(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයන දුල සෙන්දනායක)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා ආසාදිත නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව පී.සි.ආර් පරීක්ෂණයෙන් අද (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.
බිරිඳගේ යෙහෙළිය ද හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවේ හෙදියක් බවද ඇය යාල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ගීගනගේ මහතා කීය.
පසුගිය මස 30 වැනි දින බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන එම නිළධාරිවරයා නිවසට පැමිණීමෙන් අනතුරුව 3 වෙනි දින ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට දින තුනකට පසු 6 වෙනි දින ඔහුට කොරෝනා වසන්ගතය ආසාදිත වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු විය.
මේ තත්ත්වයත් සමග එදින සිට හොරණ මූලික රෝහලේ අංක 5 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබිණි.
බ්‍රැන්ඩික්ස් නිලධාරීවරයාගේ සමීපතමයන්ට සිදුකළ පි.සී.ආර් පරීක්ෂණ වලින් අනතුරුව මේ බව අනාවරණය වූ බවත් මේ වන විට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වසංගත රෝගීන් සිව්දෙනෙකු හා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයන් එක් රෝගියෙක්ද වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරණින් තවත් පුංචි පොකුරක්
Mahesh Thursday, 08 October 2020 05:08 PM
දින කීපයකට හෝ ඇදිරිනීතිය දමා තත්වය පාලනය කරන්න. නැත්නම් මේක රට වටේම පැතිරෙනවා දන්නෙම නැතුව.
Perera Thursday, 08 October 2020 06:27 PM
දැන්නම් අපි හොඳටම පරිසම් වියයුතුයි.
සමීර Friday, 09 October 2020 02:04 AM
රටවටෙන්ම පොකුරු මතුවුනත් සර් තවමත් නිහඩයි. සර් පැනික් වෙලා නැද්ද නැත්නම් ඡන්දෙ තියලා ඉවර හින්දද දන්නෙ නෑ.
rana Friday, 09 October 2020 04:13 AM
දැන් සර්ට, රටට සහ ජනතාවට අවංකකම පෙන්වන්න කදිම අවස්ථාව, වැරදිකරුවන් සොයා නියම පරිදි අච්චු කරලා ජනතාවට, එක රටක්, එක නීතියක් සංකල්පය තහවුරු කරන්න.
siri Friday, 09 October 2020 08:07 AM
20 දිනන එක ගැන හිතනවා මිස කොරෝනා ගැන හිතන්න සමහරුන්ට වෙලාවක් නැතිව ඇති. එයාලට හැදුණොත් සිංගප්පූරුවට හරි, ඇමෙරිකාවට හරි යන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවද මන්දා..
sampath Friday, 09 October 2020 09:32 AM
කොරෝනා එන එන පාරට රට වහන එක ප්‍රායෝගික නැහැ. හැමෝම කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. කැමැති වුණත් නැතත් අන්තිමේ වෙන්නේ ඒකයි.