(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රක්වාන මංගල උත්සවයක මනාලයා සහ මනාලිය ද ඇතුළුව උත්සවයට සහභාගි වු 15 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග වෙද්‍ය ලක්මාල් කෝණාර මහතා අද(15) පැවසීය .
රක්වාන ප්‍රදේශයේ තරුණියක් සමග රත්නපුර මල්වල ප්‍රදේශයේ තරුණයෙකුගේ ව්වාහ ගිවිස ගැනිමේ උත්සවයෙන් ප්‍රථමයෙන් මනාලයාට කොරොනා ආසාදිත වු බවට පසුගිය සතියේදී තහවුරු විය .ඉන් පසු මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණි .
අද ( 15 ) වනදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මියගේ කැදවිමෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්ව්මේදි වෛද්‍යවරයා සඳහන් කළේ රක්වාන මංගල උත්සවය නිසා පුද්ගලයින් සිය දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් පි සි ආර් පරික්ෂණ සිදු කරන බවත්ය.
විවාහ මංගල උත්සවයට පැමිණි රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු සහ රක්වාන ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වි තිබේ .
රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සිමාවන් පනවා ඇති අතර රත්නපුර ප්‍රදේශයේ වෙළෙද සැල් 32 ක්ද වසා දමා ඇත.
මංගල උත්සවයට පැමිණි රක්වාන අස්ලාම් විදුහලේ සිසුවෙකු ද කොරොනා ආසාදිතයින් අතර සිටි. එම පාසල වසා දමා නැතත් සිසුන් අද දිනයේ නොපැමිණි බව ව්දුහල්පති ඒ. එම්. නසාර් මහතා පැවසීය .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුරේ මඟුල් ගෙදරක 15 කට කොරෝනා