක්ෂවල නායකයින්ට රැස්වීමක් පැවැත්වීම සදහා අවස්ථාවක් නුදුන්නේයැයි මද්දුමබණ්ඩාර පොලිස්පතිවරයාටද චෝදනා කළේ ය. ඔහු එසේ කළේ දැනට ක්‍රියාත්මක කර තිබෙන මේ ඇදිරි නීතිය ඇත්තටම නීත්‍යානුකූළ නොවන සහ හදිසි නීතිය පනවා නොමැති තත්ත්වයක පවතින්නක් බවද වැඩිදුරටත් අවධාරණය කරමිනි.

පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් නොකරන්නේ නම් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තර්ක කළේය. ඔවුන් පත්ව තිබෙන්නේද විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව හරහාය.

“පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවක් අපි කියන්නේ නැහැ. එය ජනපතිවරයා තීරණය කළ යුතු දෙයක්. ඔහුට එය කරන්නට බැරි නම් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය නොමැතිවයි ඔහු කටයුතු කළ යුතුව තිබෙන්නේ. කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙන වාතාවරණයක කඩිනම් මැතිවරණයක් පවත්වනවාට අපි විරුද්ධයි” යයි අනුර කුමාර දිසානායක කීවේය.

ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පසුගියදා පැවැති අතර, එහිදී ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදුවනු ඇතියැයි බොහෝ දෙනෙක් මත පළකළහ. පසුගිය බ්‍රහස්පතින්දා එම රැස්වීම පැවැත්වුණේ කතානායක නිල නිවසේදීය. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි අදහස් දැක්වීමක් සිදුනොවිණ.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පමණක් හඬ අවදි කරමින්, පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහුට නියෝග කළහොත්, තමාට කිරීමට සිදුවන දේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය. ඔහු එසේ කළේ ඇතැම් පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සැළකිල්ලට ගෙනය. නමුත් එම සාකච්ඡාව කරූ ජයසූරිය මහතාගේ අදහස් දැක්වීමට පමණක් සීමා විය. තවත් අවස්ථාවක ඔහු තවමත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාදැයි විමසා සිටි විට එසේ නොවන බවට ජයසූරිය මහතා පිළිතුරු දුන්නේය.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වන සුමන්තිරන් මහතා වෙනත් තැනක පවසා තිබුණේ නව කතානායවරයකු පත්වන තෙක් එම ධූරයේ කටයුතු කිරීමට ජයසූරියට හැකියාව තිබෙන බවය.

මාරාන්තික කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. අගමැතිවරයා ඔහුට පිළිතුරු දෙමින් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමේ පවතින බව පැවසුවේ ය.

කොළඹ, පුත්තලම සහ කලුතර යන දිස්ත්‍රික්කයන් ඉතාම සමීපව අධ්‍යනය කෙරෙමින් පවතින බව සදහන් කළ අගමැති රාජපක්ෂ මහතා, නිරෝධායනය සදහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ එම වෙළෙන්දාට කොරෝනා වැළදී නොමැති බව තහවුරුව ඇතැයිද පෙන්වා දුන්නේය. ආසාදිතයෙක් යැයි සැක කැරුණු පෑලියගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙක් ගැනද ඇතිකරගෙන තිබී ඇත්තේ අනවශ්‍ය බියක්යැයිද තහවුරුව ඇත. කොරෝනා ආසාදිතයන් ගණනාවක් හමුවූ බණ්ඩාරනායක මාවත ප්‍රදේශය සම්බන්ධයෙන්ද අගමැති රාජපක්ෂ මහතා රත්නායකට කරුණු පැහැදිලි කළේය.

පොලිස් සේවයේ ස්ථානමාරු කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කැරුණු අවස්ථාවේ එය පොලිස් කොමිසමට අයත් කාර්යයක් බව රාජපක්ෂ මහතා පැවසුවේය. ව්‍යවස්ථා සභා රැස්වීමේ සභාපතිවරයා ලෙස ජයසූරිය මහතා කටයුතු කළේය. හානිපූර්ණ කමිටුවක් පත්කිරීම ආරක්ෂක අමාත්‍යංශයට යොමු කෙරිණ. ඒ, සිවිල් සමාජ සංවිධානවල අදහස්ද,ලබාගෙන එය සිදුකිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවන පරිදිය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් දින නියම කිරීමට එරෙහිව විවිධ දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ අරමුණු දෙකක් පෙරදැරිවයැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ අදහසයි. ඔවුන්ට අනුව ඉන් එකක් වන්නේ පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසට රජයට පීඩනය එල්ල කිරීමය. එසේ කළහොත් මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැර අප්‍රේල් මස 25 වැනිදා මැතිවරණය පවත්වන බවට ජනපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය වහාම අවලංගු වේ. ව්‍යවස්ථානුකූලව ජූනි මස 2 වැනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීම ඒ වන විට කල් ඉකුත්ව ගොස් තිබෙනු ඇති හෙයින් අලුතින් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සළසාගැනීම දෙවැන්නයි. මේ අතරවාරයේ, පැරණි දේශපාලන සබදතා නැවත පණ ගැන්වීම සඳහා තිරය පසුපස සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද සදහන් කිරීම මනාය.

අනෙක් අතට රටේ තත්ත්වය ස්ථාවර වන තෙක් මැතිවරණයන් කල්දැමිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ තර්ක කරයි. ඔවුන් මතුකරන තවත් කාරණාවක් වන්නේ අරමුදල් යොදාගැනීම වෙනුවෙන් වන අවසරයක් පාර්ලිමේන්තුවෙන් ලබාදී නොමැති බැවින් අප්‍රේල් මස 30 වැනිදාට පසු මහජන මුදල් භාවිතා කිරීමට රජයට කිසිදු අවසරයක් නොමැති බවය. එවැනි අවසරයක් ලබාගත හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවා තමන්ගේ සහායද ලබාගෙන යැයි ඔව්හු පෙන්වා දෙති.

ගැටළුව වන්නේ අරමුදල් යොදාගැනීම සදහා රජය ඉදිරිපත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුවහොත් සිදුවනු ඇත්තේ කුමක්ද යන්නය.

අගමැති රාජපක්ෂ මහතා පසුගිය 26 වැනිදා ‘ ද සන්ඬේ ටයිම්ස්’ පුවත් පතට මෙසේ පැවසුවේ ය.

“මැතිවරණ සදහා දින නියම කිරීම අපේ රාජකාරිය නොවෙයි.එය මැතිවරණ කොමිසම අත තිබෙන දෙයක්. ඔවුන් තමයි තීරණය කළ යුත්තේ. දිනයක් තෝරාගැනුණු පසුව ජනපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත්කරාවි. අපේ ස්ථාවර ඒකයි” යයි අගමැතිවරයා කීවේය.

අගමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් පැහැදිළි වන්නේ පාර්ලිමේන්තුව නැවත කැදවීමක් සිදුනොවන බවයි.

ද සන්ඬේ ටයිම්ස් ඇසුරිනි

සැකසුම : කෝවිද ගුණසේකර



අදහස් (26)

මැතිවරණයකට යාමට අකමැතිවීමේ කැමැත්ත

rama Tuesday, 28 April 2020 11:01 AM

මෙ කුණු පාර්ලිමෙන්තුව කැදවලා වැඩක් නැහැ. පඩි නැතිව එයාලට දුක හිතිලා වෙන්න ඇති...

:       140       697

රවින් Tuesday, 28 April 2020 11:19 AM

හෝ හෝ හිමිජ්ජා වගේ හිටියට යටින් කොක්කක් දාන්න වගේ හදලා තියෙන්නේ? කාගේ උවමනාවටද කියන එක තමා වැදගත්. මෑන්ස් පොර ටෝක් දාගෙන ඉඳලා කකුල් දෙක යට තියන තණකොළ කපන්න වගේ හදලා තියෙන්නේ.

:       4       6

Raveendra Tuesday, 28 April 2020 11:36 AM

පැටලුනු නුල් බෝලයක කොන, ප්‍රමාණය හෝ දිග සොයාගැනුමට පුසෙක් දගලන්නාසේ අපගේ ව්‍යවස්ථාව ලුණු ගොරක යහමින් දමා අබරා ඇතිබවක් ඉතාම පැහැදිලිය. කව්රු කෙසේ කිවත් බලලොබය හමුවේ මෙම ගැටලුව තවත් කල්ප ගණනක් යනතෙක් විසදෙන හැඩයක් නොමැති බවද විස්වාසය. මෙයට කව්රුන් වගකිව යුතුද යන්න විමසුවිට දියවන්නා ඔයේ 225 ම පිළිතුර වන්නේ අනේ අපි නම් නොවේ අනිත් මිහරකුන්ය... එසේත් නැතිනම් අනේ මම නම් නොවේ අනිත් මිහරකාය යන්නය. මෙවන් අනර්තකාමි තත්වයක් හමුවේ රටක් කෙසේ ඉදිරි ගමන යන්නේද කෙසේ දියුණු වෙන්නේද? "තමන් වන්දනාමාන කරන පාට, පක්ෂ පැත්තකට දමා මධ්‍යස්ථව සිතමට ඥානය ඇති රටට අවංකව ආදරය කරන මිනිසුන් ගේ අදහස් " දැනගනුමට කැමැත්තෙමු. කාරුණිකව නිල්, කොළ, රතු, අර පොහොට්ටු, මේ කෙහෙල්මල්, පුටු, මේස, ටෙලිපොන් වලට ගැති නොවී අපගේ අවංක අදහස් විමසා බලමු. අපට මොකා දියවන්නෝය පට්ටියට ලගින්න එන්නේද අදාළ නැත. ඒ ඒ එන අයගේ ප්‍රධාන අරමුණ වියයුත්තේ රටේ ආරක්ෂාව, රටේ දියුණුව, පුරවැසියන්ගේ දියුණුව පුරවැසියන්ගේ ආරක්ෂාව පමණි.

:       162       1133

VINIVIDA Tuesday, 28 April 2020 05:00 PM

ජනපතිවරයා සහ අගමැතිවරයාගේ (සහෝදරවරුන්ගේ) තීරණයට අනුව මැතිවරණය යලි කැදවන්නේ නැතිබව ඉස්තිරවම ප්‍රකාස කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අසීමිත බියක් දක්වන නායකයන් සිටින්නේ ලංකාවේම පමණි. කතාවෙන් ප්‍රජතන්ට්‍රවාදී අබීත ලක්ෂණ පෙන්වුවත් ක්‍රියාවන්ගෙන් අබීත නොවන බවක්.... රාජපක්ෂවරුන් මේවනවිට රටට ජනතාවට සහ විදේශ තානාපති අංශයන් වෙත මනාවට පසක් කොට ඇත. විපක්ෂයේ සියලු පක්ෂ එක හඩින් කියා සිටින්නේ රට දුර්භික්ෂයකට මුහුණදී ඇති අවස්ථාවක රාජපක්ෂලා මෙන් කුමන්ත‍්‍රණය කොට බලය ලබාගැනීමට වගකිවයුතු දේශපාලකයන් ලෙස ඔවුන් ක්‍රියානොකරන බවය. covid-19 වසංගතය තුලින් බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට කිසිසේත්ම අවශ්‍ය නැත. රටක ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව කැදවීම අර්බුද අවස්ථාවකදී රජයේ ක්‍රියාවලියට විපක්ෂය්ද සහයෝගය ලබාගැනීම නිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන පිලිවෙත වේ. රජයට විපක්ෂයේ කොන්දේශි විරහිත සහයෝගය ලබාදීමට ඉදිරිපත් උවත් රජය විපක්ෂය පැහැර හැරීම පිලිබදව ජනතාව දැනුවත් කලයුතුවේ. බලෙන් පාර්ලිමේන්තු කැදවා රජයට සහයෝගය දීමට කිසිසේත්ම විපක්ෂය අවශ්‍ය නොමැත. විපක්ෂයේ සහයෝගය ලබාගන්නේ නම් ජනතාවට ලැබෙන සහනාධාර වැඩිකිරීමට හැක...

:       1526       1504

චන්දනTuesday, 28 April 2020 06:14 PM

න්‍යායන් මත පිහිටා කරන අනුමානයන් වැරදීමට ඕනෑතරම් ඉඩ තිබේ. එහෙත් පූර්ව අත්දැකීම් මත වන ප්‍රත්‍යක්ෂයන් වැරදීමේ ඉඩ ඉතාමත් අඩුය. 30 වසරක ත්‍රස්තවාදය පරාජය කර අද භුක්ති විදින නිදහස ලබා දීමත්, කිසි කලෙක මැතිවරණ කල් නොදමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත්, රට ජාතිය ආගමේ අක්මුල් ආරක්ෂා කර දීමත්, මාගේ ජීවිත කාලය තුල විඳි අත්දැකීම මත වූ ප්‍රත්‍යක්ෂය විශ්වාසය ඔබගේ න්‍යායන්වලින් විනාශ කල නොහැකිය. මක්නිසාද යත් ත්‍රස්තවාදය ඊනියා සාමයක් තුලින් පෝෂණය කල ආකාරයද, ප්‍රජාතන්ත්‍රවාදය පතුරුවා හරිමින් ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටි ද, යහපාලන නාමයෙන් ආර්ථිකය විනාශ කල ආකාරයද, සහජීවනයේ මුවාවෙන් බෙදුම්වාදය වර්ගවාදය පෝෂණය වන ආකාරයද, මහජාතියේ කොඳුනාරටිය විනාශ කල ආකාරයද, ත්‍රස්තවාදය විනාශ කර දැමූ නායකත්වය සහ අපගේ රණ විරුවන් ඇතුලු මව්බිමේ අභිමානය ජිනීවා වල පාවාදුන් ආකාරයත්, සහරාන්ලාගේ වික්‍රම වලදී ක්‍රියාකල ආකාරයත්, පුරසාරම් දෙඩූ ආකාරයත් මා සියැසින් දුටිමි. දෙකනින් ඇසීමි. දන්නා වැඩිහිටියනේ නොරැවටෙන්න. නොදන්නා ගැටවුනේ, ගැටිස්සියනේ වැඩිහිටියන්ගෙන් අසා දැනගන්න. පැරණි පාර්ලිමේන්තුව රටට විනාශයක්මය.

:       2135       2245

vinividaTuesday, 28 April 2020 07:38 PM

වසර 30 ත‍්‍රස්තවාදය පරාජය වී නිදහස ලැබීම පිලිබදව අප සතුටු වෙමු... එමෙන්ම ඒ පිළිබදව ක්‍රියාකළ සියලු දෙනාටත් විශේෂයෙන් හමුදාවේ කැපවීම අගය කරමු. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ජාතිවාදයට, ආගම්වාදයට මුලිකත්වයක් දී වර්තමාන නායකයන් ක්‍රියා කිරීම නිසා රණවිරුවන් ජිවිත පුජා කොට ලබා ගත්තාවූ නිදහස එක ආගමකට,එක ජාතියකට ලැබුණු නිදහසක් බවට මේ වනවිට පත් කොට ඇත. නිදහසේ පරම සත්‍ය නම් සියලු රටවැසියාට නිවට නිදහසක් නොව සැබෑ නිදහසක් ලැබීමය. ශ්‍රී ලාංකිකයන් ලැබුවේ සැබෑ නිදහසක්ද? නැතිද? කියා පසුගිය ජනධිපතිවරණයේ චන්දය ලබාදී තිබු ආකාරයෙන් සනාත විය. සහජීවනයේ නාමයෙන් බෙදුම්වාදය, වර්ගවාදය පෝෂණය නොවන ආකාරයටද, මහජාතියේ කොඳුනාරටිය ආරක්ෂා වන ආකාරයද යහපාලන රජය ක්‍රියා කරද්දී ප්‍රජාතන්ත්‍ර විරෝධිව එම රජය පෙරලා දැමීමට ගත් පහත් උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඔබ අප සියලු දෙනා සියසින් දුටුවේය. විදේශීය වසයෙන් ලංකාවට පනවා තිබු වෙළද තහනම මෙන්ම රාජ්‍ය නායකයා සහ රණවිරුවන් විදුලි පුටුවෙන් මුදවා ගැනීමත්, පාර්ලිමේන්තුවේ 19 වන සංසෝදනය සියලු දෙනාගේ කැමැත්තෙන් දිනා ගැනීමට යහපාලන රජය ක්‍රියාකල අකාරයත් සියලු ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහනයකි.

:       708       524

චුටි පුතා Tuesday, 28 April 2020 11:06 PM

චන්දනට අමතක වෙලාද කොහෙද...? සුනාමි හොරාව, මල්වානේ ගෙවල් හෝරාව, මිග් හොරාව,....හොර පෙරකදෝරුවාව, හොර නේවි කාරයාව, ඇයි. රොකට් කාරයා..., ඩේසි ඇන්ටිගේ මැණික් මල්ල, රන් අම්මණ්ඩි..තව ඔනාද..?

:       317       177

SL Tuesday, 28 April 2020 12:19 PM

සජිත් තීරණය කලයුතුයි... මේ අවස්ථාවේ රජයට කරගෙන යාමට පක්ෂනායකයෙක් විදියට උදවු කරලා නමක් හදාගන්නවද? නැතිනම් යුද්ධ කාලේ වගේ කකුලෙන් අදාල රටට අයහපතක් ප්‍රාර්ථනා කරනවා කියල. හරිම අසික්කිතයි. ලංකාවේ දේශපාලකයෝ බහුතරයක් කුහකයි.

:       319       472

Deepal Nirosh Tuesday, 28 April 2020 12:50 PM

මේ වසංගත රෝග තත්ත්වය පහව ගිය වහාම ප්‍ර‍කාශිත මහ මැතිවරණය පැවැත්විය යුතුයි. හැබැයි මේ එක එක පක්ෂවල තර්ජනයනට යටත්ව නැවත පැරණි පාර්ලිමේන්තුව කැඳවීම කෙසේවත් නොකළ යුතුයි.

:       84       668

Ratne Tuesday, 28 April 2020 01:42 PM

නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවීමෙන් රටට කිසිසේත් යහපතක් නොවේ. දැනට රට තුළ කටයුතු කෙරීගෙන යන ලෙසට මැතිවරණය පැවැත්වෙන තෙක් (මාස 1 ක් හෝ 2-3 ක් ප්‍රමාදව හෝ) පැවතීම වඩාත් යෝග්‍යයි. කෙසේ වෙතත් මෙම කාලය තුල රාජ්‍ය මුදල් වැය කරමින් සිදු කරන කටයුතු (උදා. රු. 5000/- දීමනාව) වල වාසිය පාලක පක්‍ෂය / ජනපති වෙත ලැබෙන පරිදි ප්‍රචාරණය කිරීමෙන් වැළකී සිටිය යුතුය. මේ දිනවල රට තුළ නිරෝධායන කටයුතු වෙනුවෙන් යොදා ඇති ඇඳිරි නීතිය නීත්‍යානුකුල නොවන බවට (ත්‍රස්තවාදයට සහය දුන් දේශපාලකයකු විසින්) ජනතාව තුළ මතයක් ඇති කිරීමට දරණ උත්සහය මඟින් ද පෙනී යන්නේ කෙසේ හෝ පාර්ලිමේන්තු බලය අතට ගෙන වසංගතය සම්පූර්ණ මර්ධනයට බාධා කරමින් මහ මැතිවරණයද අතුරුදහන් කිරීමට දරන උත්සහයකි.

:       298       507

නොකවුට් Tuesday, 28 April 2020 01:57 PM

පරණ පාර්ලිමේන්තුව තියා අලුත් පාර්ලිමේන්තුවක් වත් එපා. හමුදාව හා ජනාධිපතිතුමා විතරක් අපට ඇති...

:       117       246

Jaantha Tuesday, 28 April 2020 02:16 PM

පැරණි පාර්ලිමේන්තුව කැඳවීම අවැසිතාවයක් නොමැත.

:       2       148

sampath Tuesday, 28 April 2020 03:02 PM

ගංවතුරේදී නයි, මුගටියි එක කොටේ එල්ලිලා ජීවිත බේරාගන්නවා එදිරිවාදිකම් අමතක කරලා දෙන කරන්න තියෙන්නෙත් එච්චර ජන්දයක් වැනි රටම සම්බන්ධවන ක්‍රියාකාරකමකට කොහෙත්ම ඉඩක් නැහැ...

:       1       29

ලැවොයිසියර් Tuesday, 28 April 2020 03:26 PM

තකහනියේ මහ මැතිවරණයක් පවත්තල අළුතින් තවත් හොරුන් 225ක් මන්ත්‍රීවරුන් වශයෙන් පත්කරල එහාමෙහා පනින ගෙම්බන්ද එකතු කරගෙන කැබිනට් මණ්ඩලයකුත් හදාගෙන ඔවුන් හැමදෙනා නඩත්තු කරගෙන දිග ඇදෙන කොවිඩ් 19ත් එක්ක රට ඉදිරියට ගෙන යාම බොරු. මාස හයකටවත් මැතිවරණ එපා.

:       1       46

Rathnajeewa Tuesday, 28 April 2020 03:49 PM

රත්නජීවන් හූල් කියන පුද්ගලයා එල්ටිටිඊ කොටියෙක්නෙ. එහෙම එවුන්ව කව්ද ගණන් ගන්නෙ යුඑන්පී රෑන ඇරෙන්න...

:       1786       1080

සමන්ත Tuesday, 28 April 2020 05:07 PM

මෙවැන්නෙකු තමන්ගේ නමින් නොපැමිණ බොරු නම් වලින් පැමිණ කරන මේ චෝදනාවලට් පිළිතුරු දිය යුතුමය. තමන් නොදන්නා දේවල්, ජාතිවාදී හා කුණුවූ දේශපාලනය ඔලුවේ තබාගෙන, අසුචි ඔලුවේ තබාගත් ඉස්සෙකු මෙන් නිදහස්, නිවහල් ලෝකප්‍රසිද්ධ, මුළු ලෝකයම පිළිගත් මහාචාර්ය වරයෙකුට අභූත චෝදනා නැගීම ඉවසිය නොහැකිය. මැතිවරණ කොමිසමේ මොකා, කාට කඩේ ගියත්, ජනතාවට හැර කාටවත්ම කඩේ නොයෑමේ ප්‍රතිපත්තියක් සහිත මහාචාර්ය හුල්ට කොටියෙක් යැයි කියන්නේ හය හතර නොදත්, ඉතිහාසය නොදත් කුරුවල්වූ ඔලු සහිත අමනයෙක් මිස අනෙකෙක් නොවේ. මහාචාර්ය හුල් යනු කොටි සංවිධානයේ මෙන්ම, EPDP සංවිධානයේද මරණ ලැයිස්තුවේ සිටි, ජාතිවාදයට විරුද්ධ වූ, වර්ගවාදය පිළිකුල් කල, එහෙත් ද්‍රවිඩ ජාතිකයන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මානව හිතවාදියෙකි. යාපනේ ඉපිද, පේරාදෙණියෙන් සහ කටුබැද්දෙන් මුලික ඉංජිනේරු උපාධි හදාරා, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සහ කානගී විශ්ව විද්‍යාලයෙන් අචාර්ය උපාධි ලබාගෙන ඇමෙරිකාවේ මෙන්ම තවත් රටවලද උගන්වන විශිෂ්ට බුද්ධිමතෙකි. කානගි විශ්ව විද්‍යාල විද්‍යාර්ථිකයෙකුට ලංකාවට බඩ ගෑමේ උවමනාවක් නැත.

:       2180       281

RasikaTuesday, 28 April 2020 08:05 PM

සමන්ත ටොම් පච කෙලිද්දී බලාගෙනයි. මොකද ඔයා කියන පච විස්වාස කරන සිරිකොතේ බත් බැලයොයි අලියගෙ නැට්ටේ එල්ලිච්ච සීනු කාරයොයි හිටියට රටේ බහුතරයක් ඇත්ත දන්නව. ඔයා බොරුවට දන්න බව පෙන්නන්න ගිහිල්ල මුකුත් නොදන්න නිකමෙක් වෙන්න යන්න එපා...

:       59       118

සමන්ත Tuesday, 28 April 2020 04:42 PM

සිවරාම් නැමැති නිදහස් මාධ්‍යවේදියා කොළඹදී මරා පාර්ලිමේන්තුව ළඟ දමා ගොස් අදට වසර 15කි. මිනිසුන් බල්ලන්, බළලුන් සේ මරා දමන රටකට ප්‍රජාතන්ත්‍රවාදයක් කුමකටද යැයි තප්පුලන්නේ හරක්‍ මිස වෙන කවුද? එම ඝාතනයට වගකිව යුතු ඝාතකයින් සොයා ගැනීමට නොහැකි රටක ‘සෞභාග්‍ය’ ගොඩනගන්නට හැකිවේද? කෙසේ නමුත් සුන්දර වචන ගොන්නකින් සරසා අපට තිළිණ කරන පතරාංග ප්‍රතිපත්තිවලට මහා වෙනසක් කළ නොහැකි බව පසුගිය කාලය පුරාම සිදුකර ඇති දේවල්වලින් මනාවට සනාථ වී හමාරය. පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ජනතාවටය​. එහෙත් ජනතාවගේ මොළ ජාතිවාදී ස්වෝත්තමවාදයෙන් සෝදා ඇතිවිටෙක, හිට්ලර්ට උදාවූ විනාශය මෙන් තමන් විනාශ වනතෙක්ම සත්‍යය නොවැටහෙන්නේය.

:       792       502

mdd Tuesday, 28 April 2020 05:20 PM

හොරචන්දේ දාන්න හොද අවස්ථාවක්....

:       1       2

සමන්ත Tuesday, 28 April 2020 05:35 PM

මෙවැන්නෙකු තමන්ගේ නමින් නොපැමිණ බොරු නම් වලින් පැමිණ කරන මේ චෝදනාවලට් පිළිතුරු දිය යුතුමය. තමන් නොදන්නා දේවල්, ජාතිවාදී හා කුණුවූ දේශපාලනය ඔලුවේ තබාගෙන, අසුචි ඔලුවේ තබාගත් ඉස්සෙකු මෙන් නිදහස්, නිවහල් ලෝකප්‍රසිද්ධ, මුළු ලෝකයම පිළිගත් මහාචාර්ය වරයෙකුට අභූත චෝදනා නැගීම ඉවසිය නොහැකිය. මැතිවරණ කොමිසමේ මොකා, කාට කඩේ ගියත්, ජනතාවට හැර කාටවත්ම කඩේ නොයෑමේ ප්‍රතිපත්තියක් සහිත මහාචාර්ය හුල්ට කොටියෙක් යැයි කියන්නේ හය හතර නොදත්, ඉතිහාසය නොදත් කුරුවල්වූ ඔලු සහිත අමනයෙක් මිස අනෙකෙක් නොවේ. මහාචාර්ය හුල් යනු කොටි සංවිධානයේ මෙන්ම, EPDP සංවිධානයේද මරණ ලැයිස්තුවේ සිටි, ජාතිවාදයට විරුද්ධ වූ, වර්ගවාදය පිළිකුල් කල, එහෙත් ද්‍රවිඩ ජාතිකයන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මානව හිතවාදියෙකි. යාපනේ ඉපිද, පේරාදෙණියෙන් සහ කටුබැද්දෙන් මුලික ඉංජිනේරු උපාධි හදාරා, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සහ කානගී විශ්ව විද්‍යාලයෙන් අචාර්ය උපාධි ලබාගෙන ඇමෙරිකාවේ මෙන්ම තවත් රටවලද උගන්වන විශිෂ්ට බුද්ධිමතෙකි.

:       1089       114

චන්දන Tuesday, 28 April 2020 06:35 PM

ප්‍රජාතන්තුවාදී, යහපාලන, නිදහස් හා ස්වාධීන යන වචන පිටතින් අලංකාර වූවත් ඒ වචන වලට මුවා වී කටයුතු කරන අය ඉතා විනාශකාරී, සාමකාමී ජන සමාජය අවුල් කරන, පොදු බහුතර මතයට විරෝධී, සාමාන්‍ය ජනතාවට වෛර කරන, විපරීත මානසිකත්වයක් සහිත පිරිස් වේ. නිවැරදිව කියන්නේ නම් ත්‍රස්තවාදියාට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරත් දෙමින්, ත්‍රස්තවාදියාගේ හිරිහැරවලින් ජනතාව මුදා ගැනීමට අවි අතටගත් හමුදාවක් වෙත ත්‍රස්තවාදියා ලෙස හංවඩු ගැසීමක් වැනිය. මෙවැනි ලස්සන රැවටිලිකාර වචන වලින් ඔබව රැවටීමට උත්සාහ කරන විට අතීතය සිහිපත් කර ගන්න. එවිට ඔබට සිහිය එළඹෙනු ඇත. ත්‍රස්තවාදය විසින් තිස් වසරක් තිස්සේ මේ රටට කල විනාශය නූතන කොලු ගැටයන් නොදනිතත් මායිම් ගම්මාන වල මරබියෙන් රැය පහන් කල, හෙට දිනයේ කොතන බෝම්බයක් පුපුරාවිදැයි බියෙන් නගරයේ දිවි ගෙවූවන්, මෙන්ම කලගුණ දත් සිහිබුද්ධියක් ඇති වැඩිහිටියෝ දනිති. එම සත්‍යය අමතන නොකරමු. එය අනාගතයටද කියා දෙමු. නැවත එවැනි යුගයකට රට නැවත පත් නොකිරීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ එය අමතක කල හොත් ඔබට එහි ශාපය අනිවාර්ය වේ. දිනූ දේශය රැක ගැනීම අපගේ වගකීමක් බව අමතක නොකරන්න.

:       304       280

සමන්තTuesday, 28 April 2020 07:54 PM

සත්‍යය නොදන්න උන්ට ගෙඩි පිටින් ඔය සත්‍යය කියලා දුන්නාට කමක් නැත. හමුදාව කියා සුවිශේෂී ජන කොට්ඨාශයක් නැත. එවැනි උන් ඉන්නේ ඉරානය, උතුරු කොරියාව වැනි අමානුශික ආඥාදායක බලහත්කාරී පාලනයන් තුලය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල හමුදා නඩත්තු කරන්නේ ජනතා බදු මුදලින්, සියලු ජනතාවගේ ආරක්ශාව උදෙසාය. එය පොහොට්ටු හමුදාව නොවේ. ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජානක පෙරෙරා, ජෙනරාල් රත්වත්තේ යටතේ තිබුනේ වෘත්තීය හමුදාවකි. එය දේශපාලනීකරනය කරන්න දඟලන්නේ රාජපක්සලාය. එය භයානක සෙල්ලමකි. ඒ වගේම හමුදාව උතුරේ යුද්ධය මෙන්ම දකුණේද කල යුද්ධ ගැන ඔහෙට වඩා හොඳින් අප දනිමු. හමුදා හදා ඇත්තේ රජය රැකීමට මිස වෙනත් දෙයකට නොවේ. තමන්ට කෙලවෙන විට හැමෝටම මතක් වෙන්නේ අම්මා වන්නේ ඒ නිසාය. නාවික හමුදා සෙබලුන්ට කොරෝනා හැදුනු විට අම්මා නැතුව බැණ වදින්නේත්, ඡන්දේ දාන්න එන විට සිටි රට විරුවන් රට මරුවන් බවට පත්වන්නේත් එවිටය. ඒත් සැබෑ ලෙසම රටට ආදරේ කරන මිනිසුන් ඉන්නේ නිහඬවය. එය වැරදිය.

:       108       25

බණ්ඩාTuesday, 28 April 2020 08:23 PM

ළඟ බලන මෝඩයන්ට රැකිය හැකි රටක් නැත. අයතොල්ලාට, ඉඩි අමීන්ට, ගඩාපි රැකගත් රටක් නැත.

:       0       16

karunarathnaTuesday, 28 April 2020 11:10 PM

ඔයා ඔය කියන මැදමුලන ඔක්කොම අද කුඩුවේ... රනිල් හිටියේ නැතිනම්. මේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකෑවා... රට චිනාට වික්කා... කොටි රත්තරන් ටිකට කෙලියා..

:       82       21

Nilantha Wednesday, 29 April 2020 07:18 AM

අතිරේක අරමුදල් සපයාගැනීම ප්‍රශ්නයක් නම් ඒ සදහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටිය යුත්තේ ජනපතිවරයාය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඉල්ලීම ඩීල් එකකි. යටි අදහස චන්ද ලැයිස්තු අවලංගු කිරීමයි. කොහොමද රනිල්ගේ ටිකිරි මොලේ. ඊට පස්සේ සජිත්ගේ කණ්ඩායාමට අබ සරණයි !

:       0       4

Sampath Tuesday, 05 May 2020 05:00 PM

පාර්ලිමෙන්තුව විසිරැවාම මන්ත්‍රි කම අහෝසි වෙනවා. ඉතිං මෙ ගොල්ලො කොහොමද කියන්නෙ පාර්ලිමෙන්තුව නැවත කැදවන්න කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2297 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1189 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2803 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 965 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 747 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 952 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site