IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථා අර්බුදයේත් ආර්ථික අර්බුදයේත් දෙකොණ විලක්කුව

කොරෝනා-19 මර්දන සටනට උරදී සිටින ජනපති ගෝඨාභය මහතා බහුතරයක් ශ්‍රී ලංකා ජනතාවගේ පමණක් නොව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේද ප්‍රසාදය දිනාගෙන සිටී. එවන් තත්ත්වයක් තිබියදී මැතිවරණ කොමිසම අනතුරු අඟවා තිබෙන ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් කරදරයට පත්ව ඇති සෙයක් ජනාධිපතිවරයාගෙන් දැකගත නොහැක.

ව්‍යවස්ථාව අනුව තමා කටයුතු කර තිබෙන බව අවධාරණය කළ ඔහු එය මැතිවරණ කොමිසමට අදාළ කාරණයක් බව ද පැවසුවේය.

ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නීතිඥවරුන්ගේ කණ්ඩායමක් ඔහුට උපදෙස් දෙමින් සිටී. ජනපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනපති නීතිඥ ගාමිණී මාරපන, ජනපති නීතිඥ මනෝහර ද සිල්වා, සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරු එම කණ්ඩායමේ සිටින කිහිප දෙනෙකි.

සිය විශේෂ දූතයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසාදයට ලක්විය. ප්‍රංශය, නෝර්වේ, ජර්මනිය, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය යන රටවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගීව සිටියහ. කෝවිඞ්-19 මර්දනය කිරීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවර ඉතාම ප්‍රශස්ථ බව සදහන් කළ ඔවුහු තමන්ටද ඒවායින් උගත හැකි දේ තිබෙන බව පැවසූහ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියට සිය ලේකම්වරයා හරහා ජනපති රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය. අප්‍රේල් 6 දාතමින් එසේ යැවුණු ලිපිය මෙසේය.

මහින්ද දේශප්‍රිය මහතා,

සභාපති,

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම,

සරණ මාවත,

රාජගිරිය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැදවන දිනය

2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

ජනරජයේ ජනපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනපතිතුමාගේ අවධානයට පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට පැමිණීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

පහත දැක්වෙන තතු ලුහුඬින් සදහන් කිරීම සුදුසුය.

1. 2020.03.02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020.03.02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020.05.14 දිනට කැඳවනු ලැබීය.

2. එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020.04.25 ලෙස නියම කෙරිණ.

3. ඉන් අනතුරුව,

(අ) දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,

(ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,

(ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,

(ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

අදාළ තත්ත්වයන් යටතේ ස්වාධීන අපේක්ෂකයෝ ගණනාවක් සහ පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක්

(අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,

(ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,

(ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ

(ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ ඒ සිට ඩී දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

2020.03.20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ ඒ සහ සී අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකෙරෙන බව සහ ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020.03.21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020.04.25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020.04.30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත් ප්‍රකාශ කරන ලදී.

2020.04.25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

එකී ඡන්ද විමසීම සිදු කරන දිනය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14 කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020.05.28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

පී.බී.ජයසුන්දර

ජනපති ලේකම්

ජනපති රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා සමග දුරකතන සංවාදයක නියැළි තිබෙන බව සන්ඬේ ටයිම්ස් පුවත්පතට දැනගත හැකිවිය. දෙදෙන පාර්ලිමේන්තු මැතිවරණය හා බැඳී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව එම තතු දැන්වූ ආරංචි මාර්ගයන් වැඩිදුරටත් දැනගන්නට ලැබිණ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට නිකුත් කළ ප්‍රකාශයෙන් පසුව නාමයෝජනා කැදවීමේ කටයුතු ද අවසානයක් කර තිබෙන බව ජනපතිවරයා පැහැදිලි කර ඇත. කෙසේවෙතත් මැතිවරණය කල්දමා තිබෙන්නේ මැතිවරණ කොමිසමය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කිසිදු අදහසක් නොමැති බවද ජනපතිවරයා සඳහන් කර ඇත. එම බලය ඇත්තේද ඔහුටමය.

ජනපති කාර්යාලයේ අවසරය ලබාගැනීමකින් තොරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එවූ ලිපි මාධ්‍ය වෙත නිදහස් කර තිබීම සම්බන්ධයෙන් රජයේ නායකයෝ සිටියේ කෝපයට පත්වය. ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතාට චෝදනා කළේ දේශපාලන කටයුතුවල නිරතවනවාය කියමිනි.

“මැතිවරණ කොමිසම නින්දෙන් අවදිවෙලා වගේ මෙන්න කියනවා, කෝවිඞ්-19 අර්බුදයත් එක්ක රටේ දුප්පත් ජනතාවට සහනාධාර බෙදාදීමේ කටයුතුවලට දේශපාලඥයින්ට හවුල්වන්නට එපාය කියා. අපි කරමින් ඉන්නේ දේශපාලනය නොවෙයි. කොරෝනා වෛරස රෝගීන් අල්ලාගෙන දේශපාලනයක් කරන්න අපිට වුවමනාවක් නැහැ. පාලක පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ සාමාජිකයන් වේවා ඒ හැමකෙනාටම මේ කටයුතු කරන්න නායකත්වයක් වුවමනායි.”

“මේක නිලධාරීන්ට විතරක් තනිවම කරන්න පුලුවන් කාරියක් නොවෙයි. මේක දේශපාලමය හවුල්වීමක් කියා මැතිවරණ කොමිසම සිතනවා නම් මැතිවරණම කොමිසමම තමයි එහෙනම් ඖෂධ බෙදා හැරිය යුත්තේ.”

“අපි මේ කරමින් සිටින්නේ සමාජ වගකීමක් ඉෂ්ට කිරීමක්. පක්ෂ භේදයක් අපේ නැහැ. මැතිවරණ කොමිසම දේශපාලනය කරන එක නැවැත්තුවොත් හොඳයි. මැතිවරණ කොමිසමේ දේශපාලනය අපට තේරෙනවා. අපි ළමයි නොවෙයි. අපි දැක්කා පහුගිය රජය කාලයේ මැතිවරණ කොමිසම කටයුතු කළ හැටි සහ රජය වෙනස් වුනායින් පසුව ඔවුන් කටයුතු කළ හැටි. දේශපාලනය කරන එක නවත්වන්නය කියා ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියන්න කැමතියි”

වීරවංශගේ මෙම චෝදනාවට දේශප්‍රිය මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබිණ. වීරවංශ මහතා සෘජුව සදහන් කිරීමකින් තොරව එසේ ප්‍රතිචාර දක්වා තිබුණු ඔහු විශේෂයෙන් සදහන් කර තිබුණේ ඒ හා සමාන ස්වරයකින් සහ වාග් මාලාවකින් මැතිවරණ කොමිසමට එරෙහිව දක්වා තිබෙන අදහස්වලට පිළිතුරු දෙන්නට තමාට නොහැකි බවය. කෙසේවෙතත්, අගතියට පත්වූවන් වෙනුවෙන් සහන බෙදා දීමට දේශපාලඥයින් මැදිහත් විය නොයුතුය යැයි මැතිවරණ කොමිසම කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව දේශප්‍රිය මහතා අවධාරණය කර තිබිණ.

එය බරපතල චෝදනාවකි. එපමණක් නොව අසත්‍යයකි. කෙසේවෙතත් කොමිසම, සහන බෙදාහැරීමේ කටයුතු හරහා දේශපාලනමය වාසි සළසා ගැනීමට උත්සාහ නොකළ යුතුව ඇතැයි ප්‍රකාශ කළේ යැයි ඔහු කියා තිබිණ. එය මෙම ව්‍යසන සමයට පමණක් නොව අනෙක් සියලුම අවස්ථාවලට අදාළ වන්නකි.

කෝවිඞ්-19 මර්දන ව්‍යාපාරයට, ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළක්වාගැනීම, යන කාරණාවලට අමතරව ඉහළම අවධානයක් යොමුව තිබෙන්නේ ආර්ථිකයටය. ඇස්තමේන්තුගත අගයන් අනුව, විදේශයන්හි සේවය කරමින් සිට දැන් රැකියා අහිමිව තිබෙන ශ්‍රී ලංකා පුරවැසියන් 100,000 ක පමණ පිරිසක් සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.

විදෙස් රටවලින් පැමිණ සේවය කරන සේවකයින්ට නැවත සියරට බලා යන ලෙස කුවෙට් රාජ්‍යය දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර තිබේ. විදේශයන්හි සිට පැමිණ සේවය කරන සේවකයින් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සේවා යෝජකයින්ටම භාර කිරීමට වෙනත් බටහිර ආසියානු රටවල රජයන් පියවර ගෙන ඇත. මෙම තත්ත්වය යටතේ ජනපති ගෝඨාභය මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉතා වැදගත් උපදෙසක් නිකුත් කර තිබෙන අතර ඒ අනුව විධිමත් මාර්ගවලින් පමණක් නොව වෙනත් අවිධිමත් මාර්ගවලින් විදෙස්ගතව එම රටවල සේවය කරමින් සිටින ශ්‍රී ලංකා ජාතිකයන්ගේ ද සුභසාධනය සම්බන්ධයෙන් එම කාර්යාංශය මින් ඉදිරියට අවධානය යොමුකරනු ඇත.

අතරමංව සිටින තවත් කොටසක් වන්නේ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින, විශේෂයෙන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල, ශ්‍රී ලංකා ශිෂ්‍ය ප්‍රජාවය. බණ්ඩාරනායක ගුවන්තොටුපල වසාදැමීම හමුවේ ලොව විවිධ ගුවන්තොටුපලවල අතරමංව සිටින ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී, සාකච්ඡා විය. ඒ හා සමගම, සිය පවුල් සමග එක්ව එම සියලුදෙනා සමග නැවත මෙරටට පැමිණෙනු වස් වෙනත් රටවලට සංක්‍රමණයව ඇති ශ්‍රී ලංකා පුරවැසියන් විශාල පිරිසක් සිටීමද කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්විය. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පෞද්ගලික අංශයේ කර්මාන්තවල සේවකයින්ට මුල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණ.

විදේශයන්හි සේවය කරමින් සිට නැවත මෙරටට පැමිණීම හේතුවෙන් එවැනි පුද්ගලයින්ගේ පවුල් අපේක්ෂා දල්වාගෙන සිටි ආදායම තවදුරටත් ඔවුනට හිමි නොවන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. එපමණක් නොව ඔවුන් මෙරටට එවන විදේශ විනිමයද එතැනින් නතර වේ.

නැවත මෙරටට පැමිණීමේ වුවමනාවෙන් සිටින්නවුන්ට මුහුණදෙන්නට සිදුවන තවත් ගැටලුවක් වන්නේ ඔවුන් නිරෝධායනයට ලක්විය යුතුවීමේ අනිවාර්යය අවශ්‍යතාවයයි. දැනට පවතින නිරෝධායන මධ්‍යස්ථාන 47, නිරෝධායනයට යොමුකළ යුතුව තිබෙන පුද්ගලයින් ගණන සැළකීමේදී, ඒ සදහා ප්‍රමාණවත් නොවන බව පැවසෙන අතර නව මධ්‍යස්ථාන ඉදිකිරීම එයට විසඳුම ලෙස ගතහොත් එම මධ්‍යස්ථාන සදහා අනුයුක්ත කිරීමට තරම් වෛද්‍යවරුන් සහ වෙනත් වෛද්‍ය කාර්යමණ්ඩල පිරිස් නොමැති වීමේ ගැටලුවට මුහුණදීමටද රජයට සිදුවනු ඇත.

දැනට තිබෙන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 4000 කට පමණ පහසුකම් සැළසිය හැකි බව සදහන් වේ. දරුවන්ට පණිවුඩ යැවීමට වුවමනා වේ නම් ඒ සදහා විදේශ කටයුතු අමාත්‍යංශය හා සම්බන්ධ වන ලෙස විදේශගත සිසුන්ගේ දෙමාපියන්ට උපදෙස් දී ඇත.

මෙම තත්ත්වයන් යටතේ දිවයින පුරා පනවා තිබෙන ඇදිරි නීතිය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුවද පැවතීමට ඉඩ ඇත. ජනපතිවරයාගේ විශේෂ දූත සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේය.

“තම තමන්ගේම ආරක්ෂාව තකා මේ අලුත් අවුරුදු සමයේ දී, එකිනෙකා සමග නොගැවසෙන ලෙස අපි රටේ ජනතාවගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. කෝවිඞ්-19 ඉක්මනින්ම තුරන් කරගන්නට වුවමනා නම් (පවුලේ සාමාජිකයන් රැස්වන අවස්ථාවල පවා) එම ප්‍රමාණය හැකිතාක් අවම මට්ටමක පවත්වාගැනීමට වගබලා ගත යුතුයි. මේ අලුත් අවුරුදු සමයේ සියලුම අත්‍යාවශ්‍ය සේවා ඒ අයුරින්ම ක්‍රියාකාරීව පවතින බව සහතික කරන්නට අපි පියවර ගනිමින් සිටිනවා. හැකිතාක් ඉක්මනින් සියල්ල නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට තමයි අපි පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, ප්‍රමුඛත්වය දෙන්නේ. අප කටයුතු කළ යුතුව තිබෙන්නේ පවත්නා තත්ත්වය තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොදී රටේ නැවත සාමාන්‍ය තත්ත්වය තහවුරු කරන්නටයි”

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අගහරුවාදා ජනතාව ඇමතුවේය. එම අවස්ථාව දිවයිනේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශනය කැරිණ.

“අප ජීවත්වනවාද නැතහොත් මරණයට පත්වනවාද යන්න තීරණය වන්නේ කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමට ගන්න පියවර මත” යැයි අගමැතිවරයා පැවසුවේය. පැවති රජයට ඇඟට පතට නොදැනෙන අයුරින් ප්‍රහාරයක් එල්ල කළ ඔහු වත්මන් රජයට අයවැයක් සම්මත කරගැනීමට අවස්ථාවක් නොතිබුණු බව පැවසුවේය.

“මෙය ආගමේ හෝ ජාතියේ හෝ පරිදි සම්ප්‍රදායන් පිළිපදින්නට අවස්ථාවක් නොවෙයි. මෙය රට ගැන සිතිය යුතු වේලාවක්. මේ මිනීවළ මතින් පැනයන්නට හැකිවන්නේ, මනුෂ්‍ය වර්ගයා ලෙස සාමූහිකව සිතීමෙන් පමණක් බව අප මතක තබාගත යුතුයි”

වෛද්‍ය වෘත්තිකයන්ගෙන් පසු කෝවිඞ්-19 මර්දනය කිරීමේ කටයුතුවලට ආරක්ෂක අංශ සහ පොලිසිය ලබාදෙමින් සිටින්නේ මහඟු සහයෝගයකි. හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඒකකය ආසාදිතයින් හඳුනාගැනීම, ඔවුන්ගේ සංචරනය සහ ඔවුන් හා ගැවසී ඇති පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතුවල නිතරව සිටී. මේ අරබයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව කටයුතු කරති.

වර්තමානයේ පවත්නා තත්ත්වය දිගටම පැවතුනතොත් සහ කෝවිඞ්-19 ආසාදිතයින් වාර්තාවීමේ ක්ෂණික ඉහළයෑමක් සිදුනොවුනහොත්, මැතිවරණය පැවැත්වීම සහ ඉන් ඔබ්බට යන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකිවන පරිදි රටේ නැවත සාමාන්‍ය වාතාවරණයක් ඇතිවේයැයි සිතිය හැකිය. ගැටලුව වන්නේ එම වාතාවරණය කොපමණ නම් කාලයක් පවතිනු ඇති ද? යන්නය.

කෙසේ වෙතත් මේ අසීරු කාලය ගෙවාදැමීමට හැකි සෑම අයුරකින් වෙහෙස වන, කෝවිඞ්-19 වසංගතය මහා පරිමානයෙන් පැතිරීමට ඉඩ නොදී මේ දක්වාම එම ඉඩකඩ අවුරාගෙන සිටින, සියලුදෙනාට ජාතියේ කෘතවේදීත්වය හිමිය. ඔව්හු ජාතික වීරයෝම වෙති.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි

පරිවර්තනය : කෝවිද ගුණසේකර

 

 



අදහස් (17)

ව්‍යවස්ථා අර්බුදයේත් ආර්ථික අර්බුදයේත් දෙකොණ විලක්කුව

bandara Wednesday, 15 April 2020 11:14 AM

ජනාධිපතිගෙ ලියුම දැකලා කමිෂන් එකට ඇදෙන්න ඇති...!!!

:       7       38

නිමල් Wednesday, 15 April 2020 02:40 PM

ලෝක ආර්ථික අර්බුදය හමුවේ දේශීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති කියා සිටියත් එම ක්‍රමවේදය කුමක්ද කියා මෙතෙක් ප්‍රකාශ කොට නැත. වර්තමාන රජයේ කිසිදු නායකයකුට ආර්ථිකය පිළිබද දැනුමක් නොමැත. විශේෂ දූතයා වැනි පුද්ගලයන් රටේ ආර්ථිකය කළමනාකරණය කළ යුගයක් පවා තිබිණි.

:       5       18

deThursday, 16 April 2020 09:23 AM

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ කරලා තියෙන්නේ... ඒවා ක‍්‍රියාත්මක කරන්න මාස 3න් බැහැ. හරියට ගිය ආණ්ඩුව මහ බැංකුව හොරකම් කළා වගේ...

:       0       1

vinivida Wednesday, 15 April 2020 05:45 PM

ගෝලීය ආර්ථිකයේ පසුබෑම හමුවේ ලංකාව මුහුණ දෙමින් තිබෙන්නා වූ ආර්ථික අර්බුදයට රජය ගෙන ඇති වැඩපිළිවෙල පිලිබදව රටේ ආර්ථිකයට වගකිව යුතුම පුද්ගලයා වන " CENTRAL BANK GOVERNOR " රටේ ජනතාව, දේශපාලන පක්ෂ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ කුඩා ව්‍යාපාරිකයන් මාධ්‍ය මගින් දැනුවත් කිරීමක් නොකරන්නේ වගකිවයුතු නිලධාරීන්ට කිසියම් වූ විසදුමක් නොමති නිසාද? නොඑසේ නම් රජයේ නායකයන් විසින් ඔවුනට එසේ නොකිරීමට උපදෙස් දී ඇති නිසාද කියා ජනතාව විමසා සිටි. සිල්ලර දේශපාලකයන් යොදවා ජනතාව මුලාකිරීමට ක්‍රියා කිරීමට රජයට හැකියාවක් නොමැත. දිනපතා රටේ උග්‍ර වෙමින් පවතින ආර්ථික අපහසු කම් හමුවේ ජනතව මේ වනවිට කබලින් ලිපට වැටි තිබේ. මෙවැනි ආර්ථික අර්බුද හමුවේ රට නගා සිටුවිය හැකි සහ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය හැකි නායකයන්ගේ නිවැරදි සෘජු නායකත්වය සොයා ජනතාව ඔවුන් වටා එක්වීම වැලැක්විය නොහැක. ජනතාවගේ අවදිවීමට නායකත්වය දීමට දැනට නිහඩව සිටින දීර්ග කාලින දේශපාලන අත්දැකීම් සහිත පළපුරුදු නායකයන් මුලිකත්වය ගැනීම ඔවුන්ගේ යුතුකමකි. ව්‍යවස්ථා අර්බුදයත් සහ ආර්ථික අර්බුදයත් හමුවේ විසදුම් ලබාදීමට වර්තමාන රජය මේවනවිට අපොහොසත්ව ඇත .

:       38       215

DarknessFriday, 17 April 2020 05:52 AM

''දැනට නිහඩව සිටින දීර්ග කාලින දේශපාලන අත්දැකීම් සහිත පළපුරුදු නායකයන්" කවුද අප්පා මේ ? අපි නොදන්න අයද ? ඇයි එච්චර අත්දැකීම් තියෙනවා නං ඇයි මෙච්චර කල් නිහඬව හිටියේ ?

:       0       1

nihaal Sunday, 19 April 2020 02:12 AM

මේ මනුස්සයා අදුරේ අතපතගාන කෙනෙක් බව ඔහුගේ නමේම සදහන් වේ.

:       0       0

Oshan Wednesday, 15 April 2020 11:16 AM

ආන්ඩුව මැතිවරන කොමිසම මගින් කෙසේ හෝ චන්දය තියන්න බලන්නෙ.... හදිසියේ මැතිවරන සමයේදි වෛරසය ව්‍යාප්ත වුනොත් එහි වරද මැතිවරන කොමිසම මත පටවා ආන්ඩුව බේරෙන්න ගහන ගැටයක් මේක... අපේ මිනිස්සු මේ අයගෙ ගැටවලට නිකම්ම අහු වෙනවා.

:       383       626

isuru Wednesday, 15 April 2020 12:52 PM

දෙකොන විලක්කුව කෙසේවෙතත් රාජපක්ෂලාගේ මඩිය තරවේ...

:       192       487

kamil Wednesday, 15 April 2020 12:58 PM

ව්‍යවස්ථා අර්බුදය රාජපක්ෂ පවුලේ මඩිස්සලය...

:       145       415

de Wednesday, 15 April 2020 01:09 PM

කමිෂන් එක ඔය කළින් නොකියා කියන්නේ පාර්ලිමෙන්තුව කැදවන්න කියන්නෙත් එහෙමද? එතකොට චන්දය ඉබෙම කැන්සල් වෙනවා...

:       8       10

KAK,Perera Wednesday, 15 April 2020 01:22 PM

මෙතිවරණ කොමසාරිස්ට තම වගකීම ඉටුකළ නොහැකිනම් එය ඉටුකිරීමට හැකි අයකුට බාරකිරීමට අවස්ථාව පැහැර නොහැර ඉල්ලා අස්වීම යුතුකමයි. ඒ සදහා සුදුසුකම් ලත් අය ලංකාවේ එමට සිටී.

:       161       2

anton Wednesday, 15 April 2020 01:31 PM

ආණ්ඩුව හදන්නේ මැකෝ ලව්වා මැතිවරණය පවත්වාගන්න. මේ වෙලාවේ මොන බුරුවාද මැතිවරණ තියනවාට කැමති ? තවම රෝග පාලනයක් නැහැ. රෝගීන් හමුවෙනවා. දවස ගානේ මැකෝ කියනවා එයාට සහතිකයක් දෙන්න වසංගත රෝග පිලිබඳ විශේෂග්ඳයෙක්ගෙන් කියලා. ඒ එක්කම රාජ්‍ය සේවකයන්ට මැතිවරණ රාජකාරි සදහා පැමිණෙන බවට අදවනතුරු පිළිතුරක් නෑ.

:       1       40

Buddhika P Wednesday, 15 April 2020 03:22 PM

ලංකාව මුහුණ දෙන මුලික ප්‍රශ්න තුනක් ඇති වෙනවා කොරෝනා අර්බුදය ඇතුළේ. ප්‍රධානම දේ උද්ධමනය හා විරැකියාව. දෙක දේපල වෙළඳාම හා ගෘහාශ්‍රිත නිවාස / වාහන ආයෝජන නවතිනවා. බැංකු / මුල්‍ය ක්ෂේත්‍රයේ වන ප්‍රාමාණික හැකිලීම. විදේශ රැකියා ප්‍රේරණ නතර වෙන මට්ටමට වැටෙනවා. තේ අපනයන සැලකිය යුතු ලෙස කඩා වැටෙන්නේ නෑ. සිදුවිය යුතුම ලෙස, ඉඩම් කැබලි කරන, රටේ ඉඩම් මිල කෘතීමව ඉහළ දමා මිනිසුන් සූරා කෑ, ඉඩම් මුදලාලිලාගේ ව්‍යාපාර පිරිහෙන්න පටන් ගන්නවා. මේ රටේ ප්‍රාග්ධන උද්ධමනය විශාල වශයෙන් ඇතිකළේ මේ කොටස. මේ රටේ ඉඩම් මිල 1990 මිල ගණන් වලට බහිනවා. රට වටේ තියෙන 1200 විතර වන, කාර් සේල් වාහන වෙළඳපොලක් ඉතිරි වෙන්නේ නෑ. ඉතා දැඩි සාර්ව හා ශුද්‍ර මුල්‍ය විනයක් මුළු රටටම තියා ගන්න වෙනවා. දේශපාලුවන්ගේ හොරා කෑම 0% බස්සන්න වෙනවා ජනාධිපතිතුමාට.....මුලින්ම රටේ කෘෂිකාර්මික කඩා වැටීමක් නොවී තියා ගන්න රජයට වෙනවා. ගොවීන්ට ඉතාම ලංව / ලැදිව කටයුතු කිරීමට. ඉදිරි දශකය පුරාම දේශීයත්වය මුල් කරගත් ආර්ථික රාමුවක් හදා ගන්න වෙනවාඅපනයන හා කෘෂි ආශ්‍රිතව......මතක තියා ගත යුතුම දේ තමයි චීනය හා ඉන්දියාව එකසේ පාලනය කරන බව...

:       0       576

Jayampathi Thursday, 16 April 2020 01:37 AM

මේ ලැබුවාවූ මහා ආධාර ධන නිධානය මත වාඩිවී සෙමෙන් සෙමෙන් ඵහි මුදල් සියල්ල සොරාකමින් ඇමෙරිකාවේ ස්වකීය රාජධානිය කරා යාමට ඇඟිලි ගනිමින් සාටකය පොරවා රංගනයක යෙදෙන චෞර චක්‍රවර්තින්ට පොදුජන උපහාරය.

:       1       86

bandara Thursday, 16 April 2020 01:46 AM

ඔබ කියන ආකාරයට සෑම රටක්ම අර්බුදයට මුහුණ දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව වැනි රටවල් තව තවත් පහළට වැටී ඇත. මේ අවස්ථාවේ කළ යුත්තේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමයි. ජනාධිපතිතුමා ප්‍රමුඛව එය සාර්ථකව කරමින් සිටින බව පෙනී යනවා. ආර්ථිකය හදන්න දිගුකාලීන ප්‍රතිපත්තියක් ඕනේ. එය මාස තුනෙන් හතරෙන් කළ හැක්කක් නොවේ.පහුගිය අවුරුදු 5 ආර්ථිකය වැටුනු බව මහ බැංකුව කියනවා. එහි බලපෑමත් මේ වන විට ආර්ථිකය තව දුර්වල කරනවා.

:       0       57

Hewaa Thursday, 16 April 2020 06:11 AM

ආණ්ඩුව මැතිවරණ කොමිසම මගින් කෙසේ හෝ චන්දය තියන්න බලන්නේ. හදිසියේ මැතිවරණ සමයේදි වෛරසය ව්‍යාප්ත වුනොත් එහි වරද මැතිවරණ කොමිසම මත පටවා....... " මෙවන් දෙයක් මෙම අවස්ථාවේ වෙන්න අමාරු දෙයක්. මෙය සාමාන්‍ය දේශපාලුවන් මුහුණ දුන් තත්වයක් නොවේ. චන්දයක් බලෙන් තිබ්බොත් අවාසි රාජපක්ෂටම බව පැහැදිලිය.මන්ද සාමාන්‍ය ගමේ මිනිසුන් අපටත් දැන් අමාරු අඩියක් මෙය. තවත් චන්ද ගුණ්ඩු වියදම් අපිටත් දරා ගත බැරිය.

:       5       60

thush Thursday, 16 April 2020 06:16 AM

මේක කළොත් ආණ්ඩුව අන්ත පරාජය වෙනවා. මෙවැනි අමන වැඩක් කර මැතිවරණ බලෙන් තැබීම අවාසි බව ජනපති නොදන්නවා නොවේ.

:       2       101

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2318 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1211 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2832 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 984 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 774 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 969 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site