IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෛද්‍ය උපදෙස් නොපිළිපැද වළ කපා ගන්න එපා

ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මේ මොහොතේදී සියල්ලන්ටම ඉහළින් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැදීම මාරාන්තික වයිරසයෙන් ගැලවී යන එකම මඟ බවට අවධාරණය විය යුතුය.

එකිනෙකාගේ මනස්වල දිග පළලට අනුව කෙරෙන විග්‍රහ හා විවේචන මේ මොහොතට අදාළම නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් නියත අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි.

ගුවන් නියමුවකුට ඔහුගේ පුහුණු කාලයේදී ලබාදෙන ප්‍රධාන උපදේශයක් වන්නේ ඔබට අත්වැරදීමකට කිසිදු ඉඩක් නැත යන්නය. මහ පොළොවේ හෝ සාගරයේ සිදුවන යම් අත්වැරැද්දක් වේ නම් එය ඊළඟ නිමේෂයේදී නිවැරැදි කරගත හැකිය. එහෙත් ගුවනේදී එය එසේ නොවේ. ගුවනේදී යම් අත්වැරැද්දක් වේ නම් එය අත්වැරැද්දක්ද කියා සිතා ගැනීමටවත් කාලයක් ඉතිරි නොවී ජීවිතවලින්ම වන්දි ගෙවීමට සිදුවනු නියතය.

එහෙයින්ම මේ මොහොත යනු ගුවනට අදාළව දෙනු ලැබූ උපදේශයක් මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට බල කෙරුණු නිමේෂයක් වේ.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඇතැම් බලවත් රටවල් හා සසඳනවිට අප රට බොහෝ ඉදිරියෙන් සිටියේය. කුහක නොවන ඕනෑම කෙනකු එය ඒකාන්ත සත්‍යයකැයි පිළිගනු නියතය. එහෙත් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතු මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරද එම තත්ත්වය මුළුමනින්ම වෙනත් තලයකට රැගෙන ගියේය. කොතැනක හෝ සිදුවූ අත්වැරදීමක් නිසා මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා මාරාන්තික වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා ඉහළ නැඟ තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය බවට පත්ව තිබේ. මුළුමහත් සමාජයටම මරණ බිය රැගෙන ඒමට තරම් තත්ත්වය බිහිසුණුය යන්න ඒකාන්තය. මෙම තත්ත්වය නිරීක්ෂණය වීම සඳහා අපේම අත්වැරදීම්, නොසලකා හැරීම් කොතරම් බලවත් ලෙස දායක වූයේ දැයි සන්සුන් මනසින් මෙනෙහි කළ යුතු භාවනා කමටහනකි.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් සියල්ල යහපත් අතට හැරී ඇතැයි යමකුට සිතිය හැකිය. එසේ යහපත් අතට හැරී නොමැතිනම් ඇඳිරි නීතිය ඉවත් නොකරනු ඇතැයි ඔහුගේ තාර්කික බුද්ධියට වැටහී යා හැකිය. ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලෝකයට විසඳුමක් අවශ්‍ය නොවේය යන්න යථාර්ථයකි. එළැඹ ඇත්තේ තම තමන්ගේ මනස්වල දිග පළලට අනුව තත්ත්වය විග්‍රහ කරගත යුතු මොහොතක් නොවන බව ඒකාන්ත වශයෙන්ම අවධාරණය විය යුතුය.

කොරෝනා යනු ලෝක වසංගත තත්ත්වයකි. මෙබඳු ලෝක උවදුරකට මුළු මහත් ලෝකයම නතුවී තිබෙන්නේ සියවසකට පසුවය. කොරෝනා වයිරසය යනු පූර්ව අත්දැකීම් සහිත වයිරසයක්ද නොවේ. පියවරෙන් පියවර කළ යුත්තේ කුමක්දැයි සිතමින් සෞඛ්‍ය විශේෂඥයන්ට පවා කටයුතු කිරීමට සිදුව ඇති තත්ත්වයකි. එමෙන්ම කොරෝනා යනු ඇඳිරි නීතියෙන් පාලනය වන හෝ පාලනය කළ හැකි වයිරසයක්ද නොවේ.

ඇඳිරි නීතියෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් චර්යා පාලනය කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය හා කොරෝනා වයිරසය අතර කිසිදු සම්බන්ධයක් නැතුවා සේම ඇඳිරි නීතිය ඉවත් කිරීම හා කොරෝනා වයිරසය අතර සම්බන්ධයක්ද නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කර ඇති පරිදිම ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය ඉවත් කළද රජයේ කාර්යාල, පෞද්ගලික සේවා ස්ථාන හා ඔසුසල් මෙන්ම වෙළඳසල් ආදියට ගියද මීටරයක සීමාව පවත්වාගෙන යාම නිතර දෑත් සේදීම හා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව’ එම මහත්මිය පවසන්නීය.

මේ මොහොතේ අපගේ මරණ සහතිකය තිබෙන්නේ අපගේ අතේය. එයට දිනයක් නියම කිරීමේ හැකියාවද අප අතේය. ඔබ බුද්ධිමත් විය යුත්තේ එහෙයිනි.



අදහස් (5)

වෛද්‍ය උපදෙස් නොපිළිපැද වළ කපා ගන්න එපා

විජිත් Thursday, 30 April 2020 10:38 AM

පබා පලිහවඩන මහත්මිය මේ රටේ වසංගත රෝග සහ ප්‍රජා වෛද්‍ය සේවය වෙනුවෙන් අපමණ සේවයක් කල උගත් ප්‍රවීන විශේෂඥවරියකි.

:       0       50

sam Thursday, 30 April 2020 11:12 AM

වෛද්‍ය උපදෙස් කියන දේ රජය මගින් පත්කළ එක පුද්ගලයෙකු (සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හෝ එතුමන් නොමැති විටක නියෝජ්‍ය අධ්‍යක්ෂක) මගින් පමණක් ලබා දිය යුතුයි. තම බලය ගිලිහී යතැයි බියෙන් සිටින වෛද්‍ය සංගම් කාරයන්ටවත්, තම තමන්ගේ දැනුම පෙන්වීමට සහ දේශපාලන මත සමාජ ගත කිරීමට මාධ්‍ය සංදර්ශන පවත්වන වෛද්‍ය/ආචාර්ය /මහාචාර්ය වරුන්ටත්, දේශපාලුවන්ටත් ඒ සඳහා ඉඩ නොදිය යුතුයි. ඒ අයටත් තමන්ගේ අදහස් හෝ යෝජනා ඇතොත් ඒවා ඉහතකී රාජ්‍ය අනුමැතිය ලත් නිලධාරියා මගින් පමණක් ඉදිරිපත් කිරීමට සැලැස්විය යුතුයි. එයින් බොහොමයක් දෙනා අපේ රට හා එහි ජනතාව මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමේ උත්සාහය වෙනුවට තමන්ගේ යටි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට මේ ව්‍යසනය ප්‍රයෝජනයට ගන්නා බවයි පෙනෙන්නේ.

:       0       22

Raveendra Thursday, 30 April 2020 02:21 PM

මොන දෙයක් කරත් මිනිසුන්ගේ හික්මීමක්, හැදියාවක්, ඉවසීමක් නැති නම් ඒ කල කිසිදු දෙයක් ප්‍රතිපලයක් නොමැත. කාලකන්නි කුඩ්ඩෙක් කල හදිය සැමටම මතකනේ. එමෙන්ම සමහර තැන්වල සාමාන්‍ය මිනිසුන් හැසිරෙන ආකාරය පුදුමයිනේ.. එමෙන්ම " කාලකන්නි දේශපාලුවන් හැම එකාම " මේ අවස්ථාවේදීත් තමන්ගේ ගොඩ වැඩිකරගන්න මාන බලනවා නොවේද?

:       0       54

Rohana Sunday, 03 May 2020 03:33 AM

රටේ පළමු කොරෝන අසාදිතය වර්තා වූ සැනෙන් මේ පියවර ගත්තනම් මේ කරදරය සිදුවන්නේ නැහැ. මේවා කියන්න මා විශේෂඥයෙක් නොවෙයි. මට දැනෙන හැටියටයි කියන්නේ.

:       0       7

vipula Saturday, 09 May 2020 08:43 AM

වෛද්‍ය උපදෙස් නොපිළිපැද චිමිනියට යන්න එපා...

:       0       7

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2297 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1189 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2803 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 965 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 747 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 952 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38549 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site