(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)
මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මේ අනුව මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති සංඛ්‍යාව 18 ක් බවද ඉරේෂා මහත්මිය සඳහන් කළාය.
මහනුවර රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට පසුගිය 26 දින භාජනය කිරීමේදි උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බව පරීක්ෂන වලින් තහවුරු වීමත් සමග ඊයේ (27) එම අංශයේ නිලධාරින් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත. මේ වනවිට එම අංශයේ සමීපතයින් ඇතුලු සියලුම අය අද (28) දිනයේ පීසීආර් පරීක්ෂණ වලට ලක් කරමින් සිටින බවද මහනුවර රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසිය.
මෙම තත්වය හේතුවෙන් මහනුවර ජාතික රෝහළේ උගුර, කන හා නාසය ප්‍රතිකාර ඒකකය ශල්‍ය වාට්ටුව වසා දමා ඇති අතර රෝගින් මහනුවර රෝහල වෙත මේ අවස්ථාවේදි රෝගීන් එවිය යුතු නොවන බව ප්‍රාදේශීය රෝහල් දැනුවත් කර ඇති බවද අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.
හදිසි ශල්‍යකර්ම හා හදිසි අවස්ථා කටයුතු සියලු දේ මහනුවර රෝහලේ සිදුවන බවත් කිසිඳු අවස්ථාවක රෝහල වසා දැමීමේ අවදානමක් මහනුවර රෝහල තුළ නැති බවද අධ්‍යක්ෂවරිය පැවැසීය.
මේ වනවිට කෝවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලයේ අය තෙල්දෙනිය රෝහල වෙත ප්‍රථිකාර සඳහා යවා ඇති බවත්, මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය කාරණයකට හැර සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම අවස්ථාවේදි හැකිතරම් රෝහලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළාය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවර ජාතික රෝහලේ 18 කට කොරෝනා