IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වෛද්‍යවරුන් 150ක් ස්වේච්ඡාවෙන්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරීයට

එෆ්.අස්ලම්

බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්‍යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මෙම වෛද්‍යවරුන් 150 දෙනා විවිධ ඒකකවලට අනියුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් බවත් ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු කිරීමට කැමැත්ත පලකර තිබෙන බවත් කී වෛද්‍යවරයා එම වෛද්‍යවරුන් මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහාද යොමු වන බවද කියා සිටියේය.

කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කර තිබෙන බදුල්ල පළාත් මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර  මධ්‍යස්ථානය සදහා දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් 38ක ප්‍රමාණයක් සහ දැඩි සත්කාරක ඇදන් 08ක පමණ ප්‍රමාණයක් පවතින බව  කී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන ක්‍රියාදාමය වෙනුවෙන් බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍යවරුන් දක්වන දායකත්වය ප්‍රශංසනීය බවද කීය.

තවත් ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ද මෙම පිළිවෙත අනුගමනය කරමින් සිටින බවත් සියළු රෝහල්වල වෛද්‍යවරුන් මෙය සාමූහික වගකීමක් සේ සලකමින් කටයුතු කරන්නේ කරන්නේ නම් ඉතා කෙටි කලකින් කොවිඩ් 19 වෛරසයෙන් සමාජය බේරා ගත හැකි යැයිද කීය.

එමෙන්ම බදුලු රෝහලේ වෛද්‍යවරුන් දක්වා ඇති ස්වේච්ඡා දායකත්වය නිසාවෙන් අනෙකුත් රෝගී සත්කාර කටයුතුවලට කිසිදු හානියක් හෝ බාධාවක් සිදුනොවන බවත් බෙදා වෙන්කර ගනිමින් සාමුහික ලෙස වැඩ කිරීම මෙහි අරමුණ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කීය. 



අදහස් (16)

වෛද්‍යවරුන් 150ක් ස්වේච්ඡාවෙන්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රාජකාරීයට

DEEPAL KANDY Wednesday, 25 March 2020 03:51 PM

දොස්තරවරුනි, ඔබේ සේවය සහ උතුම් ක්‍රියාව සැමදාම ජයවෙවා...

:       0       138

සත්‍යපාල Thursday, 26 March 2020 04:35 AM

කිසිදා පරාද කළ නොහැකි බව කියූ කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට කොටුකර ත්‍රස්තවාදය අවසන් කළ ලෙසටම කොරෝනා වයිරසයද ශ්‍රී ලංකාවේදී මුළුමනින්ම කොටුවී අවසන් ගමන් යන දිනය වැඩි ඈතක නොවන බවට හොදින්ම ලකුණු තිබෙනවා. යුද ජයග්‍රහණය සැමරූ ලෙසටම ලග එන අලුත් අවුරුද්දට රටම පාරට බැස කැවුම් කිරිබත් ඉදෙන සුවද හිතේ මැවෙනවා. මෙවර එහි විශේෂත්වය කොරෝනා පරාජය ජාති ආගම් භේදයකින් තොරව උතුරු නැගෙනහිරද ඇතුළුව මුළු රට පුරා සමරන්නට හැකි වීමයි. එය රට එක්සේසත් කර ජාතියක් ලෙස එකට අත්වැල් බැද දියුණුව කරා යන්නට පදනම වැටීමක්. ජය !

:       2       7

chandima Wednesday, 25 March 2020 04:45 PM

ඔව් ඔව් කොහොම හරි ඇස් ඉස් මස් දන්දීලා හරි මේ ලෙඩේ වඳ කර ගන්නම වෙනවා. නැතිනම් ඉතින් ආයේ ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කියන ජාතිය තමයි.

:       1296       246

RaveendaWednesday, 25 March 2020 05:41 PM

ඔබගේ අදහස් පිලිබදව අප කණගාටු වන්නෙමු. මෙම අවස්ථාවේ අපගේ තිබෙන වාදබේද අඩුලුහුඩුකම් පසෙකලා රටක් හැටියට පුරවැසියන්ගේ යුතුකම්, වගකීම් කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොලබා වැඩ කිරීමට ඉදිරිපත්වීම අප රටට අවංකව ආදරය කරන පුරවැසියන් හැටියට අගය කරන්නෙමු. අප අතරේ තිබෙන එකිනෙකට පරස්පර අදහස් මෙම අවස්ථාවේදී අමතක කලයුතු බව අප නැවතත් සදහන් කරන්නෙමු. අප මෙම වෛද්‍යවරුන්ගේ තීරණය අගය කරන්නෙමු.

:       47       701

chandimaWednesday, 25 March 2020 11:09 PM

ඒ ක්‍රියාව අපහාසයට ලක්කා නොවෙයි. සත්‍ය පහා දුන්නා පමණයි. සෑම ‌දේකම නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. හරියට ට්‍රම්ප්ගේ ට්‍රිලියන දෙක වගේ. විරුද්ධ පක්ෂය උත්සුක නොවන්නට ඒ ට්‍රිලියන දෙකම යන්නේ ව්‍යාපාරිකයින්ගේ අතට. නමුත් බැලු බැල්මට ට්‍රම්ප්ව පෙනෙන්නේ ජනතා හිතවාදියෙක් විදියට. වෙනකක් තබා ඔහුගේ පිළිගනිම පවා ඉතා ඉහළ මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා.

:       30       0

RaveendraThursday, 26 March 2020 07:48 AM

chandima මයා වෙත, ඕනෑම සමාජයක හොද මෙන් නරක මිනිසුන්ද සිටින බව නොරහසකි. එලෙසම ඕනෑම වෘතියක ද හොද මෙන් නරක මිනිසුන්ද සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම ඕනෑම දෙයක දෙපැත්තක් තිබීමත් අලුත් දෙයක් නොවෙන අතර. මුළු රටම බයට පත්වී තිබෙන මෙවැනි අවදානම් අවස්ථාවක කෙනෙකුගේ හෝ කොටසකගේ වැරදි අදහස් මෙන් ක්‍රියාවන් අප විවේචනය කරනවාද නැතහොත් ඒ ඒ අයගේ හොද දෙය අගය කරනවාද යන්නේ වඩාත් සුදුසුම දෙය කුමක්ද යන්න තෝරා බේරා ගැනුමට අපට "රොකට් සයන්ස් "දැනුම අවශ්‍යද යන්න ගැටලුවකි.

:       0       0

KaluWednesday, 25 March 2020 08:35 PM

ඔබ වැනි මොලේ කළදක් නැති මිනිසුන් , බොරදියේ මාලු බාන්නන් 3%ක් විතර ලංකාවෙ දක්නට ලැබේ.

:       1       65

PrabaThursday, 26 March 2020 12:00 AM

මෙතුමා වගේ සාදුවන්තයන් කවදාවත් අනික් අයගෙ හොඳ දකින්න අගයකරන්න සූදානම් නෑ. මාධ්‍ය තුළ මේ අය බොහෝ අඳුරගන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය සේවයෙ, හමුදාවෙ තව නොයෙක් සේවා වල බෝසත් සේවාවන් මොවුන්ටත් ලැබෙනවා.

:       0       76

Devinda Uduwara Wednesday, 25 March 2020 06:06 PM

විෂිෂ්ඨ වැඩක්... ඉතා අගය කර සලකනවා..

:       8       185

mahinda Wednesday, 25 March 2020 07:42 PM

ඉහත චන්දිම වගේ පුතාලා ඉන්නවා මේ රටේ ඕන තරම්..ඉරිසියාකාර හැතිකරේ ... මොනවද දන්නේ නැහැ මේ රටට කරලා තියෙන්නේ...? හරියට නිදහස් අධ්‍යාපනය දීලත් ඉගෙන නොගත් කෙනෙක් වෙන්න ඇති... දැන් උන් දන්නවා ආරක්‍ෂිත ඇඳුමම ඇදගෙන ඉන්න එක කොච්චර දඬුමවක්ද කියල...? දොස්තරවරුන් , හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයින්ට අපගේ හදපිරි ප්‍රණාමය... ඒ වගේම චන්දිම වගේ හිතෙන එවුන් කොරෝන හැදිලා ලෝකෙන් තුරන් වෙනවානම් තමා හොඳ....?

:       0       60

banda Wednesday, 25 March 2020 09:12 PM

අනිවාර්යයෙන්ම දොස්ටරලා වැඩ කරන්න ඕන. මොකද කොන්දොස්තරලට මේ වැඩේ කරන්න බෑ. ලෝකේ පූරා දොස්තරලා ජිවිත පුජකරගෙන තමන්ගේ රටවල් බෙර ගන්න වැඩ .

:       24       102

ranjith Wednesday, 25 March 2020 11:53 PM

ඇදිරි නීතිය යටතේ අනෙක් සේවකයෝ ගෙවල් වල නිදහසේ ඉන්නවා සෞඛ්‍ය සේවකයෝ පුදුම කැපවීමකින් වැඩකරනවා. ඒ නිසා මේ කාලයේ වැඩකරපු එම සේවකයන්ට වෙටුපට සමාන තව වෙටුපක්වත් ගෙවන එක සාධාරණයි...

:       0       7

ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 26 March 2020 02:12 AM

සයිටම් එක වහල දාන්න උද්ඝෝෂණය කරපු වෛද්‍යවරු එක දාගන්න කරන වැඩක් මේ. ඒ ලෙවල් නෑ කියල අපිව හිර කරන්න හැදුව. ඒත් අන්තිමේ අපි දිනුවා. සයිටම් වෛද්‍යවරු හිටිය නම් රටේ වෛද්‍ය හිඟයක් නෑ. කොරෝනා ලේසියෙන් මර්ධනය කරන්න අවස්ථාව තිබුණ.

:       251       257

kumara Thursday, 26 March 2020 02:58 AM

ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි.....!

:       0       17

Nimal Thursday, 26 March 2020 04:30 AM

චන්දිම ‌ගෙදරට ‌වෙලා ‌දොස්තරවරුන්ට බනිනවා. ‌දොස්තරවරු රෝහල් වලට ‌වෙලා ජීවිතයට අවධානමක් ජීවිතයට අවධානමක් අරන් ‌සේවය කරනවා. කවුරු ‌මොනවා කිව්වත් චන්දිම කියන ‌දේ බිංදුවක්වත් වටින්නේ නෑ.

:       0       16

herath Thursday, 26 March 2020 04:46 AM

අගයකළ යුතු වැඩක්. ‌තෙරුවන් සරණයි හැමෝටම !

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2407 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1283 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2920 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 845 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 800 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 531 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site